Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5865-00-0 |
Language | Sinhala |
Pages | 256 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව" to the cart because the product is out of stock.
මහේසාක්කිය
රු700.00
Price Summary
- රු700.00
- රු700.00
- රු700.00
දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බල සේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. ‘රසවාහිනිය’ නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නො පැමිණි හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද, මායාවෙහිද වෙලී බැඳුනි සිද්ධි දාමයක් ‘මහේසාක්කිය’ නව කථාවට ප්රස්තුතය වී.
Notify me when item is back in stock.
Be the first to review “මහේසාක්කිය” Cancel reply
Related Products
ශ්‍රී ලාංකීය ඉතිහාසය
ප්රාග් ඓතිහාසික යුගයේ සිට ඊළාම් යුද්ධය අවසන් වන තෙක් වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික, සමාජයීය, ආර්ථික, දේශපාලන ආදී කරුණු ඇතුළත් කොට සම්පාදනය කරන ලද, වෙළුම් 5 කින් සමන්විත කෘතියකි. එකී විෂයයන් සම්බන්ධව ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු 49 දෙනෙකු මෙයට දායකත්වය සපයා තිබේ.
මඟ දිගට ජනකතා
මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි.
විසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
අභීත සිංහල වීරයෝ
දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.
BUY EBOOK VERSION21 Lessons for the 21st Century
Yuval noah harari takes us on a thrilling journey through today’s most urgent issues. The golden thread running through his exhilarating new book is the challenge of maintaining our collective and individual focus in the face of constant and disorienting change. Are we still capable of understanding the world we have created?
මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
එදා හෙළ දිව
මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.
BUY EBOOK VERSIONඋඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
පණ්ඩුකාභය රජතුමා
පණ්ඩුකාභය රජතුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි.
BUY EBOOK VERSIONසිංහල ථූපවංශය
සිංහල වංශ කථා ග්රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
BUY EBOOK VERSION
There are no reviews yet.