Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-96219-09 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
නො ලියත් කිසිවෙක්
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
නො ලියත් කිසිවෙක්’ නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු, එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අදුරු පැතිකඩකි. දේශපාලනයෙනුත්, රාජය්‍ය අකාර්යක්ෂමතාවෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්,ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.
ප්රජාතන්ත්රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹු වෙයි.
Notify me when item is back in stock.
Be the first to review “නො ලියත් කිසිවෙක්” Cancel reply
Related Products
මූ නං මහ…
|
රෙබෙකා
|
සකුන්තලා
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි
නිල් දියමන්තියේ අබිරහස
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.
ඒක රහසක්
ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
අන්තිම දුම්රිය
|
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
හන්ටිං පාටි
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
හඩ නිහඩ
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
There are no reviews yet.