Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1559-90-8 |
Language | Sinhala |
Pages | 115 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ලිහිණියකුගේ ප්‍රයාමය
රු470.00
Price Summary
- රු470.00
- රු470.00
- රු470.00
ගුවන් යානා නියමුවකු විසින් ලියන ලද ගුවන් යානා නියමු ඡායාරූප ශිල්පියකු විසින් අලංකාර කරන ලද මේ අපූර්ව කුඩා කථාව අති සුන්දර ගීතයක් වැනිය.
මෙය ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන්නකි.
මුහුදු ලිහිණියන්ට ජීවිතය යනු හුදෙක්ම ආහාර ගැනීම සහ නොමැරී සිටීම යන කාරණාවලට පමණක් සීමා වූවකි.
පියාසර කිරීම යනු තනිකරම ආහාර සෙවීමේ උත්සාහයක් පමණකි.
එසේ වුවද මුහුදුලිහිණි ජොනතන් ලිවිංස්ටන් ගැටවරයාට නම් පියාසර කිරීම යනු ජීවිතයම වේ.
Notify me when item is back in stock.
Be the first to review “ලිහිණියකුගේ ප්‍රයාමය” Cancel reply
Related Products
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
කිසිවක් නොකියමි අම්මේ …
මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක් වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට පටන් ගත්තා.කාමරයෙන් කාමරයට යමින් .දෑත් දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා අධ්ක වේගයෙන් ඔහු දුවන්නට වුණා
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
හෙළදිවෙහි වසර එකොළහක්
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත.ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ.මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන්ම සතුටක් ද ලැබෙනු ඇත.
විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
දොර දොර කළුවර
|
හන්ටිං පාටි
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
Recently Viewed
වාර්ෂික වාර්තාව 2022
ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර සඳහා සිය වාර්ෂික වාර්තාව
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73වැනි වාර්ෂික වාර්තාව
විශ්මිත නවාතැනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 4
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.
Chatter Box – Part 06
ඉංග්‍රීසි කථා කිරීම හුරුවීමට පහසු ආකාරයෙන්, ඉතා සරල දෙබස් යොදා ගෙන මෙම පොත් මාලාව සකස් කොට ඇත.
මිනිස් වර්ගයා විනාශ වේවිද?
මෙම කෘතියෙන් උත්සාහ කරන්නේ මෙතෙක් දරුවන්ට තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු අදහස් ලෙස සලකන ලද දේ ඔවුනට පැහැදිලි කිරීමටය. තවද වැඩිහිටියන්ට නිවහල් චින්තකයින් වීම සඳහාත් ඔවුන්ගේ දරුවන් එයට දිරිගැන්වීම සඳහාත් මෙය උපකාර වනු ඇත.
වියරණ මිහිර
සිංහල භාෂාවේ පද වර්ග හතරක් තිබේ. ඒවා මේසේ ය.
01 නාමපද 02 ක්‍රියාපද 03 නිපාතපද 04 උපසර්ගපද ලෙස ය.
මෙම පද වර්ග ඇතුලුව බොහෝ කරුණු විස්තරාත්මකව
පැහැදිලි කර ඇති වටිනා කෘතියකි.
හොඳම මොළය කාගෙද? – පෙනෙන නොපෙනෙන ලෝකය 51
පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
රතූ සහ වෘක නගරය
ඔයා හිතනවද ඔයා රතූගෙ කතාව දන්නවා කියලා ?
මේ රතු ඔයාල දන්න රතු හැට්ටකාරි නම් නෙවෙයි,
මේ කතාවෙ වෘකයෙකුත් නෑ.
හැබැයි මේ කතාවෙ ඉන්න රතූට තියෙනවා
එයාගෙම කතාවක්…
තීන්දු ප්‍රකාශය ක්රියාවේ යෙදවීම | සිවිල් නඩුවල පියවර – 3
සිවිල් නඩුවක නඩු තීන්දුව ප්‍රකාශකිරීම, එම තීන්දු ප්‍රකාශය ඇතුළත් කිරීම සහ එකී තීන්දු ප්‍රකාශය ක්රියාවේ යෙදවීමේදී අනුගමනය කෙරෙන ප්‍රායෝගික පියවර පිළිබඳව සාකච්ඡා කිරීමටයි.ඒ අනුව පරිච්ඡේද 18 ක් පුරා විහිදෙන සිංහලයෙන් කෙරෙන විවරණයක් ද ඊට අදාල ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ද, විනිශ්චිත නඩු තීන්දු ද මෙහි ඇතුළත් වේ.
නුවරක සෙනෙහස
‘……චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”
කිරිඅම්මා කියවාගෙන යයි.
”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”
”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”
”නෑනෙ කිරිඅම්මේ”
“‘ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”
The Elves and the Shoemaker – Fairy Tale Classics
The story of The Elves and the Shoemaker is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.
There are no reviews yet.