Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Pages | 64 |
Publishers | |
Template | BOOKS |
පෙර පාසල් දරුවන්ගේ වැඩපොත
රු490.00
Price Summary
- රු490.00
- රු490.00
- රු490.00
ශ්‍රී ලංකාවේ පෙර පාසල් සඳහා හඳුන්වා දී ඇති මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ඉගෙනුම් අත්දැකීම් සංග්‍රහය අනුව සකස් කර ඇත.
පෙර පාසල් වියේ සිටින දරුවාගේ සියලු දක්ෂතාවන් ඉස්මතු කෙරෙන ආකාරයට මේ පොතේ අභ්‍යාස නිර්මාණය කර ඇත.
Be the first to review “පෙර පාසල් දරුවන්ගේ වැඩපොත” Cancel reply
Related Products
සඳ තරු මල් ගී මුතු වල්
විශාරද එඞ්වඞ් ජයකොඩි විසින් ගී පද ලියා සංගීතවත් කළ මෙම ළමා ගී කෘතිය නව ආකෘතියකින් සම්පාදනය වී තිබේ. ළමා ලොවට නව ගීත දොළහක් මෙම කෘතිය මගින් තිළිණ කෙරෙන අතර ඒවා අදාළ ස්වර ප්‍රස්ථාර ද ඉදිරිපත් කරයි. මෙහි සිතුවම් ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ විසින් නිර්මාණය කොට ඇත. මෙම ගී පොත සමඟ ශ්‍රවණ සංයුක්ත තැටියක් ද නොමිලයේ ලබා දෙන අතර එහි ගීත පමණක් නොව එම ගීතවලට අදාළ සංගීත පථ ( Music Tracks ) ද අඩංගුය. එමෙන්ම ස්වර ගායනා කරනුයේ කෙසේදැයි දරුවන්ට අවබෝධයක් ලබාගැනීමට රුකුළක් දෙමින් ගීත දෙකක් සඳහා ආදර්ශ ස්වර ගායනා ද ඉදිරිපත් කොට තිබේ. මෙම ශ්‍රවණ සංයුක්ත තැටියේ අඩංගු ගීත විශාරද එඞ්වඞ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දරුදැරියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබයි. ‘සඳ තරු මල් – ගී මුතු වැල්’ ළමා කෘතිය පෙර පාසල් සහ ප්රාථමික් ශ්‍රේණි දූ දරුවන් සඳහා විශේෂිතය.
BUY EBOOK VERSIONහෙළ බස පින්තූර හෝඩිය
අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත පිනවූ හෙළ බස පින්තූර හෝඩිය නව වර්ණවත් සිතුවම් සහිතව නැවත මුද්‍රණය වී ඔබ අතට මෙසේ පත් වෙයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.
BUY EBOOK VERSIONCopy Colouring – Animals
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ සතුන් පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ සතුන්, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.
පාට කළොත් ලස්සනයි
දරුවන් උදෙසා සිය පින්සල සහ පන්හිඳ මෙහෙයවන පියල් උදය සමරවීර මහතා විසින් සම්පාදනය කරන ලද්දකි. දරුවන්ට නිවැරදිව චිත්‍රයක් පාට කරන්නේ කෙසේද යන්න මේ පොතෙන් මග පෙන්වීමක් සිදු කරයි.
Copy Colouring – Fruits
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ පලතුරු පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ පලතුරු, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.
ටිකිරි අකුරු 1 – 2 ශ්‍රේණි සඳහා
අකුරු ලිවීම ළමා මනසට දිනෙන් දින එකතුවන අත්දැකීම් අතරින් වඩා නැවුම් වූවකි. ඒ සඳහා කුඩා දරුවාට වෙහෙසකින් තොරව අකුරු සහ පිල්ලම් හඳුනාගැනීමටත්, නිසියාකාරව ලිවීම හුරු කිරීමටත් මෙම පොත ඉතා ප්‍රයෝජනවත් වේ.
BUY EBOOK VERSIONසිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
Alphabet Chart – ENGLISH
The colourful and attractive poster is a pleasant way of introducing the alphabet to children. The capital and simple letters are printed in large format with words and pictures for quick identification and helps children learn the alphabet easy way.
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
සිතුමිණි හෝඩිය
සිතුමිණි හෝඩිය
Copy Colour – Blue
එකම නමකින් වුවත් පොත් පෙළක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබීම මෙම පොත් පෙළෙහි අති විශේෂත්වයයි. හඳුනා ගැනීම පිණිස භාවිත කරන්නේ පොතේ පිට කවරයේ වර්ණයයි. ඒ අනුව අදාළ පොත වෙන් කොට හඳුනා ගැනීම සඳහා වූ වර්ණය මෙම විස්තරයෙහි ඇතුළත් කොට තිබේ. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ම නිර්මාණය කරන ලද මෙම පොත් මාලාවෙහි විවිධ හැඩතල, වස්තූන්, සතුන්, පලතුරු ආදිය පාට කිරීමේ අවස්ථාව කුඩා දරුවන්ට ලබා දෙයි. ඒ සමගම එම වස්තුවේ නම ද ඉංග්‍රීසි බසින් සඳහන් කරයි. පාට කිරීමත්, සරල ඉංග්‍රීසි වදන් දරුවන්ට ඉගැන්වීමත් මේ පොත් මාලාවෙන් සිදු කෙරේ.
Copy Colouring – Vehicles
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ වාහන පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ වාහන, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.
There are no reviews yet.