Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-96219-09 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
නො ලියත් කිසිවෙක්
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
නො ලියත් කිසිවෙක්’ නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු, එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අදුරු පැතිකඩකි. දේශපාලනයෙනුත්, රාජය්‍ය අකාර්යක්ෂමතාවෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්,ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.
ප්රජාතන්ත්රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹු වෙයි.
Notify me when item is back in stock.
Be the first to review “නො ලියත් කිසිවෙක්” Cancel reply
Related Products
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
ඒක රහසක්
ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
කතන්දර කියන්නී
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ්රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප්රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
රෙබෙකා
|
සකුන්තලා
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි
Recently Viewed
ගණිතය වැඩ පොත (6 ශ්‍රේණිය) (සතර)
ගණිතය වැඩ පොත (6 ශ්‍රේණිය) (සතර)
ප්රතිශෝධන අධිකරණ බලය
නීතිය සම්බන්ධයෙන් ඇති ප්රතිශෝධන අධිකරණ බලය පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි. නීතිවේදීන්ට, නීතිය හදාරන සිසු සිසුවියන්ට ඉතා වැදගත්ය. පසුගිය වසරේ අගභාගය දක්වා ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව අසන ලද සියලුම පොහේ නඩුවල තීන්දු මෙහි ඇතුළත් වේ.
BUY EBOOK VERSIONගණිතය පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 5 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
ගණිතය පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 5 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
ලස්සන මල් පිපිලා
විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ගායිකාව විසින් දැනට වසර ගණනාවකට පෙර ගයන ලද ළමා ගීත දහයක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් වේ. නිවැරදි ළමා ගීත කලාවක් නොමැති වර්තමාන පරපුර වෙනුවෙන් මෙම කෘතිය දායාද කෙරෙන්නේ එම ගීතවල ස්වර ප්‍රස්ථාර සහ ඇගේ හඬින්ම නව සංගීත සංයෝජනයකට අනුව ගැයුණු එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද සමගිනි.
පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන
අවංකවම කියනවා නම්, තවත් ඉස්කොලයක්
පුපුරවා දාන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ.
ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න
උපද්‍රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට
වගේ දැන් මගේ පරම හතුරා ලුක්ට පෞරාණික
වංකගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය
කරන්න ඕනෑ වෙලා.
එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස්
ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න
ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු
අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න…
බිල්ල සහ අපූරු මුහුණ
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි , විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කිය හැකිය.
අපූරු ගමන
අපූරු ගමන නම් මේ කතන්දරය ජාතීන් දෙකකට අයත් ළමුන් දෙදෙනෙකුට සිදු වූ ත්‍රාසය, කුතුහලය පිරි අපූරුතම සිද්ධි මාලාවකින් පිරී ගිය එකකි. එකමුතුකම, කල්‍යාණ මිත්‍රත්වය, උත්සාහය, ස්ථානෝචිත ප්‍රඥාව ආදිය මේ තුළින් විද්‍යමාන වේ.
එක්ස්කැවේෂන්
දකුණු ඇමරිකානු වනාන්තරයක ගැඹුරුඅභ්යන්තරයේ සෑමි නොන්ක්ලින්ගේ මෙහෙවිමෙන් පැරණි අතුරුදහන් නගරය කැණීමක් සිදුවිය මෙහිදී ඔවූනට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් මුද්‍රා තැබූ ද්වාරයකි.
කලියුගය
ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත පීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි. කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
භෞතික රසායනය සමතුලිතතාව
භෞතික රසායනය සමතුලිතතාව
GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 3
GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 3
Western Music Year – 09 (Model theory papers)
This booklet is written with the intention of preparing students to face year 6, 7, 8 and 9 Western Music Question papers and qualify well so that they could be successful in their school curriculum.
There are no reviews yet.