Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-687-111-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
Pages | 68 |
නුවණ වැඩෙන බෝසත් කථා – 14
රු160.00
Price Summary
- රු160.00
- රු160.00
- රු160.00
ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.
‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්රතිඵලයයි.
Notify me when item is back in stock.
Be the first to review “නුවණ වැඩෙන බෝසත් කථා – 14” Cancel reply
Related Products
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
Recently Viewed
When I Was Young
One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colourful paintings that will appeal to young children.
හිස්තැනක සිට…
“දරුවො මොකද මේ අඬන්නෙ”
“මට යන්න තැනක් නැහැ”
“කොහේ ඉඳළද එන්නෙ”
“අනාථ නිවාසෙ ඉඳළ”
“ඉතින් කොහේ යන්න හිතාගෙනද ආවේ”
“දන්නෙ නෑ”
“ඇයි එන්න හිතුවෙ”
“අපිත් එක්ක ඉන්න ලොකු අක්කලව
හැමදාම රෑට එක්කගෙන යනව”
“මාවත් එක්කගෙන යයි කියල බයයි”
“කොහෙද එක්කගෙන යන්නෙ”
“දන්නෙ නෑ”
කව්සිළුමිණ
නහන මෙහෙ නියුත් දෙනෙ අද සොයා විල්වත්
සදා මඟ විසිත් කැරැ ගෙන මිටුසක් විටී මේ
වන රජදහන
ප්රභාමත්ව වූ අරුණෝදය හිරු කිරණ විචිත්‍ර ලෙසින් පරිසරය සිසාරා ගියේය. ඝන අන්ධකාරයෙන් පීඩිතව සිටි සියොතුන් හිරු එළිය පැතිරීමත් සමගම සුකුමාල ලාලිත්‍යයෙන් ඔකද වී ඒ මේ අත පියඹන්නට විණි. ගස් වැල් හඹාගෙන ආ මද සුළග තුරින්තුරට ළං වෙමින් ඒ මේ අත ගියේය.උදා අසිරිය අතිශයින් චමත්කාරජනකය, සුන්දරය, මනස්කාන්තය, සෝභනය.
මේ පැහැබර දිනයේ වන මැදින් වැටුණු අඩි පාර දිගේ පෙරට යන යෞවනයන් තිදෙනෙකි. ඔව්! සම වයසේ දගකාර යෞවනයන් තිදෙනෙකි. වනාන්තරයටම ආවේණික ඇදුමින් සැරසී ඔරොත්තු නොදෙන තරමේ භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන ඔව්හු පෙරට ම යති. සමහර විට ඔබට ඔවුන් තිදෙනා මතක ඇති. ‘නෙල්ලි කැලේ වීරයෝ’ හා ‘ගල්ගේ කන්ද ‘ වික්‍රමයන් තුළින් ඔබට සමීප වූ මේ තිදෙනා සුනිල්, සමන් හා ප්‍රියන්ත ය.
සෝබමාන වූ රුවින් ද, නොපසුබට අධිෂ්ඨානයෙන් ද, උට්ඨාන වීර්යයෙන් ද හෙබි, මේ තිදෙනා පුදුම උපදවන සුළු කාර්යය සම්පන්නය. මාපිය අවසරය මත ,දෙටු පෙළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගමන් කරන ගවේෂණ චාරිකාවකි මේ…..
ඉත්තෑ පැංචා
ඉස්සර කාලෙ ඉත්තෑ පවුලක අම්මයි, තාත්තයි, දුවකයි, පුතකුයි වාසය කළා.ඒ අය හරි ම දුප්පත්. ඒ අයට කන්න ආහාර වත්, අඳින්නට ඇඳුම්වත් තිබුණේ නෑ. එක් දවසක් පුංචි ඉත්තෑ පුතා ගසක් යට හාන්සි වී සිටින විට කදිම අදහසක් හිතට ආවා. ඔහු ඉක්මනින් තාත්තා, අම්මා ළඟට දිව ගියා.
There are no reviews yet.