Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-021-7 |
Language | Sinhala |
Pages | 328 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.
Notify me when item is back in stock.
Be the first to review “වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්” Cancel reply
Related Products
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
සකුන්තලා
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි
මූ නං මහ…
|
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
කිසිවක් නොකියමි අම්මේ …
මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක් වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට පටන් ගත්තා.කාමරයෙන් කාමරයට යමින් .දෑත් දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා අධ්ක වේගයෙන් ඔහු දුවන්නට වුණා
ගිගිරි හඬේ අබිරහස
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්‍රාසජනක කතා පුවතයි.
ඝෝර යාත්‍රා
|
කතන්දර කියන්නී
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ්රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප්රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
නිල් දියමන්තියේ අබිරහස
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
Recently Viewed
Western Music Question Papers With Answers Grade 08
Western Music Question Papers with Answers – Grade 8
There are no reviews yet.