Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-383-6 |
Language | Sinhala |
Pages | 132 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දයාබර තාත්තාට
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්‍රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම – ඉගැන්වීම – විවාහ කරදීම – විවාහය – පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.
Be the first to review “දයාබර තාත්තාට” Cancel reply
Related Products
මිනිස් මනසේ මහිමය
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින් ද යත්, දරුවා මිනිසාගේ ද සමාජයේ ද නිර්මාපකයා වන බැවිනි.
දරුවා සහජයෙන්ම උරුම කර ගෙන ඇති අතිමහත් හැකියා සම්භාරය, නව ලොවක් නිර්මාණය සඳහා උදව් වන පරිදි, පෙර පාසල් වියේ දී උන්නතියට පත් කරනු වස් සහාය විය හැකි අන්දම මෙහි පැහැදිලි කෙරේ.
ගෙදර යන අතරමග
1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ,ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිසව අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දුවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.
වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය. මේ ඈ ලියූ දින සටහන් පෙළයි.
ආදරණීය ගුරුභවතුනි
දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන වැදගත්ම ස්ථානය පාසලයි. සැබැවින්ම පාසලක් උතුම් තැනකි. පාසලක සිටින්නේ දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් සහ දැනුමෙන්, කුසලතාවලින් සහ ආකල්පවලින් ටිකෙන් ටික වඩා වර්ධනය කළ යුතු දරුවන්ය. පාසලක සිටින වැඩිහිටියන් හා පාසලක සිටින දරුවන් සතුටින් මෙන්ම ප්‍රීතියෙන් සිටීම අවශ්‍ය වේ. මේ දෙපිරිසට සතුටින් සහ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අත්‍යාවශ්‍ය වන්නේ අවබෝධයයි. ඒ අවබෝධ සාධනීය අන්දමින් ඇති කර ගැනීමට කල්පනා කළ යුත්තේ ගුරු භවතුන්ය.
හෙට අලුත් ජීවිතයක්
සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.
මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.
චූටි කුමාරයා
හිටපු ගමන්ම මොකක් හරි දෙයක් ගැන ලොකු සැකයක් හිතට ආව වගේ කුමාරයා එකපාරටම මගෙන් මෙහෙම ඇහුවා.
“බැටළුවො පුංචි පඳුරු ජාති කනවා නේද?”
“ඔව්.. කනවා.”
“හම්මෝ! ඇති යංතං…”
බැටළුවො පුංචි පඳුරු කන එක ඒ තරම්ම වැදගත් දෙයක් වෙන්නෙ ඇයි කියලා මට තේරුණේ නෑ.. කුමාරයා ආයෙමත් මෙහෙම ඇහුවා.
“ඒ කියන්නෙ එයාලා බඕබාබ්සුත් කනවනෙ?”
කැඩපත් දහයක්
සිරුර දෙපැත්තේ ම නෙරා පෙනෙන අංගෝපාංග පමණට වඩා සොලවමින් ඇවිදින ස්ත්‍රියකගේ ඒ ගමන ඇගේ වයසට නොගැළපෙන්නේ යයි ඩග්ලස්ට සිතුණ ද ඔහු ඒ ඇවිදිල්ල වඩා තියුණු ඇසකින් නිරීක්ෂණය කළේය. දුර දිවීමේ තරගයකට පුහුණු වන්නකු සේ ඇවිදින තවත් අයෙක් අනෙක් සියල්ලන් පසුකරමින් යයි.
** බයිපාස් සොසයිටි **
“මට ඕන වෙලා තියෙන්නෙ මිනිහගෙ තුවාලෙ සනීප කරවලා බෙල්ල කෙළින් කරවලා අරන් හැන්දෑවක අපේ මිදුලෙ අඹ ගහ යට වාඩිවෙලා පොඩි අඩියකුත් ගහන ගමන් කවි ගැන කතාබහ කරන්න. ඒ වගේ දියුණු රසිකයෙක් එක්ක මොන තරම් දේවල් කතා කරන්ඩ පුළුවන්ද?
** රසිකයෙක් සහ කවියෙක්**
ආදරණීය දරුවනි
මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.
බොබ්සි නිවුන්නු
“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”
ළමා මනාලියකගේ කඳුළු කතාව
සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.
තාත්තා
“පුතාට අමාරු ද?”
තාත්තා මට ‘පුතා’ යනුවෙන් ඇමතූ පළමුවැනි වතාව එය විය. මට මගේ කන් අදහා ගත හැකි නොවී ය.
“නෑ” මම ඔහුට පිළිතුරු දුන්නෙමි.
තාත්තට අමාරු දැයි ඇසීමට මට ඕනෑ වුවත් මගේ මුවින් එම වදන් පිට වූයේ නැත.
තාත්තා දෙකට නැමී සරමෙන් නළල පිසදා ගත්තේ ය. සරම තවත් ලෙයින් තෙත් විය.
අපේ යාළු දඟ මල්ල
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….
දයාබර ගුරුතුමිය වෙතටයි
මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍යයන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි. තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව, තර්කයෙන්, සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ. මේ පුවත සැබැවින්ම හඳ කකියන ඛේදවාචකයකි. දුප්පත් ශිෂ්‍යයන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.
There are no reviews yet.