Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Pages | 80 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බබාගෙ මොන්ටිසෝරි පොත
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
පෙර පාසලේ අධ්‍යාපනය සඳහා ලිය වීඇති පොත්පත් බොහෝ ඇතත් නිවැරදි ව ළමුන්ගේ නිර්මාණාත්මක සංකල්ප සහ ගණිතමය සංකල්ප වර්ධනය කිරීමට සමත් හොඳ පොතපත විරල ය.
පොතේ පෙළගැස්ම
- කැමැති විදිහට මේ පිටුවේ ඉරි අඳින්න
- කඩ ඉරි මත අඳිමු
- කඩ ඉරි මත අඳිමින් සතාට යන්න පාර සොයා දෙන්න
- කඩ ඉරි මත අඳිමින් සමාන පින්තූර සොයන්න… යනාදිය..
Notify me when item is back in stock.
Be the first to review “බබාගෙ මොන්ටිසෝරි පොත” Cancel reply
Related Products
කතා අහමු පාට කරමු 1
කතන්දරයක් සමඟ එයට අදාළව යොදා ඇති සිතුවම බලා ඒ ආකාරයෙන්ම සකස් කළ තවත් සිතුවමක් වර්ණ ගැන්වීමට උගන්වන ළමා කෘතියකි.
ගුණසේන සිංහල, දෙමළ හෝඩි පොත
මෙය ලාංකේය හෝඩි පොත් අතරට එක් වූ සුවිශේෂ කෘතියකි. සිංහල, දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය සකස් වී ඇත. අක්ෂර පිළිබඳ අවබෝධය හා ඒ ඇසුරින් වදන් පිළිබඳ අවබෝධය ද ලබා දෙයි. වර්ණ සිතුවම් සහිතව කල්පවත්නා ඔප කඩදාසියේ මුද්‍රිතයි.
Copy Colouring – Vehicles
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ වාහන පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ වාහන, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.
ගුණසේන සිංහල කොපි පොත 1
අත් අකුරු නිවැරදි ව ලිවීම සඳහා වූ උපකාරක පොත් පෙළෙහි පළමුවැන්න වන අතර මෙය දරුවන් අංග සම්පූර්ණ අක්ෂර ලිවීම සඳහා පුහුණු කරවයි. දරුවන්ට හැසිරවිය හැකි පහසු අක්ෂරවල සිට සංකීර්ණ අක්ෂර දක්වා ක්‍රමවත් ව ලියන්නට හුරුකරවයි.
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
අකුරුවලින් සත්තු අඳිමු
සිංහල බසෙහි ඇති විවිධ අකුරුවලින් පහසුවෙන් චිත්‍ර ඇඳීමේ ක්‍රම කුඩා දරුවන්ට උගන්වන කෘතියකි. අපට ඇසෙන සෑම හඬක් ම ඒ අයුරින්ම අනුකරණය කොට ඉදිරිපත් කළ හැකි අතිදක්ෂ හඬ අනුකරණ ශිල්පියකු වූ මංගල ප්‍රේමදාසයන් මෙය සම්පාදනය කොට තිබේ.
පාට කළොත් ලස්සනයි
දරුවන් උදෙසා සිය පින්සල සහ පන්හිඳ මෙහෙයවන පියල් උදය සමරවීර මහතා විසින් සම්පාදනය කරන ලද්දකි. දරුවන්ට නිවැරදිව චිත්‍රයක් පාට කරන්නේ කෙසේද යන්න මේ පොතෙන් මග පෙන්වීමක් සිදු කරයි.
ලස්සන මල් පිපිලා
විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ගායිකාව විසින් දැනට වසර ගණනාවකට පෙර ගයන ලද ළමා ගීත දහයක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් වේ. නිවැරදි ළමා ගීත කලාවක් නොමැති වර්තමාන පරපුර වෙනුවෙන් මෙම කෘතිය දායාද කෙරෙන්නේ එම ගීතවල ස්වර ප්‍රස්ථාර සහ ඇගේ හඬින්ම නව සංගීත සංයෝජනයකට අනුව ගැයුණු එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද සමගිනි.
අකුරු හුරුව
සිංහල භාෂාව හදාරන දරුවන්ට සිංහල අක්ෂර මාලාව නිවැරදිව හුරුකිරීම මේ කෘතියෙන් සිදුකරයි. සිංහල අක්ෂර ලිවීම සඳහා දරුවන්ගේ අත හුරු කරවිමේ දී එය මනා අවබෝධයකින් කළ යුතු ය. සැබවින්ම එය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. දරුවන්ට මෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන ගුරු භවතුන්ට ද මේ කෘතිය අතිශය වැදගත් ය.
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Copy Colouring – Birds
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ කුරුල්ලන් පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ කුරුල්ලන්, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ..
Alphabet Chart – ENGLISH
The colourful and attractive poster is a pleasant way of introducing the alphabet to children. The capital and simple letters are printed in large format with words and pictures for quick identification and helps children learn the alphabet easy way.
There are no reviews yet.