Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-3993-56-4 |
Language | Sinhala |
Pages | 348 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දේශපාලන සමාජ විද්‍යාව-3
රු775.00
Price Summary
- රු775.00
- රු775.00
- රු775.00
දේශපාලන සමාජ විද්‍යාව යනු සමාජ හා දේශපාලන බලයේ පැතිකඩ පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එනම් සමාජ සම්බන්ධතාහි පවතින මූලික මානයන් වන දේශපාලනික ආයතන, සමාජ කණ්ඩායම් (සමාජ පන්ති, ස්ත්‍රී පුරුෂභාවය හා ජාතිකත්වය) පිළිබඳ අධ්‍යයනයයි.
Be the first to review “දේශපාලන සමාජ විද්‍යාව-3” Cancel reply
Related Products
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය විමසුම
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය නව විෂය නිර්දේශයට අදාළ වු මාතෘකා පිළීබඳව සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් ප්‍රයෝජනවත් සාකච්ජාවක යෙදීමට මම මෙහිදී උත්සාහ ගතිමි. 11 ශ්‍රේණිය සිසුන්ට අලුත්ම විෂයයක් වන මෙහි දී හැකිතාක් සරලව, ඔවුන්ගේ අවධානයට තුඩු දෙන පරිදී එය කිරීමටද උත්සාහ කොට ඇත.
ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ගෝඪාභය රාජපක්ෂ
මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව
බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ
මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස්
ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ
ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ
වෘත්තාන්තයි. 1931 සිට සර්වජන ජන්ද බලය භුක්ති විඳ,
1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල
ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ
දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය.
2009 දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි
යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව
නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපායමාර්ගය
වූයේ රට තුල වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම
සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී
ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට
ලැබූ අත්දැකීමයි.
වාමාංශික ජනප්‍රියවාදයක් සදහා
පසුගිය කාලයේ ලෝක දේශපාලනය තුළ
ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත
පදනම් වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ලක්
බලගතු ලෙස නැගී ආවේය. මෙම ප්රවාහයට
අභීයෝග කළ හැක්කේ ‘ප්‍රභූ තන්ත්රයට’
එරෙහිව ‘ජනතාව’ ලෙස දේශපාලන බෙදුම්
ඉරක් ජනප්‍රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම
අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ
හැකි ‘වාමාංශීක’ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට බව
ශන්තාල් මුෆ් තර්ක කරයි.
දශක ගණනාවක නව ලිබරල් ආධිපත්‍යය නිසා
නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල
අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම
තුළින් දක්ෂීණාංශීක ජනප්‍රියවාදය සාර්ථකත්වය
ලබා තිබේ. එම අභීයෝගයට මුහුණ දීමට නව
ලිබරල්වාදය සමඟ අනන්‍ය වී සිටින ‘ලිබරල්’
මැද මාවතට නොහැකිය. වාමාංශීක
ජනප්රිියවාදය යනු වාර්ගික ස්වෝත්තමවාදයට
සහ ප්රභූවාදී නව ලිබරල්වාදයට එරෙහි, එසේම
ගතාවුගතික වාමාංශයේ පන්ති ඌනිතිවාදී
ප්‍රවේශයට ද වෙනස් විකල්ප දේශපාලනයක්
යෝජනා කරන උපාය මාර්ගයකි
සිංහල ජනකවි
ජනකවිය තරම් ජනතාවගේ ජීවන සුවඳ වහනය වන තවත් කවි වෙසෙසක් නැති තරම් . එයට ප්‍රධානම හේතුව වනුයේ ජනකවි යනු ජනතාවගේ එදිනෙදා ජිවිතයේ ඔවුන් අත්දුටු සැබෑ අත්දැකීම් පදනම් කර ගෙන කියැවුණු, ලියැවුණු ඒවා වීමයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවය එදා සහ අද
සීමිත රාජ්‍ය සම්පත්,
දේශයේ මුළු ජනගහනයටමයි.
දේශපාලනඥයාට සහ රාජ්‍ය
නිලධාරියාට බලය තිබුණාට,
අනෙකාට හිමි පංගුව කොල්ල
කෑමෙන්, මේ ආත්මයේ දී අතැම්
විට දඬුවමට සහ හැම විටම
නින්දාවට පත් වෙයි.
රතු කිමෝනාව
ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තවමත් උසුලාගෙන දිවිගෙවන කාන්තාවන්ට ජපන් සංස්කෘතිය තුළ මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ඇසුරින් මෙහි අන්තර්ගතය සකස් වී තිබේ.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන නියෝජිතයා
“නීති සම්පාදනය කරනු ලබන්නේ දේශපාලනඥයින් විසිනි. දේශපාලන දාර්ශනිකයන් විසින් නොවේ. දේශපාලනඥයෝ ජන්දය සඳහා ඇල්මක් දක්වති” යන ප්‍රකාශයෙන් නීති සම්පාදනය කරනු ලබන අය හෙවත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් යනු ජන්දයෙන් පත්වන කෙනෙකු බවත් දේශපාලන දාර්ශනිකයින් නොවුනත් නීති සම්පාදනය නමැති උත්තරීතර වගකීම පැවරෙන පිරිසක් බවත් කිය වේ.
සංදේශ විවරණය
ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍යයන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.
පීකිං පෙම්පත
“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළිබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍යයක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සංවේදී සංජානනය පළ කරයි.
සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව
“ජන සන්නිවේදනය ශිෂ්ටාචාරයේ අභාවයට හේතු වනබව එක් සමාජ විවේචනයකි. බුද්ධිමය හා සදාචාරාත්මක හරයන් නරක අතට හැරී තිබේ. මෙම සියවසේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව ජන මාධ්‍ය වර්ධනය සමග ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය සක්‍රීය කිරීමට අවශ්‍ය බුද්ධිය ඉන් සැපයෙන බවයි. ජන මාධ්‍ය අධ්‍යාපනය තුළින් ඒ සඳහා අපේක්ෂා ගොඩනැඟිය. නූතන දේශපාලන ඉතිහාසය තුළ බුද්ධිමය බලාපොරොත්තුවලට වලකපා ඇති අතර ජන සමාජයේ සංවර්ධනය පෞද්ගලිකත්වය විනාශයට පමුණුවා ඇති බවට ද විවේචනයකි”
ශිෂ්ටාචාරයේ අක් මුල් සොයා
අවුරුදු 16 දී පාසල් සිසුවකුව සිටියදී පතල් කැනීම් කණ්ඩායමකට බැදුණු මිචෙල් හෙජස් කැනඩාවටත් නිව්යෝක් නුවරටත් මෙක්සිකෝවටත් ඉන්පසු කැරිබියානු දුපත් හා සීසෙල්ෂ් වලටත් මානව ශිෂ්ටාචාරයේ අක්මුල් සොයා චාරිකා කළේය. පුරාණ මායා ශිෂ්ටාචාරය සොයා ගැන්මෙහි ලා ඔහු කළ මෙහෙය අන්තර්ජාතික වශයෙන් සම්භාවනාවට පාත්‍ර වුයේය. මානව ශිෂ්ටාචාරයේ වර්ධනය දෙසත් නුතන මානව දියුණුව දෙසත් පෙරළිකාර කෝණයකින් මිචෙල් හෙජස් ඉදිරිපත් කළ අදහස් එකල සාම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ ගර්හාවට ලක්විය. එහෙත් එම අදහස් අද වනවිට මුළු ලෝකයාගේ ම පිළිගැනීමට ලක්ව ඇත.
මෙම කෘතිය එම අත්දැකීම් හා තොරතුරු ඉදිරිපත් කරන හුදු විවරණ ග්‍රන්ථයකට වඩා රසවත් නවකතාවක විලාශය ගන්නා බව මෙය කියවන ඔබට වැටහෙනු ඇත.
There are no reviews yet.