Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-497-1 |
Language | Sinhala |
Pages | 138 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මිනිපිරියගේ ලියුම
රු240.00
Price Summary
- රු240.00
- රු240.00
- රු240.00
පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමඳව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ…….. ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි.
මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කළේ මගේ තාත්තා හා සීයා අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩාත් හොඳින් පසක් කර ගැනීමටය.
Notify me when item is back in stock.
Be the first to review “මිනිපිරියගේ ලියුම” Cancel reply
Related Products
මිනිස් දිවියේ අරුත සොයා
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.
රජවරුන්ගේ ශාපය
කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු
මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද
ආශ්චර්යයක් විය.ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වු
ඊජීප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක්
සැබෑවීමක් බඳුය. එහෙත් ඒ සැබෑවු සිහිනය මහා
භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ
නැත්. අලුත් පාරාවෝ සොහොන්කොත්ක් ගවේෂණය
කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට
පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැඟවී
ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම්
ඊටත් වඩා රුදුරු, අඳුරු බලවේගයක් නිසාද…?
නිදහසේ රැජින 1 (අඳුරු අධිරාජ්‍යය පළමු කොටස)
ක්‍රි.පූර්ව 17 වන ශතවර්ෂයයි. හික්සෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාලපරිච්ඡේදයයි. හික්සෝවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්රමණයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවැති සාධාරණත්වය, ආදරය, නීතිගරුක බව යන උතුම් ගුණාංග සියල්ල යටපත් විය. කෘෘරකම, ආත්මාර්ථකාමී බව ඉස්මතු විය.
ඊජිප්තුවට බලපෑ මේ ආක්රමණික පාලනයෙන් බේරී අවසානයේ ඉතිරි වූයේ තීබසය නම් වූ කුඩා රාජ්‍යය පමණි. තීබසය පාලනය කළ ටේටි රැජිනගේ දියණිය අහොටෙප් කුමරියයි. ඊජිප්තුව, ආක්‍රමණිකයාගේ කෘෘර හස්තයෙන් ගලවාගැනීමට ඉදිරිපත් වූයේ ආහොටෙප් කුමරියයි.
ඉතින් තම මෑණියක් වූ ටේටි රැජින, සැමියා වු සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා සහ ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද?
සත්‍යය ම පමණයි
මඳ වේලාවකට පසු දුරකතනය නාද වීමෙන් හූ අවදි වුණා ය. ඇය අඬමින් ම නින්දට ගොස් තිබුණි.
“හලෝ?” ඇය කීවා ය. ඇඬීම නිසා ඇගේ කට හඬ වියළී තිබුණි.
“මට හූ ඈන් යුවාන් මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද? මම බැංකොක් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් ඩේවිඩ් රයිඩීන් කතා කරන්නෙ.”
හූ ගේ හදවත නැවතුනි. “මම හූ. තාත්ත තවම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ. ඔයා ළඟ එයාගෙ අංකය තියෙනව ද?”
තාත්තා
“පුතාට අමාරු ද?”
තාත්තා මට ‘පුතා’ යනුවෙන් ඇමතූ පළමුවැනි වතාව එය විය. මට මගේ කන් අදහා ගත හැකි නොවී ය.
“නෑ” මම ඔහුට පිළිතුරු දුන්නෙමි.
තාත්තට අමාරු දැයි ඇසීමට මට ඕනෑ වුවත් මගේ මුවින් එම වදන් පිට වූයේ නැත.
තාත්තා දෙකට නැමී සරමෙන් නළල පිසදා ගත්තේ ය. සරම තවත් ලෙයින් තෙත් විය.
දරුවන්ට ගහන්න එපා
පාසල සංස්කෘතිය පවරා දෙන තැනකි. දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් බිඳ වැටුණ සමාජයක පාසලට නිරුපද්‍රිතව පවතින්නට අපහසුය. එහෙත් ආපසු හැරී බලන විට රටක අධ්‍යාපනය හා සංස්කෘතිය කඩාවැටීම සියලු ව්‍යසනයන්ට මුල්වී ඇති බව පිළිගන්නට සිදුවෙයි.
දිනෙන් දින ප්රචණ්ඩත්වය ඉහවහා යන වාතාවරණයක අපට ජීවත්වන්නට සිදුවී තිබේ. වෙනත් අයුරකින් පවසතොත් අප ජීවත්වන්නේ – අපේ දරුවන්ට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස දූෂණය කරන ලද සමාජයකය.
ඇතැම් ගුරු භවතුන් තම මානසික පීඩනය තුනීකර ගැනීමට දරුවන්ට දරුණු ලෙස පහරදීම හා ඒ පහරදීම සාධාරණ බව හුවා දැක්වීමද සිදුවෙයි. දරුවන් අවබෝධ කරගැනීම හා ඔවුන්ට ආදරය දැක්වීම වෙනුවට දරුවන් හික්මවන හොඳම ක්‍රමය ලෙස පහරදීම හඳුනා ගැනීමේ විපාක අද අපට ඇස් පනා පිට විඳින්නට සිදුවී තිබේ. එබැවින් සිවිල් නීති රීති සුරැකීමත්, ඒවායෙන් ප්‍රයෝජන ලැබීමත්, හිංසනය හා කෲරත්වය හෙළා දැකීමත්, උදෙසා සෑම ශිෂ්ට පුරවැසියෙකුම දායකවීම අවශ්‍යවේ. මේ පොත ඒ සඳහා පෙරවදනකි.
දයාබර ගුරුතුමිය වෙතටයි
මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍යයන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි. තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව, තර්කයෙන්, සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ. මේ පුවත සැබැවින්ම හඳ කකියන ඛේදවාචකයකි. දුප්පත් ශිෂ්‍යයන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.
වන අරණක කුඩා නිවස
“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”
අපේ යාළු දඟ මල්ල
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….
දිලක්ත නීතිය සහ ලතින් භාෂාවේ නෛතික යෙදුම්
දිලක්ත නීතිය යනු රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව වර්ධනය වූ නීති ක්රමයකි.
අප්‍රමාණ ජීවිතයකට
මානසික වෙහෙස ඉවත් කර ගැනීමේ පළමු පියවර නම් නිදහසේ පහළ වන ඔබේ සියලු ම සිතුවිලි පාලනය කර ගැනීමයි. මනසේ ධනාත්මක ඒවා දැයි පරීක්ෂාකාරී වන්න. විනය ගරුක වීමේ පුරුද්ද භාවිතයට ගෙන ඔබ සතුව විශ්වාස කළ නොහැකී බල සංචිතයක් ඇති බව ද, ඒ මගින් සුබවාදී ධනාත්මක සිතුවිලි පමණක් නිපදවිය හැකි බව ද සිතන්න.
හෙට අලුත් ජීවිතයක්
සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.
මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.
Recently Viewed
සතර ගණිතය 4 ශ්‍රේණිය
සතර ගණිතය 4 ශ්‍රේණිය
5 ශ්‍රේණිය සිංහල වැඩපොත
2020 නව නිර්දේශය සඳහා නියමිත පෙළ පොත සඳහා අතහුරු වැඩපොතකි. දැනුම වැඩිකර ගන්න. එතැනින් නතර නොවන්න, හැකිතරම් ලියන්න. තව තවත් ලියන්න. අලුත් වචන, රචනා ශෛලි හුරු පුරුදු කරගන්න.
මිණි බැඳි දොර
“ඒත් මේ මෑතකදි මං දැනගත්තා, මහත්තයා
නීතීඥයෙක් ය කියන කාරණේ. ඒ විතරක්
නෙවෙයි, මං කාලයක් තිස්සේ ටයිප් කරලා
තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන
දේවල් ය කියලා.”
කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක්
ගත්තා. ආයෙමත් කතාව පටන්ගත්තා.
The Buddhist Way Of Life – For grade 10
To Day our Children are open to all from of unwholesome influences. There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society. This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
හද ඇදි තිලකය
තිලකා රණසිංහ යනු, ” ෆුල් පැකේජ්” එකකී. ” ලොවින් එකෙක් එක් දෙයකට සමත්” යැයි කියන කියමන බොරු කළ තවත් කෙනෙකි ඇය . ඇයට නොහැකි දෙයක් නැති තරම් ය. භූමිකා කීපයක ම නිරත වු ඇය, වඩාත් ම සාර්ථක ව කළේ,”මව” ගේ භූමිකාව ය. තව ද ඇය ගුවන් විදුලි නිවෙදිකාවකට පමණක් සීමා වු කාන්තවක් නො වේ.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
‘සුරගුරුගේ අදේව වාදය’ හෙවත් දෙවි දේවතා පෙරහැර
අන්තර්ගතයන්
- දෙවි දේවතා පෙරහැර
- මා අඳුනන යක්කු
- සුරගුරුගේ දේව කෝපය
- දෙව්ලොව කියන්නේ මනෝරාජ්යයක්ද?
- මා සරණ යන්නේ දෙවියන් නොව තෙරුවන් ය …..
පුංචි අයගේ පුංචි කතා
‘පුංචි අයගේ පුංචි කතා‘ අපූරු පොතකි. පාසල් යන්නට පටන් ගත් දරුවන් සිටිනා දෙමාපියන් විසින් මුලින් කියවා දරුවාට කියා දිය යුතු කතාවක් මෙහි ඇතුළත් ය. පාසල් යන්නට කම්මැළි දරුවකු අවසානයේ පාසල් යන්නට හිතේ කැමැත්ත ඇති කර ගන්නා අකාරය මේ කතාවෙන් අපූරුවට කියවෙයි.
BUY EBOOK VERSIONතරහ ගියොත් මෙහෙම කරන්න සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 11)
තරහයෑම හෙවත් කෝපවීම අප කාට වුණත් අයහපතක් මිස යහපතක් නොසලසයි. තරහයෑමෙන් තරහ යන්නා කායික හ මානසික උපද්‍රවවලට ගොදුරු වේ. අඹු දරුවන්, නෑදෑ හිතමිතුරන් හා සමාජයේ සෙසු ජනයා සමඟ පවත්වන සබඳතාවන්ට හානි පැමිණේ. මේ නිසා තරහයෑම පාලන කළ යුතු දුර්වලකමකි.
උතුරු දොරටුව
උතුරු දොරටුව
අම්මා
‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’
මහ මිහිඳු හිමි
“බලවත් සොම්නසින් පසුවනු පෙනේ?”
“නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවුවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයුවෝ, දිරිගැන්වුවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබ වහහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිලත මෙ තැන් සිට සම්බුදු පියාණන් වහන්සේගේ ය! ඔබවහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේගේ ය!”
ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය
“ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය” නමින් ලියැවී ඇති මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපන කාර්යයන්හි නියතු අලෙවි කළමනාකරණ ක්ෂේත්රයේ නියැළී සිටින්නන් හට ප්‍රායෝගික ව වැදගත් වන පොතක් බව පෙනේ. විශේෂයෙන් ම සිංහල භාෂාවෙන් රචිත මේ විෂය හා සම්බන්ධ කෘතීන් විරල බැවින්, සිංහල මාධ්‍යයෙන් කියවන්නන් හට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
2 ශ්‍රේණිය සිංහල
විෂය නිර්දේශය සහ ගුරු අත් පොතේ සඳහන් ප්‍රාථමික අධ්‍යාපන අවධිය සඳහා නිපුණතා වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කර මනා දැනුමක් දරුවාට ලබා දීමට අදාළ අභ්‍යාස මේ පොත තුළ අන්තර්ගත කර ඇති අතර ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව සකස් කර ඇත.
There are no reviews yet.