Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-00-0474-9 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
කුරුගහ මණ්ඩිය
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
පරිසර සංරක්ෂණය, පරිසර දුෂණය, පරිසර ගවේෂණය, පරිසර කළමනාකරණය මෙන්ම දුරාතීතේ පටන් මෙරට ජන ජීවිතය හා බැදුණු පාරිසරික වටිනාකම් ද තෙවසරකට අධික කාලයක් පුරා රිවිර හරහා කූරගහ මණ්ඩිය ඔස්සේ ගලා බැස්සේය. ඒ අතුරින් තෝරාගත් විශේෂිත තීරු ලිපි එකතුවක් මෙසේ දොරට වඩිනුයේ මෙරට පාරිසරික ප්රවෘත්ති කලාව නව මංපෙතකට යොමුකරමිනි.
Be the first to review “කුරුගහ මණ්ඩිය” Cancel reply
Related Products
ජුලිහත
සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලවත්තේ ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.
හෑල්ල
ස්වාධීන පත්‍ර සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත් පත්හි කුවරයාව සිටි ඬේවිඞ් කරුණාරත්නයන් එකී පුවත් පත් සඳහා ලියූ ‘හෑල්ල’ තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි.
BUY EBOOK VERSIONචාලක රසායනය
චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.
තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ.
අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.
විද්‍යුත් රසායනය
විද්‍යුත් රසායනය යනු භෞතික රසායන විද්‍යාවේ
තවත් එක් වැද්‍යගත් අධ්‍යන ක්ෂේත්රයකි. මෙහිදී
කිසියම් ඉලෙක්ට්‍රෝන සන්නායකයක මුහුණත හා
අයන සන්නායකයක් අතර සිදු වන රසායනික
ප්‍රතික්‍රියා පිළිබඳව අධ්‍යනය කරයි. මෙම පරිච්චේද්‍ය
තුලින් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ
විභාගයට අදාලව ඇති විද්‍යුත් රසායනය විෂයේ
මුලික හරයන් පැහැදිලි කරවයි.
විද්‍යුත් රසායනය වර්ග කළ බහුවරණ
මෙය විද්‍යුත් රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.
ඔබ විද්‍යුත් රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.
සුදු සෙවණැලි
“සුදු සෙවණැලි” නවකතාවට පසුබිම් වී ඇත්තේ එක්දහස් අටසිය හතලිස් අටේ මාතලෙන් පටන් ගත් ජාතික විමුක්ති අරගලයයි. එය අවසන් වූයේ පරාජයෙනි. ඉන් පසු ඉංග්‍රීසි ආධිපත්‍ය පූර්ණ ලෙස මෙරටෙහි ස්ථාපිත විය. ඔවුන්ගේ අර්ථ ක්‍රමය, පාලන ක්‍රමය හා අධ්‍යාපනය විසින් මෙරට ජන ජීවිතය ශීඝ්‍ර පරිවර්තනයකට අසුකර ගනු ලැබිණ. “සුදු සෙවණැලි” වලින් කියවෙන්නේ එයයි.
අකාල අහස
“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”
ඔසඳ
“ගඟ සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”
කාසිම්
චාලක රසායනය, වර්ග කළ බහුවරණ ප්‍රශ්න
මෙය චාලක රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.
ඔබ චාලක රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.
මිටියාවත
කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවත නැවතත් සිතන්නට යොමු කරමිනි.
රදළ පිළිරුව
සිංහල නවකතාව කලාත්මක නව මඟකට යොමු කළ ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු ලෙස ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන් හැඳින්වීම නිවැරදිය. සිංහල සිනමා සිත්තමට ද ඔහුගේ කැලෑ හඳ, හිඟන කොල්ලා, දෛවයෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි. කතුවරයෙකුගේ “රදළ පිළිරුව” නව කතාව තුලින් සහ එතුමා සිය නවකතාවලින් කාන්තාව ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීම. එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුව ම අද අපට අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙළන දෘෂ්ටිකෝණය අන් කවරදාටත් වඩා ඉතා අනාදරණීය වී ඇති බැවිනි.
පහනක අඳුර
මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ
දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා
අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද
දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය
අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක්
ලෙසිනි.
අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල්
නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම
මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව
ප්‍රහසනය නිමවයි.
සමාජ-දහවල එළිය කළ ප්රබුද්ධත්වයේ සූර්යයා ද,
සමාජ-රාත්‍රිය පහන් කළ ප්රබුද්ධත්වයේ පහත් ද නිවී යයි.
පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ
ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට
කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට
රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය
තුළ කියැවේ.
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව වර්ග කළ බහුවරණ ප්‍රශ්න සමතුලිතතාව
- රසායනික පද්ධති හා සමතුලිතතාව
- අයනික සමතුලිතතා (සමජාතීය)
- අයනික සමතුලිතතා (විෂමජාතීය)
- කලාප සමතුලිතතා (සමජාතීය)
- කලාප සමතුලිතතා (විෂමජාතීය) – ද්‍රව/වාෂ්ප
- කලාප සමතුලිතතා (විෂමජාතීය) – ද්‍රව/වායු
There are no reviews yet.