Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-00-0474-9 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "අ.පො.ස (උසස් පෙළ) කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය" to the cart because the product is out of stock.
කුරුගහ මණ්ඩිය
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
පරිසර සංරක්ෂණය, පරිසර දුෂණය, පරිසර ගවේෂණය, පරිසර කළමනාකරණය මෙන්ම දුරාතීතේ පටන් මෙරට ජන ජීවිතය හා බැදුණු පාරිසරික වටිනාකම් ද තෙවසරකට අධික කාලයක් පුරා රිවිර හරහා කූරගහ මණ්ඩිය ඔස්සේ ගලා බැස්සේය. ඒ අතුරින් තෝරාගත් විශේෂිත තීරු ලිපි එකතුවක් මෙසේ දොරට වඩිනුයේ මෙරට පාරිසරික ප්රවෘත්ති කලාව නව මංපෙතකට යොමුකරමිනි.
Be the first to review “කුරුගහ මණ්ඩිය” Cancel reply
Related Products
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාව විසඳුන් ගැටලු
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාව
- රසායනික සමතුලිතතාව
- අයනික සමතුලිතතා (සමජාතීය)
- අයනික සමතුලිතතා (විසමජාතීය)
- කලාප සමතුලිතතා (ද්‍රව / වාෂ්ප)
- ද්‍රව/වායු සමතුලිතතා
කරුනෙ
“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි
මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ……….
අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක්
ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ
කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ….
අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන
හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට
පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට
යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ….
ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින
මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි
කවුරුහරි කියා දෙන්ට හිටියනං
බුදු හාමුදුරුවන්ට මේ කපේදි
බුදු වෙන්ටත් බෑ…”
මිටියාවත
කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවත නැවතත් සිතන්නට යොමු කරමිනි.
විද්‍යුත් රසායනය වර්ග කළ බහුවරණ
මෙය විද්‍යුත් රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.
ඔබ විද්‍යුත් රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.
අ.පො.ස (උසස් පෙළ) කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය
අ.පො.ස (උසස් පෙළ) – රසායන විද්‍යාව – නව නිර්දේංශයට අයත් ‘කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය’ යන ඒකකයට අදාළ වන පරිදි මෙම කෘතිය සකසා ඇත.ඉහත ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතෙන් ආවර්ණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.
සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ
සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ ඉවසීමේ ගුණය වඩාත් ඉහළින් තිබුණු උත්තමයෙකි. එම ගුණ භික්ෂුවකට පරම හෙවත් උතුම් ම ගුණය වෙයි. “බන්ති පරමං තපෝ තිතික්ඛා” යනුවෙන් දැක්වෙන්නේ එය යි. ඒ නිසා මේ චරිතය ඉතා ආදර්ශවත් ය.
කුඹලා මැටි පදම්කළ හැටි
ෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත
තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි
කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං
ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක්
රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක්
ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං.
මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ
හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල
තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර
ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං
ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල
පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක
තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ
තමයි
හෑල්ල
ස්වාධීන පත්‍ර සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත් පත්හි කුවරයාව සිටි ඬේවිඞ් කරුණාරත්නයන් එකී පුවත් පත් සඳහා ලියූ ‘හෑල්ල’ තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි.
BUY EBOOK VERSIONසුදු සෙවණැලි
“සුදු සෙවණැලි” නවකතාවට පසුබිම් වී ඇත්තේ එක්දහස් අටසිය හතලිස් අටේ මාතලෙන් පටන් ගත් ජාතික විමුක්ති අරගලයයි. එය අවසන් වූයේ පරාජයෙනි. ඉන් පසු ඉංග්‍රීසි ආධිපත්‍ය පූර්ණ ලෙස මෙරටෙහි ස්ථාපිත විය. ඔවුන්ගේ අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය හා අධ්‍යාපනය විසින් මෙරට ජන ජීවිතය ශීඝ්‍ර පරිවර්තනයකට අසුකර ගනු ලැබිණ. “සුදු සෙවණැලි” වලින් කියවෙන්නේ එයයි.
රදළ පිළිරුව
සිංහල නවකතාව කලාත්මක නව මඟකට යොමු කළ ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු ලෙස ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන් හැඳින්වීම නිවැරදිය. සිංහල සිනමා සිත්තමට ද ඔහුගේ කැලෑ හඳ, හිඟන කොල්ලා, දෛවයෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි. කතුවරයෙකුගේ “රදළ පිළිරුව” නව කතාව තුලින් සහ එතුමා සිය නවකතාවලින් කාන්තාව ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීම. එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුව ම අද අපට අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙළන දෘෂ්ටිකෝණය අන් කවරදාටත් වඩා ඉතා අනාදරණීය වී ඇති බැවිනි.
සිංහල නර්තන කලාව
මෙම කෘතිය වු කලී උඩරට.පහතරට සබරගමු නර්තන සම්ප්රදායයන් හා නර්තන කලා ඉතිහාසය පෙරහර සංස්කෘතිය, නළු ඇඳුම් පැලඳුම් වන්නම් ආදි වු නර්තනයේ විවිධ ක්ෂේත්‍ර ආවර්ණය වන පරිදි රචනා කරන ලද ප්රශස්ත කෘතියකි.
ජුලිහත
සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලවත්තේ ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.
There are no reviews yet.