Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-021-7 |
Language | Sinhala |
Pages | 328 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "හඩ නිහඩ " to the cart because the product is out of stock.
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.
Notify me when item is back in stock.
Be the first to review “වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්” Cancel reply
Related Products
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
කතන්දර කියන්නී
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ්රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප්රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
හඩ නිහඩ
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
ඒක රහසක්
ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
රෙබෙකා
|
විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
හන්ටිං පාටි
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
උමං සොහොන
මිනී වලවලවලින් මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන ගුප්ත සුර හදන අස්ථි සිත්තරු ගැන ජෝර්ඩානුයී අබීයී එක්ක නිවාඩුවකට නිවි ඔර්ලින්ස් නගරයට ගියාට පස්සෙයී.
Recently Viewed
කුමරුවා සහා දිලිදා
මාක් ටිවෙන් යන අපර නාමයෙන් හැදින්වෙන සැමුවෙල් ලැංඝෝන් ක්ලෙමන්ස් 1835-1910 ඇමෙරිකානු සාහිත්‍යයේ පියා යයි සැලකෙන ශේෂ්ට සාහිත්‍යධරයෙකි’ වයස 12 දි පියා මියගිය නිසා පාසැල් අධ්‍යාපනය නතර කලද පොත්පත් කියවීමෙන් සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිනත වූ ඔහුට පසු කලෙක යේල් මියුරි සහ ඔක්ස්පරඩංි යන විශ්වවිද්‍යාල වලින් ෙගෟරව උපාධි පිරිනමන ලදී’ ඔහුගේ නිර්මාණ අතුරින් ටොමි සෝයර් හක්ල්බන් ෆින අද්භූත අමුත්තා ආදී කෘති ලෝකය පුරාම අතිශය ජනප්‍රිය විය’
Photo Copy Paper Black Single Sheet
Photo Copy Paper Black Single Sheet A4
රොබින්සන් කෲසෝ
ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.
BUY EBOOK VERSIONIprimary English Fiction Anthology Year 6
The iPrimary English Anthologies provide all the texts you need to deliver the iPrimary English lesson plans. They are presented as convenient collections of fiction and non-fiction for each year group.
නිසළ නේත්‍රා 1
“මේ නේත්‍රා නෙමේ.. උඹලට මාව රවට්ටන්ඩ බෑ… මේ නේත්‍රා නෙමේ කියලා මං දන්නවා….”
සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගෑවේය.
‘හරි ඒකාලෙ මං අන්ධයනේ…ඇස් පේන්නැති එකා කොහොමද නේත්‍රාව හොයාගන්නෙ
කියල හිතුවද…මට නේත්‍රා අඳුරගන්න ඇස් දෙකක් ඕන්නෑ …මං එයාව වින්ඳෙ ඇස් දෙකින්
නෙමේ.ආත්මෙන්…ජීවිතෙන්… හදවතින්…
3,4,5 ශ්‍රේණි සඳහා මූලික සිංහල දැනුම
දරුවන්ට ප්‍රාථමික ශ්‍රේණිවල සිටම සිංහල භාෂාවේ අක්ෂර, අක්ෂර වින්‍යාසය, මූලික ව්‍යාකරණ රටා ආදිය නිවැරදිව හඳුන්වාදීමේ අත්වැලක් ලෙස මෙම පොත සම්පාදනය කොට තිබේ. මේවා නිවැරදි ලෙස හඳුනා නොගත්තේ නම් ඉහළ ශ්‍රේණිවලට යාමේදී දරුවන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙම පොත 3,4,5 ශ්‍රේණි සඳහා විශේෂයෙන් සම්පාදනය කොට තිබුණ ද, මෙම මූලික දැනුම අවශ්‍ය 6 සහ 7 වැනි ශ්‍රේණිවල සිසුන්ට ද මෙය නිර්දේශ කළ හැකිය.
There are no reviews yet.