Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-00-0016-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මිටියාවත
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවත නැවතත් සිතන්නට යොමු කරමිනි.
Be the first to review “මිටියාවත” Cancel reply
Related Products
මාමා – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ඩබ්ලිව්. කේ. ගුණවර්ධන මහතා විසින් රචිත ‘මාමා’ කෘතියයි.
රංග කලා ප්‍රවේශය
නාට්‍ය හා රංග කලාව (DRAMA & THEATRE) විෂය අළලා ලියන ලද
මෙම ග්‍රන්ථයේ නවතම මුද්‍රණය මෙය යි. ජාතික අධ්‍යාපන ආයතනය
මඟින් උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් පරිශීලන
ග්රන්ථයක් ලෙස නිර්දේශ කර තිබීම හා මෙම විෂය අළලා ලියන ලද
ප්‍රාමාණික ග්රන්ථයක් ලෙස විද්වතුන් විසින් සම්මත කරනු ලැබීම, මෙම
මුද්‍රණය බිහි වීමට හේතු සාධක වූ බව කිව මනා ය.
නාට්‍ය නිෂ්පාදනය හා වේදිකා ශිල්පය පිළිබඳ ව ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ
අත් පොත් සුලභ වුව ද,එ බදු ග්රන්ථයක් තවමත් සිංහල පාඨකයා අතට
පත් වී නොමැත. ‘රංග කලා ප්‍රවේශය: විමර්ශනාත්මක අධ්‍යයනයක්’ නමැති
මෙම ග්‍රන්ථය එම ඌනතාව පිරිමසාලීම සඳහා සම්පාදනය වූවකි.
නාට්‍යයක පෙළ තෝරා ගැනීමේ සිට නිෂ්පාදනය දක්වා නිර්මාණ ක්‍රියාවලිය ද
නාට්‍ය සංවිධානය, කළමනාකරණය, මේ රට රංග ශාලා ඉතිහාසය ,
රංග ශාලා වාස්තු විද්‍යාව, අංගාලෝකය පිළිබඳ ඉතිහාසය හා වේදිකා
ශිල්පය වැනි විෂය කරුණු පුළුල් වශයෙන් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.
පඹයයි ළමයයි – යොවුන් නාට්‍ය සංග්‍රහය
පඹයයි ළමයයි – යොවුන් නාට්‍ය සංග්‍රහය
ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන්, කැස්බෑවන් වර්ග සහ වෙරළබඩ පරිසර පද්ධති
- ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන්
- ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් වර්ග
- ශ්‍රී ලංකාවේ කැස්බෑවන් වර්ග
- ඉබ්බන් සහ ලෝකයේ වෙනත් කැස්බෑවන් වර්ග
- ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධති සහ සම්පත්
සිංහල නර්තන කලාව
මෙම කෘතිය වු කලී උඩරට.පහතරට සබරගමු නර්තන සම්ප්රදායයන් හා නර්තන කලා ඉතිහාසය පෙරහර සංස්කෘතිය, නළු ඇඳුම් පැලඳුම් වන්නම් ආදි වු නර්තනයේ විවිධ ක්ෂේත්‍ර ආවර්ණය වන පරිදි රචනා කරන ලද ප්රශස්ත කෘතියකි.
සුබ සහ යස
මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.
මගේ ගමට අරුණ
මගේ පුතා ළදරුවියේදී හදා වඩා ගත්තේ මගේ අම්මාය. ටික කලක් ගොස් අම්මා ගෙදර ගිය පසුවද අම්මා බැලීමට යාමට පුතා දැක්වූයේ පුදුම ආසාවකි.අම්මා හදා දෙන කෑමට අපද ආසා කළ අප කෑමට වැඩියෙන් කැමති දේ උයා පිහා දීම අම්මාගේ සිරිත විය. බිරිදත් මාත් රැකියාවට යන අතර පුතා ළග රැදී සිට පෝෂණය කොට බලා හදාගැනීමට අපගේ ඉමහත් වාසනාවක් විය. මෙහෙකාරියන් දෙදෙනෙකු සිටියත්, අම්මාගේ ආදරය අවශය විය. අම්මා බොහෝ විට පුතා ඇමතුවේ මැණික කියාය. වයස අවුරුදු දෙකත් ඉක්ම වූ පසු මව බැලීමට මහ ගෙදර ගොස් දිනක් අප ආපසු යාමට වාහනයට ගොඩ වන විට අම්මා ඇමතු පුතා කීවේ. ” ආච්ච් දැන් ඔයාගේ මැණික යන්නයි හදන්නෙ” යනුවෙනි. අම්මා සතුටින් ඉපිල ගියාය.
වඳ වී යාමේ අවදානමක් ඇති ශ්‍රී ලංකාවට ආවේණික ශාක
මිහිතලයෙන් වඳ වී යාමට සැරසෙන, නැතිනම් මිහිතලයෙන්
වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක ගණන
දිනෙන් දින වැඩි වනු මිස අඩු වන බවක් නැති බව රතු දත්ත වාර්තා
සාමීක්ෂණයෙන් පෙනී යයි.
මීට ඍජුව ම මිනිසා වගකිය යුතු අතර, ඇතැම් අවස්ථවල දී
ස්වභාවධර්මයේ ක්‍රියා ද මීට හේතු වී තිබේ.
හේතුව කුමක් වුවත්, නුදුරු අනාගතයේ දී ම දුර්ලභ හා අලංකාර ශාක
ගණනාවකගේ පැවැත්ම අස්ථිර බව නම් පැවසිය යුතු ය.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය
අන්තර්ගතය
- ශ්‍රී ලංකාවේ අලි ඇතුන්
- අලි ඇතුන් වර්ග කිරීම
- ශ්‍රී ලංකා අලි ඇතුන්
- අලි ඇල්ලීම
- වන්නි විත්ති …..
Sri Lanka – THE GEM OF THE INDIAN OCEAN
‘Sri Lanka:The gem of the Indian Ocean’ A New Tourism based brought together by Ifham Raji and Tracey Rich was launched last week. This is the unique product of a meeting of minds and passions for wildlife, photography and the rich tapestry of Sri Lanka.
A unique souvenir travel book–lavishly illustrated and sumptuously written with photographs spanning over a decade of work by both photographers, the book is a wonder of collaboration.
Ifham – a successful gem dealer from the bustling city of Colombo and Tracey Rich a wildlife conservationist, photographer and writer from the countryside surrounding Stonehenge in the United Kingdom, first met photographing elephants in Minneriya National Park some ten years ago.
‘It is a very personal journey through some of the best views of the country both from within and with an outside perspective of a visiting traveler from overseas
විද්‍යුත් රසායනය වර්ග කළ බහුවරණ
මෙය විද්‍යුත් රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.
ඔබ විද්‍යුත් රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.
Recently Viewed
Early Learning Abc Sticker Activity (Brown Watson)
This beautifully illustrated book encourage early reading skills and will help to gradually increase your child’s vocabulary.
සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි
මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් කාන්තාවන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රන් කොල්ලයේ වන්දිය
සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Boscombe Valley Mystery හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘රන් කොල්ලයේ වන්දිය’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. රන් මංකොල්ලයක සම්බන්ධ එකිනෙකාට සතුරු දෙදෙනෙකු කලකට පසුව හමුවන අතර එය අවසන් වන්නේ එක් අයකුගේ මරණයෙනි. නමුත් මරණයට හමුවන්නේ වෙනත් පුද්ගලයෙකි. හොම්ස් සිය නුවණ මෙහෙයවා සැබෑ අපරාධකරු සොයා ගනියි.
BUY EBOOK VERSIONCopy Colouring – Fruits
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ පලතුරු පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ පලතුරු, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.
When a Cloud Left the Sky
Sri Lanka in the aftermath of the war. Six young people from very different backgrounds are destined to meet in the tiny seaside town of Unawatuna – a few miles away from the iconic Galle Fort. Orinth dreams of writing the perfect novel and Kanishka of bringing ethnic harmony to his country now recovering from the ravages of war. sanith just wants to live in peace in the place he calls home. Over the next few months, their lives are destined to meet in quite unforeseen ways, under the dark clouds of a turbulent past.
Aditha Dissanayake brings to this story all the warmth and power of insight that characterized her best-selling first novel, “Somewhere in the Green Hills”.
‘When a cloud Left the Sky’ is filled with the magic of her writing, capturing with heartwarming clarity the moods of men and women of different races- in peace in war, in love.
රෑ මැදියමේ පොපි මල
විසිඅට හැවරදී ජෙරල්ඩ් ස්පැරෝ උතුරු සියමේ ඇංමායි ජාත්‍යාන්තර අධිකරණයේ සේවයට ගිය විනිසුරුවරයෙකි. මේ කාලයේ සියම් දේශ සීමාවට එපිටින් පිහිටි ෂාන් ජනපදවල කළු රත්‍රං නැතහොත් ඔපියම් ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ විසිදෙහැවිරිදි සලේම් කුමරිය විසිනි. පෞද්ගලික. හමුදාවක් සිටි ඇය සියල්ල පාලනය කළේ භීෂණයෙන් හා හිංසනයෙනි.
The Secret Seven 7-Secret Seven Win Through
Solve the mystery with the Secret Seven – everyone’s favourite detective club! These timeless stories are perfect for young fans of mystery, adventure or detective series. Also available in audiobook! In book seven, the Secret Seven have a fantastic new hiding place, but somebody else has been using it too. …
සැබෑ මිනිසෙකුගේ කතාවක්
යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්රාඩය වටලෑමට මොස්කව්නගරයට ළං වීමටද ඔවුහු සමත් වුහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ටි ජර්මන් සේනාවට විරුද්ධවවිරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිරීමට නැගී සිටි සෝවියට් සෙබළාකවුද එම හිම යුද සමයේදී සතුරෝත් මිතුරොත් ඉතා හොඳින් හදුනා ගත්හ. දේශප්‍රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝවියට් ජනතාව පෙන්වුයේ අසමසම විරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළබඳ කතාවකි.
ජිමී සහ පොලියානා
පොලියානා ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැදින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.
ගුණසේන ළමා කතා 1
ජීවිතය දිනන්ට අවශ්‍ය බොහෝ වටිනා උපදේශ සිඟිති දරුවන්ගේ සිත් තුළට කාන්දු කිරීමට ඇති හොඳම මාවත රසවත් කතන්දර ලෙස ඒවා ඔවුන්ට සමීප කරවිමයි. විශ්වීය ජනකතා ඇසුරින් සම්පාදිත මෙම කෘතියේ එවැනි බොහෝ කතා අඩංගු වේ. පොත් දෙකකින් සමන්විත මේ එහි පළමුවැන්නයි.
There are no reviews yet.