Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-0371-45-7 |
Language | Sinhala |
Pages | 280 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ගීසර හීසර
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
ගතානුගතික සාම්ප්‍රදායික රසඥතාවයකින් යුත් මධ්‍යම පාංතික පවුලක දැරියක් වන ඇයගේ දඟකාර සොහොයුරා ඇගේ කැමැත්තකින් තොරව ඇයගේ නම හා ජායාරූපය දමමින් ජෝ නමැති සුපිරි ගායකයාගේ තරගයකට එක්වෙයි. ඔහු එයින් පළමුවැන්නාට එද්දී ඇයට සිදුවන්නේ තරගයේ ජයග්‍රහණය වන ගායකයා සමග එක් දිනක සංචාරයකට එක්වෙන්නටය.
එහිදි ඇයගේ සිතේ ඔහු කෙරෙහි ඇතිවන ආදරය ඇය සඟවා ගත්තද, ජෝගේ සිත ද ඇය කෙරෙහි බැඳෙන්නට වන්නේ ඔහුට ද රහසිනි…
Notify me when item is back in stock.
Be the first to review “ගීසර හීසර” Cancel reply
Related Products
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
රෙබෙකා
|
අන්තිම දුම්රිය
|
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
මූ නං මහ…
|
රාග ගිනි
|
Recently Viewed
පැහැරගැනීම
ස්කොට්ලන්ත ජාතික නවකතාකරුවකු වූ ආර්. එල්. ස්ටීවන්සන් (රොබට් ලුවී ස්ටීවන්සන්) විසින් ලියන ලද ඓතිහාසික සහ වික්‍රමාන්විත නවකතාවක් වූ Kidnapped හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි. 18 වැනි සියවසේ ස්කොට්ලන්ත සමාජයේ සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් මෙම නවකතාව රචනා වී ඇත. කතාව ගෙතී ඇත්තේ උත්තම පුරුෂ රීතියට වන අතර ප්‍රධාන චරිතය වන ඬේවිඞ් මුහුණ දුන් අත්දැකීම් මෙහි සඳහන් කරයි. සිය මාමා විසින් ඔහුව පැහැර ගන්නා ආකාරය, හුදෙකලා දූපතක තනිව කාලය ගත කළ ආකාරය සිත් අදගන්නා අයුරින් විස්තර කෙරෙන අතර මෙහි එන චරිත බොහොමයක් සමකාලීන ස්කොට් සමාජයේ සිටි සැබෑ පුද්ගලයන්ම වීම විශේෂත්වයකි. මෙම කෘතියෙහි අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘ළමා කොල්ලය’ නමින් ගුණසේන කෘතියක් ලෙසින් ප්‍රකාශයට පත්ව තිබේ.
BUY EBOOK VERSIONකවි වරම
පෙති හැලිලා හැදුණු මල් පාවඩ මතින් වැව පාර දිගේ කවි පද බඳිමින් ඇවිද ගිය,රන්සිරිනිගේ හොඳම යාළුවා වුණු, තේරුමවත් හරියට දන්නෙ නැතුව කාන්තා විමුක්තිය හොයපු,කස්සපගේ පාදපරිචාරිකාව වුණු, අධ්‍යානාටත්, පාරින්ධ්‍යාටත් අම්මා වුණු,තමන්ට තමන්වත් නැති වුණු බව නොදැන සිටි ඇය, අරුන්දතී දොඩම්කුඹුර…ඉතින්, ඇයට ඇයව හමු වේවිද?
ඔබව තාම මට ද හිමි
ගගුලි පසු ගිය කාලසීමාවේ මුහුණ දුන් ගැටලු මෙන්ම වෙනුර වෙනත් කාන්තාවන් සමග ගොඩනගා ගත් සබදතා පිළිබඳව විහඟි රවිඳු හා පැවසූ සියලු දේ ඔහු ඉමාන්ට පැවසුවේ ඉතා කෙටියෙනි. ඉමාන් ඒ සියල්ල අසා සිටියේ කම්පා වූ සිතෙනි.
10 ශ්‍රේණිය චිත්‍ර කලාව ආදර්ශ ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
ළමා මනාලියකගේ කඳුළු කතාව
සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.
E-World Revised Edition 7
e-world is a computer science series based on the feedback received from users across the country. This series is meant for Classes 1 to 8. It is a humble effort to provide comprehensive learning and understanding of basic concepts and applications of computers. A conscious attempt has been made to teach the computer concepts in a student-friendly manner. The language of the books is simple and conversational. Topics have been introduced as conversations to hold the interest of the students.
මගේ පවුලයි අනික් සත්තුයි
ජෙරී නිවස තුළට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්’ විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය “සුරතලුන්” ය මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස්‍යජනකය. තවද කුඩා ජෙරී පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා.
රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම
මෙහි දී අපගේ විමසුම් ඇස නාභිගත වන ප්රශ්නාර්ථිකය වන්නේ නූතන රෝමාන්තික ප්‍රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දේ, යලි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයි ද යන්න යි. ප්‍රේමයේ මෙම ගතිකය Falling in love ලෙස හඳුන්වන ප්‍රේමය තුළට ඇදවැටීම යන්නට පටහැණි වෙයි. ඉහත කෘති සමස්තය සියුම් ලෙස සහ අන්තර් – පඨිතමය ලෙස කියවමින් ප්‍රේමය තුළට ඇද නොවැටෙන නූතන ලාංකේය ප්‍රේමයේ දුරවබෝධ ගතිකයන් සොයා යාමට මෙහි දී අප උත්සාහ කරමු. මේ කියවීම තුළ න්යයයික සංකල්පවලට අනුව ආඛ්‍යාන රාමුගත කිරීම වෙනුවට අප සිදු කිරීමට උත්සාහ ඇත්තේ ආඛ්‍යාන තුළ පුනරාවර්තනය වන සාධක ඔස්සේ සංකල්පීය ප්‍රවර්ග නිර්මාණය කර ගැනීමයි. එම සංකල්පීය ප්‍රවර්ග යම් යම් න්‍යායයික සංකල්ප සමඟ සමාන්තර වන අවස්ථාවන් හි දී වූවත් අප එම සංකල්ප සමඟ මෙම ප්‍රවර්ග අනන්‍ය කරන්නට උත්සාහ කර නැත. මෙම කෘතිය ලාංකේය සාහිත්‍ය කියවීමේ භාවිතයන්ට සේම ප්‍රේමය පිළිබඳ සංකල්පගත කිරීමට ද යම් එකතු කිරීමක් සිදු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
හත් පණ
හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස ‘හත් පණ‘ හැඳින්විය හැකිය. මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.
BUY EBOOK VERSIONRead It Yourself with Ladybird Level 1 : The Tale of Peter Rabbit
The Tale of Peter Rabbit is a Level 1 Read it yourself title, suitable for very early readers who have had some initial reading instruction and are ready to take their first steps in reading real stories. Each story is told very simply, using a small number of frequently repeated words.
උතුරු දොරටුව
උතුරු දොරටුව
මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවයකි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය. “මේ කොයි වෙලාවද අපූ?” ” තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා. “ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය. “අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?” “මොකක්ද අක්කේ?” අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය. “මට දවසක කෝච්චිය පෙන්නනවද ?”
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
සිතිවිලි සියය
හැම මිනිසාටම සිව්පසය හෙවත් කෑම බීම, ඇඳුම් පැළඳුම්, නිවාස සහ ලෙඩට බේත් හේත් අවශ්‍ය ය. එහෙත් එපමණකින්ම ජීවිතය අංග සම්පූර්ණ යැයි සිතීම මුලාවකි. ජීවිතයට සරු උපදෙස් මේ සිතිවිලි සියය කාතියෙන් ලබා ගත හැකි ය.
There are no reviews yet.