Author Publication

Author Publication

(Showing 1 – 60 products of 324 products)

Show:

අ.පො.ස. / සා.පෙළ ජ්‍යාමිතිය ( ප්‍රමේයන් / සාධනයන් සහිතයි )

Highlights:

ඉතා තරඟකාරි වන අ.පො.ස. /සා.පෙළ විභාගයේදී ගණිතය යනු ප්‍රධානතම විෂයයි. මෙම ගණිතය විෂය නිවැරදිව හැදෑරීමට ඉතා කෙටි ක්‍රම භාවිතා කළ හැකි අවස්ථා බොහොමයක් ඇත. එහිදි ජ්‍යාමිතිය යනු බොහෝ දරුවන් අපහසු යැයි කියන පාඩමකි. ජ්‍යාමිතිය පාඩමට අදාළව නියමයන් සහ එහි සාධනයන් සරලව ඔබට මෙම කෘතියෙන් ඔබට පැහැදිලිකර ඇත.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය – 11 ශ්‍රේණිය

Highlights:

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය විෂය ඉගැන්වීම කාර්යයෙහි නිරත ගුරුවරුන්ට මෙන්ම මෙම විෂය ඉගෙන ගන්නා දරු දැරියන්ට ද මෙම පොත උපකාරක පොතක් වනු ඇත

සීතල රාත්‍රිය

Highlights:
එසැණින් ගබඩාවෙහි කෙළවර වූ දොර හැරිණි. මා ගත සීතල ව ගියේ ය. මගේ සිත තුළ මැවෙමින්, මා බලාපොරොත්තුව සිටි මිනිස් රුව සිහි විසඥ කරවන තරමට මා ගත සිත හිරි වට්ටමින් ඇරුණු දොරින් මතුවනු මම දුටිමී. ඊළග මොහොතෙහි ඒ රුව, දොර සමීපයෙන් ඉදිරියට ඇදෙමින් මා සිටි දෙසට එනු මට පෙනුණේ බියකරු සිහිනයක් මෙනි.

Work Book Grade 7 (New Syllabus 2016)

Highlights:
This book is compiled as a workbook according to the new syllabus of Year 7.

උම්මග්ග ජාතකය සහ ගුත්තිල කාව්‍ය‍ය

Highlights:

උම්මග්ග ජාතකයෙන් මෙහිදී විචාරයට ලක්ව ඇත්තේ එහි ඇතුළත් සතරකන් මන්ත්‍රණයයි. එහි එන මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞෂල්‍ය‍යන් ඔසවා තබමින් වේදේහ, චුලනී, බ්‍රක්මදත්ත යන රජුන්ගේ හා කේවට්ට ආචාරීන්ගේ නිවට ක්‍රියා කලාපයන් උම්මග්ග ජාතක කතුවරයා හාස්‍ය‍යෙන් උපහාසයෙන් යුතුව නිරූපණය කරන අයුරුත් මේ ග්‍රන්ථයෙන් පෙන්නා දී ඇත.

ගුත්තිල කාව්‍ය‍යෙන් නියමිත පද්‍ය කොටස්වල රසභාව නිරූපණය කෙසේ සිදු වී ඇද්ද යනු කතුවරයා අනාවරණය කොට ඇත්තේ ද විචක්ෂණ අයුරිනි.

සංශෝධිත 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතට අදාළ නීතිය

Highlights:

ෆිනෑන්ස් සමාගම් වලින් ලබා දෙන කුලී සින්නක්කර පහසුකමට අදාළ වාරික මුදල් ආපසු අයකර ගැනීමේ දී සහ අදාළ පහසුකම මත ලබාදෙන ලද දේපල නැවත අත්පත් කර ගැනීමේදි අනුගමනය කළයුතු කාර්යය පටිපාටිය මෙම පනතින් හදුන්වා දී ඇත.

බලන්ගොඩ නායක හාමුදුරුවෝ පිරිනිවන් පාලා 5-2

Highlights:

ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සි‍ටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධ රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අභාවප්‍රාප්ත වූහ.

පිරිනිවන් මංගල්‍ය‍ය

Highlights:

පොඩි හාමුදුරුවන් යන දෙස බලා සිටි තිලකරත්නගේ සිතට ඉමහත් සෙනෙහසක් ඇති විය.

සරුංගලය බිමට බෑමට පටන් ගත් තිලකරත්න, කුමන වැඩක් තිබුණ ද, සරුංගල් කාලය අවසන් වෙන තුරු පොඩි හාමුදුරුවනට සරුංගලය අහසට නංවා දීමට හිතා ගත්තේය.

සති දෙකකට පමණ පසු ඉපනැල්ලට දියවර හරවා ඇති අයුරු ගමේ කොල්ල කුරුට්ටනට දැක ගත හැකි විය.

ජීවිත අභියෝග ජයගත හැකිද?

Highlights:

“ජීවිත අභියෝග ජයගත හැකිද” උසස් පෙළ සියළුම විෂයන් අසමත් වුවත් ප්‍රථම උපාධියද, යුධ භූමියේ සිට පශ්චාත් උපාධියද, පසුව දර්ශනශූරී (PhD) අභියස දක්වාද පැමිණි ගිනස් වාර්තාලාභී සෙන්පතියෙකුගේ ජිවිත කතාව වටා ගෙතුණු අපූරු පුරාවෘතයක්.

බලන්ගොඩ නායක හාමුදුරුවෝ රහත් වෙලා(1965දී) 5-1

Highlights:

පිරිනිවන් පා වදාළ මහ රහත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්වහන්සේ පිළිබඳව කතුවරයා විසින් ලියා පළ කරන ලද ලිපි හා පොත්පත් කියවූ පාඨකයන් උන්වහන්සේ පිළිබඳ තවත් තොරතුරු හෙළි කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම කෘතියට ඇතුළත් කර ඇත්තේ මහනාහිමියන් විසින් තමන් වහන්සේගේම අත්අකුරින් ලියන ලද සිංහල හා ඉංග්‍රීසි ලිපි පමණක් වීම විශේෂත්වයකි.

අරුම පුදුම අති විස්මිත නාඩි වාක්‍ය 4

Highlights:

අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් හිමි නමකි. නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති.

මුතු මාලය 2

Highlights:

මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගතය වනුයේ පස්පව් කිරීමේ විපාක මිතුරා හදුනා ගැනීම,වසලයා සමාජය මුලා කිරීම, වංචාව,අල්ලස, සොරකම, කේලම් කීම, රැවටීම හා රැවටීමේ විපා හඳුන්වාදීමේදී ධර්මාවබෝධය ලබාදීම, ඥාණවන්තයා ද දෙමව්පියන්ට ද වැඩිහිටියන්ට සැලකීම හා එහි වටිනාකම පැහැදිළි කිරීම ද හොද බොදු කරුණු අප සමාජයේ ඇති යහපත් අයහපත් දේ මාතෘකා කරගෙන රචනා කර ඇති මෙම කාව්‍ය සංග්‍රහය ළමා වැඩිහිටි සියලු දෙනාටම එකසේ රසවිදිය හැකි වටිනා ග්‍රන්ථයකි.

සංශෝධිත 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ ( විශේෂ විධිවිධාන ) පනතට අදාළ නීතිය

Highlights:

ශ්‍රී ලංකාවේ ණය අයකර ගැනීම පිළිබඳව 1918 අංක 02 දරන මුදල් ණයට දීමේ ආඥා පනත,1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥා පනත සහ 1949 අංක 06 දරන උකස් පනත ආදි වශයෙන් පනත් සහ ආඥා පනත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇත.

එම පනත් වලට අමතරව ප්‍රථම වතාවට කාර්යක්ෂමව ණය ආපසු අයකර ගැනීම අරමුණු කොටගෙන 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සම්මත කර ඇත.

මැන්ඩකෝන්ලාගේ නව යටත් විජිතය

Highlights:
කතුවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රදේශයේ කෙනෙකි. ගමේ පාසලෙන් අ. පො.ස (සා.පෙළ) සමත්ව බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාල වරම් ලබයි. උපාධියෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසර 2ක් ගුරු වෘත්තියේ යෙදුන අතර 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව අරන්තලාව (මහඔය) ප්‍රදේශයේ උප දිසාපති ලෙස පරිපාලන සේවය ආරම්භ කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබයි. රත්ගම ප්‍රදේශයේ වාමාංශික දේශපාලන පන්නරයද සමග කතුවරයා කොළඹ විශ්ව විද්‍යාලයේ වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි පෙළ ක්‍රියාකරුවකු වේ. ඒ හරහා ලබා ගන්නා ප්‍රායෝගික හා න්‍යායාත්මක දේශපාලන දැනුමත්, රාජ්‍ය පරිපාලන සේවයේ විචක්ෂණ රාජ්‍ය සේවාවක යෙදීමෙන් ලද දේශපාලන, පරිපාලනමය, සමාජමය හා ගෝලීය කටයුතු පිලිබඳව දැනුම හා විඥාණය, මෙම ග්‍රන්ථය තුළින් පිළිඹිබු වේ.

දේශපාලන මෙන්ම සංවර්ධන පරිපාලනය නිසි මගට ප්‍රවිෂ්ඨ කිරීම සඳහා දේශපාලන න්‍යායාත්මක කරුණු හා නව යටන් විජිතවාදී උපක්‍රමයන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නන් අවබෝධ කරගනු ඇති බව කතුවරයා විශ්වාස කරයි.

Western Music Question Papers

Highlights:
Western Music Question Papers with Answers – Grade 8

දීප්තිමත් ශිෂ්‍ය නායකයෙක් වන්නේ කෙසේද? – How To Shine as a Prefect?

Highlights:
මෙම කෘතිය මගින් ශිෂ්‍ය නායක කුසලතා, වගකීම්, ඉදිරිපත්වීම්, සැලසුම් කිරීම, තීරණ ගැනීම, සන්නිවේදන කුසලතා ආදී වශයෙන් ශිෂ්‍ය නායකයකු තුළ තිබිය යුතු සියලු ගුණාංග පෙන්වා දෙන අතර ඒවා වැඩි දියුණු කර ගැනීමට මග පෙන්වයි.

Science Short Notes – Grade 09

Highlights:
This book is designed with short notes related to science syllabus.

11 ශ්‍රේණිය සිංහල භාෂා ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II

Highlights:

11 ශ්‍රේණිය සිංහල භාෂා ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II

09 ශ්‍රේණිය සිංහල භාෂා වාර විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II

Highlights:

09 ශ්‍රේණිය සිංහල භාෂා වාර විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II

03 ශ්‍රේණිය දෙවන බස සිංහල වැඩපොත

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 3 ශ්‍රේණිය දරුවන් සඳහා සිංහල භාෂාව පිළිබඳ දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත රචනා කර ඇත. සරල අභ්‍යාස මඟින් දෙමළ බස මනා ලෙස ප්‍රාථමික සිසුන්ට අවබෝධ කරවීමට මෙම පොත මහඟු දායාදයක් වනු නිසැකය.

ජාතික නිදහසේ මහා පුරුෂයා

Highlights:

“මට ඕනෑ කරන්නෙ
විජය කුමාරයා පළමු කොට ම
ලංකාවට ගොඩ බැස්ස
මේ තම්මැන්නාවෙ පටන්
බුදු හාමුදුරුවො පළමු කොට ම
ලංකාවට වැඩම කළ මහියංගනය දක්වා
ආයෙත් එක ම සිංහල
ගොවි ජනපදයක් කිරීම යි.”

බොදුනුවන් දැනුවත් කළ ඕල්කට්තුමා

Highlights:

“ඇමෙරිකන් ජාතිකයකු වූ සෙන්පති හෙන්‍රි ස්ටීල් ඕල්කට්තුමා අපේ ජාතික වීරයෙක් වුණේ කොහොම ද කියා ගෙදරදී කරුණු දැනගෙන අවිල්ලා ලබන ඉරිදා දහම් පාසල් රැස්වීමේදී කතාවක් කරන්න කියලා මට ලොකු මහත්මයා කිව්වා. අම්මා ඒකට මට තොරතුරු කියා දෙන්න ඕනෑ.”

දෙනුවර රණමඬල (මුල්ලේරියා අභිමානය II)

Highlights:

මෙකල්හි..
මෙනුවර ඇත්තෝ පරම්පරා හා ඉතිහාසය දැනුමෙන්ද
දේශප්‍රේමයෙන් හා ජාතිකානුරාගයෙන්ද
දුප්පත් වූය..
ඔවුන්ගේ මීමුත්තන් රට බිළිගන්නට ආ පරංගින්
එක්දහස් හයසියයක් කඩුගා මුල්ලේරියාවෙල
ලෙයින් පුරවා, සිංහලයාගේ අභිමානය රැකදුන් බව හෝ
නොදැන සිටින්නාය.

වෙල්ලස්සේ රන්මැණිකේ

Highlights:

මැණිකෙගෙ සොහොන එක්කම කෙළවර               ඉදිරි
නැග එන සිතින් හඬකිය කෙනෙකුගෙ                    කෙඳිරි
ඒ දෙස නෙත් හෙළී යළි බියවුන                                ටිකිරි
සෙනෙවි ඳු මහනාම එහි ඉන්නේ                               වැතිරී

නිර්මල රේඛා

Highlights:

“දරුවො හැදුවා වගේ නෙවෙයි පුතෝ, උන් පාරට ගිහිල්ල වාහනයකට අඩ තිව් දාට තමයි උඹලගෙ ඇස් ඇරෙන්නෙ. ඔන්න අද නම් පූරුවෙ වාසනාවකට තමයි කොලුවා බේරුණේ. කොහෙද ඉතින්- මෙතන දරුවා බලා ගන්න කෙනෙක් නැති වග කවුරුත් දන්නෙ නැහැ නේ.” ආච්චි ආරම්භ කළේ එසේ ය.

ගෙත්තම් කල සිත්තම්වල හැටි

Highlights:

“මින් ඉදිරියට අයියාටයි මටයි එළවලු කොටුවට වතුර දාන්න ලැබෙන්නේ නැහැ.
තව දවස් පහකින් මම මෙහෙන් කැන්දගෙන යනවා.
අද තමයි මුණගැහෙන අන්තිම දවස.
අනේ අයියේ මං ගැන හිතලා දුක් වෙන්න එපා.”
“ගීතානි අක්කා බැඳලා සතුටින් ඉන්න.
මමත් මගේ මහත්තය එක්ක සතුටින් ඉන්න උත්සාහ ගන්නවා.”
“අයියා මොන වරදක් කලත් මම අයියට සමාව දෙනවා.”
“අයියට මගේ හිතේ තියෙන ආදරේ අබ මල් රේණුවකින්වත් අඩු නැහැ කියලා හිතා ගන්න.”
වෙලාගත් දෑත් ගැල වී දෙදෙනා දෙපැත්තට ගියේ හදවත් ගිණි සුලකින් දැවී යද්දීය.

මුල්ලෙරියා පෙම්පුවත

Highlights:

දෑ අබිමනය ඉහටත් ඉහළින්                         රන්දා
වෙළ මැද සටන් කොට අපි ජය දද              බැන්දා
මුල්ලෙරියාව නම විහිළුවකට                        අන්දා
නොකරවු මිනිසුනේ පරපුරකට                  නින්දා

සිංහල පුවත

Highlights:

මනනන්දන  හැඟුම් සිතුවිලි     කුළුණු                     නැඟ
රස වින්දන   දහම පෙන්විය      දියුණු                        මඟ
හද බන්දන   දනගෙ සෙනෙහස  පිදුණු                    රඟ
‘නගරංගන   වෙහෙර’ කරවිය    දකුණු                      දිග

පිය පුතු වත

Highlights:

අතීත ලංකා ඉතිහාසයේ පැතිකඩක් මුල් කර ගෙන ලියැවුණ මෙම කතාවේ එන චරිත කීපයකි. ඉන් ප්‍රධාන වන්නේ කාවන්තිස්ස, විහාර මහා දේවිය, ගැමුණු හා තිස්ස චරිත ය. ඉනුත් සුවිශේෂ වන්නේ ගැමුණු කුමරුවන්ගේ චරිතයයි. මෙම චරිතය තුළින් රාජ්‍ය පාලනයේ දී ඉටු කිරීමට සිදු වන කැප කිරීම් කවරේ දැයි මනාවට එළිදැක්වෙයි.එසේම පාලකයන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග ද අවස්ථානුකූලව ඉදිරිපත් කෙරෙයි. එම අභියෝග ජය ගැනීමට පිය කාවන්තිස්ස රජුත්, මවු විහාර මහා දේවියත් කළ කැප කිරීම්, දැරූ උත්සහයන්, ඇති වූ ගැටලු ආදියත් මෙහි දැක්වෙයි.

සසර කතරෙන් එතෙර වන්නට (සදහම් දෙසුම් අංක -1)

Highlights:

මේ ධර්ම ග්‍රන්ථය ලේඛණ ශෛලියෙන් නොව සාමාන්‍ය‍යෙන් ධර්මදේශණයක් පවත්වන ව්‍යවහාර විලාශයෙන්ම සංස්කරණය කර ඇත.

ධර්මාභිලාෂි පැවිදි-ගිහි සැමටම “සසර කතරෙන් එතෙර වන්නට” නම් මේ දහම් පොත අතිශයින් ප්‍රයෝජන්වත් වේ.

සීල සමාදානෝපදේශය

Highlights:

පොහෝ දිනවල සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් වනු පිණිස ශීල සමාදානෝපදේශය නමැති මෙම පොත සකසා ඇත. මෙහි ඇතුළත් විවිධ කොටස් කියවා බලා තේරුම් ගැනීම බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. සියලු ප්‍රධන කරුණු සිංහල තේරුම්ද සහිතව ඇතුළත් කර ඇත්තේ වඩාත් ඵලදායක වීම සඳහාය.

සිංහල ව්‍යාකරණ – 2

Highlights:
  1. අපේ හෝඩිය
  2. පද
  3. ක්‍රියා පද
  4. නිපාත පද
  5. වාක්‍ය තැනීම කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය
  6. උපසර්ග
  7. සමානාර්ථ පද
  8. විරෝධාර්ථ පද …

සම්මත යහපාලනය සහ ශ්‍රී ලංකාවේ භාවිතය

Highlights:

‘යහපාලනය’ යන පදය සඳහා පොදුවේ පිළිගත් එක් නිර්වචනයක් නැති අතර එයින් අදහස් කෙරෙන්නේ කිසියම් පාලන ක්‍රමයක් ද නොවේ. මහජනතාව වෙනුවෙන් පාලන කටයුතුවල නියැලෙන දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් තමන්ට හිමි වන ‘බලය’ (Power) පාවිච්චි කිරීමේ දී එය ජනතාවගේ යහපත වෙනුවෙන් ම යොදා ගත යුතු බව පොදුවේ පිළිගනු ලැබුව ද ලෝකයේ බොහෝ රටවල එය ඒ ආකාරයට ම සිදු වන්නේ නැත.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – අතහැරීම 16

Highlights:

බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය මැජික්කරුවෙක්, මායාවක් යැයි දේශනා කොට තිබියදීත්, අපි තවමත් එම මැජික්කරුවා, මායාකරුවා මම යැයි ගන්නවා, මගේ කොට ගන්නවා, මාගේ ආත්මය කොට ගන්නවා. සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම මම යැයිම ගන්නවා.

සිකිපිල් අසෙනිය

Highlights:

“ඔයාල මොකට ද අඬන්නේ ? මෙයාලට පිස්සු”
අක්කා එසේ කියමින් අම්මාගේ රූරා වැටෙන්නට වෙර දරන කඳුළු කැටයක් පිසදා හැරියා ය.
දරුවන් කුමන වරදක් කළත් මවුවරුන්ට ඔවුන් දරුවන්ම ය. දසමසකට ආසන්න කාලයක් කුස තුළ හොවා පෝෂණය කර ඉන් අනතුරුව රුහිරු කිරට හරවා ඇති දැඩි කළේ යම් අනතුරක සේයාවක් දැනෙන විට ද මවුවරුන්ගේ දෙනෙතේ කොනක කඳුල උපදී. පියවරුන් ද එසේ නැතුවාම නොවේ.”

රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා

Highlights:

“රෝග සුවයට භාවනා සහ පිරිත්” යන කුඩා ග්‍රන්ථය 90% ක්ම රෝග සුවය ලබාදීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයනවාට කිසිදු සැකයක් නැත. මෙම පොත පරිශිලනය කර එහි සඳහන් භාවනා ක්‍රම පිළිපැදීමෙන් කායික, මානසික නිරෝගීතාවය ලබාගත හැකිය.

නමක් නැති නුඹ

Highlights:

“ඔයා නම් පුදුම ශක්තියක් තියෙන කෙල්ලෙක්
ඒ මනුස්සයට වාසනාවක් නෑ ඔයත් එක්ක ඉන්න”

“ඔය කතාව මට නොකියපු කෙනෙක් නැති තරම් හසරැල්…
ඒත් එයාට මගේ අගයක් නැති නම් මට වෙන කරන්න
දෙයක් නෑ හිත හදාගෙන පැත්තකට වෙනවා ඇරෙන්න..”

“ඔව්…. ඒක ඇත්ත. ඔයා අරන් තියෙන්නෙ ගන්න තියෙන
හොඳම තීරණේ. ඒත් ඔයා තාමත් එයා මත්තේ නැහෙන
එක නම් මම අනුමත කරන්නෙ නෑ.”

“ඒක මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි… ඒත් වෙන
කෙනෙක් ගාව නවතින්න තරම් මං හිත හදාගෙන නෑ තවම.
බලමු… ජීවිතේ කවදාහරි මට පුළුවන් වෙයි. ”

සාර්ථක ඉදිරිපත්කිරීමක් කරන්නේ කෙසේද?

Highlights:
අද වනවිට ඉදිරිපත් කිරීම හුදෙක් ම විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ වඩාත් දියුණුවට පත් වී හමාරය. එනිසා සාර්ථක කථිකයෙකු වීමට, සාර්ථක විවාදකයකු වීමට, සාර්ථක ඉදිරිපත් කරන්නෙකු වීමට මෙම මාර්ගෝපදේශයන් ඔබට හොද අත්වැලක් වනු නොවනුමානය.

කළුතර සහ මොරොන්තුඩුවේ තුන්තරා බෝධි බුද්ධ පූජා

Highlights:

කළුතර සහ මොරොන්තුඩුවේ තුන්තරා බෝධි බුද්ධ පූජා නම් කෘතිය, වන්දනා අවස්ථා වල කළ නොකළ යුතු දේ පිළිබඳ අගනා කවි සහ ගීත ඒ ඒ අවස්ථාවලට අත්‍යවශ්‍ය පිරිත් සූත්‍ර, පිරිත් පාඨ හා ආශිර්වාද ගාථා, භාවනා විධි සහිත නිර්මාණයකි.

ප්‍රොමීතියස්ගේ දරුවෝ

Highlights:

අද ලොව පුරා දක්නට ලැබෙන,පළමු පෙළේ සාහිත්‍යකරුවන් තම නවතම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්‍රවණතාවයෙන් සනාථ වන්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්‍රධාන සාහිත්‍යාංගය බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බවයි.

මේ වන තෙක් ශ්‍රි ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය බොහෝ දුරට පරිවර්තන වලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින්ද සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්‍රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අප රටේ ද සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීමේ සුබ ලකුණයි.

ආදරේ ඒ වගේ

Highlights:
“අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද” කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා.

“මොකෝ….. බයවෙලා….” හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි.

“ම්… මගේ ඇඳුම…..  ඒක කොහොමද ගැලවුනේ….” ඇය ගොත ගසමින් ඇසුවේ

ඒ දෑස් මගහරිමිනි

“හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. ”

ඔහු ඇයව විහිළුවට ගන්නේය.

“අනේ බය කරන්න එපා”

මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි

ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. ”

“මම ගැලෙව්වේ නෑනේ….” ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි.

“හරි එතකොට ඔයා කියන්නේ ඔය ගවුම මම ගැලෙව්වා කියලද” තුෂේන් ඇඳෙන් නැගිට්ටේ සිනහව සඟවාගෙන ය.

,හැබැයි ඉතිං මම ගැලෙව්වා නම් ඒක විතරක් ගලවලා නිකා ඉන්නේ නෑ ……. ඉතුරු ටිකත් ගලවනවා………” රතු වූ ඇය තව තවත් රතු වෙද්දී , ඒ කෝල හැඟීම ඇයට නිදහසේ විඳින්නට ඉඩදී තුෂේන් නාන කාමරයට වැදුණේය.

13 ශ්‍රේණිය ප්‍රායෝගික භෞතික විද්‍යාව

Highlights:

අන්තර්ගතය

  1. වියැලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
  2. මීටර සේතුව භාවිතා කරමින් ප්‍රතිරෝධ දෙකක් සැසඳිම
  3. මීටර සේතුව භාවිතයෙන් ලෝහයක් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණක සෙවීම
  4. මීටර සේතුව භාවිත කර කම්බියක ආකාරයෙන් ඇති ද්‍රව්‍ය‍යක ප්‍රතිරෝධකතාව සෙවීම….

SCIENCE Grade 08 – Part III

Highlights:

Contents

  1. Main Biological Processes in plants
  2. Life Cycles of living organisms
  3. Food Preservation
  4. Phenomena and Explorations Associated with solar system …etc.

රාහුල හංදිය

Highlights:

රාහුල හංදිය

අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය රසායනය – (කොටස් 1-4)

Highlights:

අ.පො.ස උසස් පෙළ නව නිර්දේශය 2017

අවශ්‍ය සියළු විෂය කරුණු මෙහි අන්තර්ගත ය. එමෙන් ම සෑම පරිච්ඡේදයකම අවසානයේ ඇති ගැටළු විසඳීමෙන් විෂය කරුණු මනාව අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබේ.

Stering Crosswords (75 Puzzles)

Highlights:
75 addictive and taxing puzzles guaranteed to provide hours of enthralling entertainment.

Preparation For Marriage With Love

Highlights:
A Psychological Guide For a Meaningful Marriage

විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය

Highlights:

මෙහි පරිච්ඡේද 8 ක් අඩංගු වෙයි. එම පරිච්ඡේද විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය හදාරන්නවුනට අතිශයින් වැදගත්වන සංකල්ප පැහැදිලි කරදීමටත්, යම් යම් ගණනය කිරීම් පියවරෙන් පියවර දැක්වීමටත්, යොදාගෙන තිබේ. මේ පොත ලියැවී ඇත්තේ බොහෝ විට ශිෂ්‍ය‍යින්ගේ අත්පොතක ස්වරූපයෙනි.

භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය

Highlights:

අ.පො.ස උසස් පෙළ සිසු සිසුවියන්ගෙත් ගුරු භවතුන්ගෙත් පරිහරණය සඳහා 2018 වසරේ සිට බලපැවැත්වෙන සංශෝධිත නිර්දේශයෙහි ධාරා විද්‍යුතය කොටස ආවරණය වන සේ සැකසු පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කෙරේ.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – ආර්ය අෂ්ටාංගික මාර්ගය

Highlights:

“මේ උතුම් ආර්ය
අෂ්ටාංගික මාර්ගය,
පින්වත් ඔබ නිවැරදිව
ජීවිතයට එකතු
කරන්නේ නම්, සෑම
නිමේෂයකදීම, නිවනට
පක්ෂ වෙන්නා වූ
සත්තිස් බෝධිපාක්ෂික
ධර්මයන් සියල්ලම ඔබ
තුලින් ලියලා වැඩෙනු
ඇත.”

භෞතික විද්‍යාව – පදාර්ථ හා විකිරණ

Highlights:

පෙළගැස්ම

  1. තාප විකිරණය හා කෘෂ්ණ වස්තු විකිරණය
  2. ප්‍රකාශ විද්‍යුත් ආචරණය
  3. පදාර්ථයේ තරංගමය ස්වභාවය හා ඩී බ්‍රෝග්ලී සම්බන්ධය
  4. X- කිරණ
  5. විකිරණශීලතාව
  6. න්‍යෂ්ටික ශක්තිය….යනාදිය

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර – බුද්ධි පරීක්ෂණය I පත්‍රය

Highlights:

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව – කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
නිලධාරින් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
බුද්ධි පරීක්ෂණය I පත්‍රය
•අනුමාන ප්‍රශ්න හා පිළිතුරු අඩංගු අලුත් ම පොත.

Western Music Theory Work Book Two

Highlights:
Western Music Theory Work Book 2

Western Music Theory Work Book One

Highlights:
Western Music Theory Work Book One

English For Young Learners (Grade 4)

Highlights:
English For Young Learners For Grade 4

Maharahatun Wedimaga Osse – Giving up 4

Highlights:
The articles of this book has written in Sinhala by most venerable Rajagiriye Ariyañāna Thero in Sri Lanka. Ven. Dr. Bikkuni Kusumaa
translated it as “Giving Up”. Everybody should read and realize.

Maharahatun Wedimaga Osse – Giving up 3

Highlights:
This book is the english traslation of the original sinhala book consisting of a series of articles authored by a most venerable thera, who is a highly venerated sri lankan wandering buddhist monk residing in remote monasteries and forest hermitages.

Maharahatun wedimaga Osse – Giving up 1

Highlights:
The articles of this book has written in Sinhala by most venerable Rajagiriye Ariyañāna Thero in Sri Lanka. Sunil Wettimuny translated it as “Giving Up”. Everybody should read and realize.

ගිගිරි – 1 6 ශ්‍රේණිය සඳහා නර්තනය

Highlights:

නව නිපුණතා පාදක විෂයමාලාවෙහි පළමු අදියර 2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇත. නව විෂයමාලාවේ දෙවන අදියර 2015 වර්ෂයේදී 6 වන ශ්‍රේණියටද හඳුන්වා දී ඇත. ඒ අනුව 2015 නව විෂය නිර්දේශයට අනුව 6 වන ශ්‍රේණියේ නර්තන විෂය සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.

පෙම් හීන අහුරක්

Highlights:

ඔයා දැනන් හිටියා අපි අහසයි පොළවයි කියලා…

ළං වෙන්න බෑ කියලා දන්න නිසා ඔයා මුලු ලෝකෙන්ම හංගන් මට පෙන්නපු ඒ හීන ටිකත් අරං මං යන්නම යනවා…

ඔයා නිසා මට අලුත් ජීවිතයක් ලැබුණා අයියේ ඒ ජිවිතේ හින්දා

 

1 2 3 5 6
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping