Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-3993-56-4 |
Language | Sinhala |
Pages | 348 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ව්‍යවසායකත්වය සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්" to the cart because the product is out of stock.
දේශපාලන සමාජ විද්‍යාව-3
රු775.00
Price Summary
- රු775.00
- රු775.00
- රු775.00
දේශපාලන සමාජ විද්‍යාව යනු සමාජ හා දේශපාලන බලයේ පැතිකඩ පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එනම් සමාජ සම්බන්ධතාහි පවතින මූලික මානයන් වන දේශපාලනික ආයතන, සමාජ කණ්ඩායම් (සමාජ පන්ති, ස්ත්‍රී පුරුෂභාවය හා ජාතිකත්වය) පිළිබඳ අධ්‍යයනයයි.
Be the first to review “දේශපාලන සමාජ විද්‍යාව-3” Cancel reply
Related Products
ශිෂ්ටාචාරයේ අක් මුල් සොයා
අවුරුදු 16 දී පාසල් සිසුවකුව සිටියදී පතල් කැනීම් කණ්ඩායමකට බැදුණු මිචෙල් හෙජස් කැනඩාවටත් නිව්යෝක් නුවරටත් මෙක්සිකෝවටත් ඉන්පසු කැරිබියානු දුපත් හා සීසෙල්ෂ් වලටත් මානව ශිෂ්ටාචාරයේ අක්මුල් සොයා චාරිකා කළේය. පුරාණ මායා ශිෂ්ටාචාරය සොයා ගැන්මෙහි ලා ඔහු කළ මෙහෙය අන්තර්ජාතික වශයෙන් සම්භාවනාවට පාත්‍ර වුයේය. මානව ශිෂ්ටාචාරයේ වර්ධනය දෙසත් නුතන මානව දියුණුව දෙසත් පෙරළිකාර කෝණයකින් මිචෙල් හෙජස් ඉදිරිපත් කළ අදහස් එකල සාම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ ගර්හාවට ලක්විය. එහෙත් එම අදහස් අද වනවිට මුළු ලෝකයාගේ ම පිළිගැනීමට ලක්ව ඇත.
මෙම කෘතිය එම අත්දැකීම් හා තොරතුරු ඉදිරිපත් කරන හුදු විවරණ ග්‍රන්ථයකට වඩා රසවත් නවකතාවක විලාශය ගන්නා බව මෙය කියවන ඔබට වැටහෙනු ඇත.
ඉසුරුමුණිය
බෞද්ධ ඉතිහාසයේ ඉසුරුමුණියට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. හතර වැනි සියවස පමණ වනවිට මේ විහාරය අභයගිරියට අයත්ව තිබී ඇත. ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මේ ඉසුරුමුණිය විහාරයේය.
ඉසුරුමුණි විහාරයේ විහාර ගෙවල් දෙකකි. ලෙන් විහාරය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය කුඩා විහාරගෙය මිහිඳු පොකුණට ඉහලින් ඇත. පර්වතය ඉදිරියේ වේදිකාවක් මත ඉදි වූ මේ විහාරගෙයට පිවිසීමට ගලින් නිමකළ පඩි කිපයක් ඇත.
අනෙක් විහාරගෙය මෑතක දී තනවන ලද්දකි. මෙහි බුදුරජානන් වහන්සේගේ ඉඳි පිළිමයක්, හිටි පිළිමයක් හා ඔත් පිළිමයක් පිහිටුවා තිබේ.
චමත්කාර චරිත
ලාංකේය සමාජය තුළ නොමැකෙන මං සලකුණු සටහන් කළ චරිතවල සැඟව ඇති චමත්කාරය සරලව හා රසවත්ව අප වෙත ගෙන එන මෙම කෘතිය, තවත් එක් චරිත කතා එකතුවක් පමණක් ම නොවන අපූර්ව කෘතියකි.
සිංහල ජනකවි
ජනකවිය තරම් ජනතාවගේ ජීවන සුවඳ වහනය වන තවත් කවි වෙසෙසක් නැති තරම් . එයට ප්‍රධානම හේතුව වනුයේ ජනකවි යනු ජනතාවගේ එදිනෙදා ජිවිතයේ ඔවුන් අත්දුටු සැබෑ අත්දැකීම් පදනම් කර ගෙන කියැවුණු, ලියැවුණු ඒවා වීමයි.
රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්
රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ.
ගුරු ගීතය
“ගුරු ගීතය” නම් රුසියානු සාහිත්‍ය කෘතිය එදා මෙදා තුර ලංකාවේ පාඨක ජනතාව අතර නොමඳ ජනප්‍රියභාවයට පත් වී ඇති නවකතාවකි. ලංකාවේ පාඨක ජනයාගේ ආකර්ෂණය දිනාගනිමින් සෑම වසරකදීම වැඩිම පිටපත් ගණනාවක් අලෙවි වන කෘතියක් බවට පත් වී ඇත.
දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් මෙලෙස “ගුරු ගීතය” ලෙසින් සිංහල බසට අනුවාදය කරනු ලබන්නේ කිර්ගීසියානු බසින් රචිත චිංගීස් අයිත්මාතව් නම් ප්‍රකට රුසියානු සාහිත්‍යකරුවාගේ “පළමු ගුරුවරයා” (The First Teacher) නම් නවකතාවයි.
පීකිං පෙම්පත
“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළිබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍යයක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සංවේදී සංජානනය පළ කරයි.
ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ගෝඪාභය රාජපක්ෂ
මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව
බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ
මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස්
ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ
ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ
වෘත්තාන්තයි. 1931 සිට සර්වජන ජන්ද බලය භුක්ති විඳ,
1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල
ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ
දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය.
2009 දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි
යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව
නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපායමාර්ගය
වූයේ රට තුල වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම
සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී
ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට
ලැබූ අත්දැකීමයි.
තණ කන අපි
”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”
තුන් අවුරුද්ද
මෙම කතාවේ ප්‍රධාන චරිත අන්‍යොන්‍ය සබඳතා පිළිබඳ සංකීරණ සිද්ධීන් බොහෝ කාලයක් ඉවසති. සමාජ තත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානුෂික සබඳතාවන් පිලිබඳ අවංක සැබෑ ඔවුන්ගේ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇතිකරන ආධ්‍යාත්මික සුන්දරත්වයක් හා පාරිශුද්ධත්වයක් විශ්මය ජනක ලෙස ගෙන එයි
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය විමසුම
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය නව විෂය නිර්දේශයට අදාළ වු මාතෘකා පිළීබඳව සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් ප්‍රයෝජනවත් සාකච්ජාවක යෙදීමට මම මෙහිදී උත්සාහ ගතිමි. 11 ශ්‍රේණිය සිසුන්ට අලුත්ම විෂයයක් වන මෙහි දී හැකිතාක් සරලව, ඔවුන්ගේ අවධානයට තුඩු දෙන පරිදී එය කිරීමටද උත්සාහ කොට ඇත.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන නියෝජිතයා
“නීති සම්පාදනය කරනු ලබන්නේ දේශපාලනඥයින් විසිනි. දේශපාලන දාර්ශනිකයන් විසින් නොවේ. දේශපාලනඥයෝ ජන්දය සඳහා ඇල්මක් දක්වති” යන ප්‍රකාශයෙන් නීති සම්පාදනය කරනු ලබන අය හෙවත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් යනු ජන්දයෙන් පත්වන කෙනෙකු බවත් දේශපාලන දාර්ශනිකයින් නොවුනත් නීති සම්පාදනය නමැති උත්තරීතර වගකීම පැවරෙන පිරිසක් බවත් කිය වේ.
There are no reviews yet.