Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Pages | 80 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බබාගෙ මොන්ටිසෝරි පොත
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
පෙර පාසලේ අධ්‍යාපනය සඳහා ලිය වීඇති පොත්පත් බොහෝ ඇතත් නිවැරදි ව ළමුන්ගේ නිර්මාණාත්මක සංකල්ප සහ ගණිතමය සංකල්ප වර්ධනය කිරීමට සමත් හොඳ පොතපත විරල ය.
පොතේ පෙළගැස්ම
- කැමැති විදිහට මේ පිටුවේ ඉරි අඳින්න
- කඩ ඉරි මත අඳිමු
- කඩ ඉරි මත අඳිමින් සතාට යන්න පාර සොයා දෙන්න
- කඩ ඉරි මත අඳිමින් සමාන පින්තූර සොයන්න… යනාදිය..
Notify me when item is back in stock.
Be the first to review “බබාගෙ මොන්ටිසෝරි පොත” Cancel reply
Related Products
Copy Colour – Brown
එකම නමකින් වුවත් පොත් පෙළක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබීම මෙම පොත් පෙළෙහි අති විශේෂත්වයයි. හඳුනා ගැනීම පිණිස භාවිත කරන්නේ පොතේ පිට කවරයේ වර්ණයයි. ඒ අනුව අදාළ පොත වෙන් කොට හඳුනා ගැනීම සඳහා වූ වර්ණය මෙම විස්තරයෙහි ඇතුළත් කොට තිබේ. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ම නිර්මාණය කරන ලද මෙම පොත් මාලාවෙහි විවිධ හැඩතල, වස්තූන්, සතුන්, පලතුරු ආදිය පාට කිරීමේ අවස්ථාව කුඩා දරුවන්ට ලබා දෙයි. ඒ සමගම එම වස්තුවේ නම ද ඉංග්‍රීසි බසින් සඳහන් කරයි. පාට කිරීමත්, සරල ඉංග්‍රීසි වදන් දරුවන්ට ඉගැන්වීමත් මේ පොත් මාලාවෙන් සිදු කෙරේ.
ගුණසේන සිංහල, දෙමළ හෝඩි පොත
මෙය ලාංකේය හෝඩි පොත් අතරට එක් වූ සුවිශේෂ කෘතියකි. සිංහල, දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය සකස් වී ඇත. අක්ෂර පිළිබඳ අවබෝධය හා ඒ ඇසුරින් වදන් පිළිබඳ අවබෝධය ද ලබා දෙයි. වර්ණ සිතුවම් සහිතව කල්පවත්නා ඔප කඩදාසියේ මුද්‍රිතයි.
අකුරු හුරුව
සිංහල භාෂාව හදාරන දරුවන්ට සිංහල අක්ෂර මාලාව නිවැරදිව හුරුකිරීම මේ කෘතියෙන් සිදුකරයි. සිංහල අක්ෂර ලිවීම සඳහා දරුවන්ගේ අත හුරු කරවිමේ දී එය මනා අවබෝධයකින් කළ යුතු ය. සැබවින්ම එය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. දරුවන්ට මෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන ගුරු භවතුන්ට ද මේ කෘතිය අතිශය වැදගත් ය.
ගුණසේන සිංහල කොපි පොත 1
අත් අකුරු නිවැරදි ව ලිවීම සඳහා වූ උපකාරක පොත් පෙළෙහි පළමුවැන්න වන අතර මෙය දරුවන් අංග සම්පූර්ණ අක්ෂර ලිවීම සඳහා පුහුණු කරවයි. දරුවන්ට හැසිරවිය හැකි පහසු අක්ෂරවල සිට සංකීර්ණ අක්ෂර දක්වා ක්‍රමවත් ව ලියන්නට හුරුකරවයි.
පෙර පාසල් හා 1, 2 ශ්‍රේණි සඳහා සිඟිති අකුරු
පළමුවැනි ශ්‍රේණියේ දරුවන්ට මූලික ගණිත සංකල්ප ඉගැන්වීම සඳහා සම්පාදිත ය. වර්ණවත් පින්තූර හා සරල, එහෙත් සිත් ගන්නා ක්‍රම තුළින් දරුවන්ට අකුරු හුරුව ලබා දෙයි.
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
සිතුමිණි හෝඩිය
සිතුමිණි හෝඩිය
Copy Colouring – Alphabet
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ ඉංග්‍රීසි හෝඩිය පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ ඉංග්‍රීසි හෝඩිය, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.
ගුණසේන සිතුවම් හෝඩිය
සිංහල භාෂාව හැදෑරීමට මූලික පියවර තබන සිඟිත්තන්ගේ සුරතට තිළිණ කළ හැකි ලාංකීය හෝඩි පොත් අතරට එක්වන අති විශිෂ්ට හෝඩි පොතයි, ගුණසේන සිතුවම් හෝඩිය. දරුවන්ට නිවැරදිව ‘අ‘ යනු ‘ආ‘ යනු කියාදෙන මංගල පුස්තකයයි.
BUY EBOOK VERSIONඅකුරුවලින් සත්තු අඳිමු
සිංහල බසෙහි ඇති විවිධ අකුරුවලින් පහසුවෙන් චිත්‍ර ඇඳීමේ ක්‍රම කුඩා දරුවන්ට උගන්වන කෘතියකි. අපට ඇසෙන සෑම හඬක් ම ඒ අයුරින්ම අනුකරණය කොට ඉදිරිපත් කළ හැකි අතිදක්ෂ හඬ අනුකරණ ශිල්පියකු වූ මංගල ප්‍රේමදාසයන් මෙය සම්පාදනය කොට තිබේ.
හෙළ බස පින්තූර හෝඩිය
අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත පිනවූ හෙළ බස පින්තූර හෝඩිය නව වර්ණවත් සිතුවම් සහිතව නැවත මුද්‍රණය වී ඔබ අතට මෙසේ පත් වෙයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.
BUY EBOOK VERSIONCopy Colour – Blue
එකම නමකින් වුවත් පොත් පෙළක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබීම මෙම පොත් පෙළෙහි අති විශේෂත්වයයි. හඳුනා ගැනීම පිණිස භාවිත කරන්නේ පොතේ පිට කවරයේ වර්ණයයි. ඒ අනුව අදාළ පොත වෙන් කොට හඳුනා ගැනීම සඳහා වූ වර්ණය මෙම විස්තරයෙහි ඇතුළත් කොට තිබේ. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ම නිර්මාණය කරන ලද මෙම පොත් මාලාවෙහි විවිධ හැඩතල, වස්තූන්, සතුන්, පලතුරු ආදිය පාට කිරීමේ අවස්ථාව කුඩා දරුවන්ට ලබා දෙයි. ඒ සමගම එම වස්තුවේ නම ද ඉංග්‍රීසි බසින් සඳහන් කරයි. පාට කිරීමත්, සරල ඉංග්‍රීසි වදන් දරුවන්ට ඉගැන්වීමත් මේ පොත් මාලාවෙන් සිදු කෙරේ.
There are no reviews yet.