Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 955-95872-3-1 |
Language | Sinhala |
Pages | 64 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ශ්‍රී ලංකාවේ පුරාවස්තු පිළිබඳ නීතිය
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
ඉතිහාසය යනු අතීතය යි. ඉතිහාසයෙන් වර්තමානය සකස් වෙයි. වර්තමානයෙන් අනාගතය සකස් වෙයි. ගෙවෙන සෑම මොහොතක් ම ඉතිහාසය වේ. පුරාවිද්‍යාව යනු ඉතිහාසය අනාවරණය කර ගැනීමේ එක් කොටසකි. පුරාවිද්‍යාවේ අරමුණක් වන්නේ ගතවුන කාලය තුළ මනුෂ්‍ය හැසිරීම් වෙනස් වූ ආකාරය සහ එසේ වූයේ කෙසේ ද යන්න හඳුනා ගැනීමයි.
ලංකාවේ උත්තරීතර නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්රකාශිතව ප්රතිපාදනයක් ඇතුළත් නොවේ. නමුත් සංස්කෘතිය පිළිබඳව ප්‍රතිපාදන ඇතුළත් වේ. ඒ අනුව 14(1)(ඊ) වන ව්‍යවස්ථාවේ දී පුරවැසියන්ට සංස්කෘතිය භුක්තිවිඳීමට සහ එය වැඩි දියුණු කිරීමට ඇති මූලික අයිතිවාසිකම පිළිගෙන ඇත.
Notify me when item is back in stock.
Be the first to review “ශ්‍රී ලංකාවේ පුරාවස්තු පිළිබඳ නීතිය” Cancel reply
Related Products
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
ඉතිහාසයේ රස කතා
ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.
BUY EBOOK VERSIONඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
BUY EBOOK VERSIONගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.
උඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
මද්දුම බණ්ඩාර
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.
Sapiens A Brief History Of Humankind
One hundred thousand years ago, at least six different species of humans inhabited earth. Yet today there is only one – homo sapiens. What happened to the others? And what may happen to us? Most books about the history of humanity pursue either a historical or a biological approach, but dr. Yuval noah harari breaks the mold with this highly original book that begins about 70,000 years ago, with the appearance of modern cognition. From examining the role evolving humans have played in the global ecosystem to charting the rise of empires, sapiens integrates history and science to reconsider accepted narratives, connect past developments with contemporary concerns, and examine specific events within the context of larger ideas.
පිටිසර මිනිස්සු
මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිතිකරුගේ දැක්ම පළල් ය. සරලය මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජිවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්රදායයන් පිලිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීයලෙසපිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.
සිංහල ථූපවංශය
සිංහල වංශ කථා ග්රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එමෙන්ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවැතුම් බෙදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුල අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකතා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබද කතාවයි.
ජාතික වීරයෝ
අපගේ ජාතික වීරයන් පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම සඳහා ලියැවුණු කෘතියකි. මේ කෘතියෙන් ජාතික වීරයන් 15 දෙනෙකු පිළිබඳ කතා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී වීර චරිත කතා පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය නිසා මෙම පොත පාසල් වෙත යොමු කරවීම වඩාත් සුදුසු වේ. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි.
BUY EBOOK VERSIONජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
There are no reviews yet.