Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-551-688-4 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මහ බැද්දේ සුදු වැද්දා
රු500.00
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
පාඨකයාගේ සිත තුළ
සන්ත්රාසය, කුතුහලය මෙන්ම
සතුට හා ශෝකය ද දනවන
අපූරු සිදුවීම් රැසකින් පිරුණු
මෙම රසබර වෘතාන්තයේ වනසතුන්
හා වැද්දන් ගැන එන විස්තර
අතිශයින්ම චමත්කාරජනකය
වනාන්තරයේ ගහ කොළවල
අතුපතර සෙලවෙන රිද්මය
පමණක් නොව සතා සිව්පාවුන්ගේ
හඬ පවා මෙහි පිටු ආතරින්
අප දෙසවනට ඇසේ.
ශ්‍රී ලංකාවේ වනගත ජිවීතය හා
ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක්
ඉතාමත් ළගන්නා සුළු අයුරින්
ප්‍රතිනිර්මාණය වී ඇති
“මහ බැද්දේ සුදු වැද්දා” නම් වූ
යොවුන් නවකතාව පාඨකයාව අමුතුම
චමත්කාරජනක ලොවකට
කැන්දාගෙන යයි.
Notify me when item is back in stock.
Be the first to review “මහ බැද්දේ සුදු වැද්දා” Cancel reply
Related Products
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
මූ නං මහ…
|
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
හඩ නිහඩ
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
දොර දොර කළුවර
|
There are no reviews yet.