Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2994-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
ලෝක ඉතිහාසය
රු1,750.00
Price Summary
- රු1,750.00
- රු1,750.00
- රු1,750.00
ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි. ප්රාග් ඉතිහාසය, මානව ශිෂ්ටාචාරය, එකී ශිෂ්ටාචාර කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස්, මානව සංහතිය තුළ පහළ වූ චරිත, ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටිකොට ඉදිරිපත් කරයි. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම පුස්තකාලයකම තිබිය යුතුම කෘතියකි.
BUY EBOOK VERSIONAdd a review Cancel reply
Related Products
වීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.
BUY EBOOK VERSIONසිංහල ථූපවංශය
සිංහල වංශ කථා ග්රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.
ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
දුටුගැමුණු රජතුමා
දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
BUY EBOOK VERSIONඅභීත සිංහල වීරයෝ
දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.
BUY EBOOK VERSIONඋඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
ගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.
විසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
මද්දුම බණ්ඩාර
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.
Pamudi Wasalathantri –
This is a very important book translated by a great journalist in our country. The benefits to us of world history are enormous.
Jalill –
It’s very good book about history