Author Publication

Author Publication

(Showing 361 – 420 products of 460 products)

Show:

ධම්ම පදය තෙවන කාණ්ඩය

Highlights:

ධම්ම පදය වනාහි මෙලොව හා පරලොව පිළිබඳ විශ්වාසයක් තබා ඇති ඕනෑම අයෙකුට දෙලොවම දිනිය හැකි මහඟු උපදේශයන් ගෙන් පරිපූර්ණ කෘතියකි. එහි දැක්වෙන කථාවස්තු මගින් හෙලි කරන්නා වු ජීවන දර්ශනය අත්‍යන්තයෙන්ම අපගේම ජීවිත කැඩපතේ ජායාවක් බව දැකගත හැක්කේ ඒ තුළට කිඳා බැසීමට අප ගන්නා උත්සාහය මගිනි. ධම්මපදය පිළිබඩඳ මෙයට පෙර පළමු ග්‍රන්ථ දෙකෙහි වර්ග 11කට අයත් ගාථා 156 ක් හා ඒවාට සම්බන්ධ කථාවස්තු 126 ක් පිළිබඳව විස්තර ඇතුළත් කළෙමු. මෙම තෙවන කාණ්ඩයට අයත් වන්නේ වර්ග 8 කට සම්බන්ධ ගාථා 116 ක් හා කථා පුවත් 77කි.

පැරණි ගෙබිම් සංග්‍රහය 1

Highlights:

කිසියම් අයෙකු මේ ලොව එළිය දැකීම සඳහා එන ගමනේදි බිහිවීම,හුස්ම ගැනීම,ඇඬිම යන තුන් කරුණටම සම්බන්ධතාවය ගොඩ නැගෙන සාධක වනුයේ ජන්ම පත, නිවස හා ශබ්දයයි.මෙහි දී උපන් තත්ව ගති සම්පත්ති වශයෙන් දැක්වෙන අතර එය පාලනය කල හැක්කේ ප්‍රයෝග සම්පත්තියටයි. තවද ප්‍රයෝග සම්පත්තිය යනු අපට වර්තමානයේදි ද කළ හැකි දෙයයි.මෙහිලා මූලික වනුයේ අප පදිංචි නිවස හා අපගේ වචනයයි. වැඩියෙන්ම අපට යහපත හෝ අයහපත උදා කරනුයේ ශබ්දය හෙවත් වචනයයි.ඊළඟට නිවසද තුන් වනුව උපන් තත්වයද බලපායි.මෙහි දැක්වෙන්නේ පුරාණ අසුරයන් විසින් භාවිත කළ වාස්තු වේදයන් හෙවත් අප ගේ මුතුන් මිත්තන් විසින් භාවිතා කළ වාස්තු වේදයන් ය.

ධම්ම පදය, පළමු කාණ්ඩය

Highlights:

ලෝකයේ ඇතැම් රටවල විවිධ භාෂාවන්ට පරිවර්ථනය වී ඇති ධම්ම පදය ත්‍රිපිටකයේ දැක්වෙන අනෙකුත් ග්‍රන්ථ අතර බුද්දක නිකායට අයත් එකකි. මෙහි ඇතුලත් ගාථා පිළිබඳව විවරණ දැකිය හැක්කේ අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ “ධම්මපදට්ඨ” කථා නම් ග්‍රන්ථයේය.

මිනිසාගේ මනස අවුලෙන් අවුලට පත්වන්නේ අධික තෘෂ්ණාව හේතු කොට ගෙනය.අවුලෙන් නිරවුල් වීමේ ක්‍රමය දහම් රසය පානය කිරීමයි. සියලු රසයන්ට වඩා දහම් රසය ශ්‍රේෂ්ඨ වන්නේ එම නිසාය. ලොව කවරෙකුට වුවද කිසිම අගුණයක් නැති මෙම උතුම් පානය අවුරුදු දෙදහස් පන්සීයකට වඩා ඈත ඉතිහාසයක සිට මිනිස් හදවත් සැනසීමට මහෝපකාරිවී ඇත.

ජනප්‍රිය ළමා කවි

Highlights:
කුඩා දරුවන් සදහා වැදගත් වන ජනප්‍රිය ළමා කවි ඇතුළත් ග්‍රන්ථයකි.

ආවුද හා උපකරණ

Highlights:

“ආවුද හා උපකරණ” නමැති ග්‍රන්ථය වටිනා කෘතියකි.එහි සියලු අත් ආවුද හා උපකරණ පිළිබඳ හැඳින්වීමත්, ඒවා පරිභෝජනය කරන ආකාරයත් පිළිබඳ ඉතා සරලව පැහැදිළි කොට ඇත. එය කාර්මික කේෂ්ත්‍රයට අවතීර්ණ වන අභ්‍යාසලාභින්ට, කාර්මිකයින්ට හා කාර්මික විෂය උගන්වන ගුරුවරුන්ට අත් පොතක් වශයෙන් භාවිත කළ හැකි ය.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 15

Highlights:

මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්
වහන්සේ මේ වන විට කොහි වැඩ
සිටිනවාදැයි මම නොදනිමි.
එහෙත් උන්වහන්සේ මේ පින් බිමේ
කුමන හෝ ගැඹුරු වනගැබක
අලි, කොටි, වළසුන් මැද ඒක
විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි
මම විශ්වාස කරමි. මේ ඝෝර
කටුක සංසාරයේ බිය දැක මේ
ආත්මයේදීම සසර දුකින් එතෙරවීම
අදිටන් කරගනිමින් සෘජුව නිවන්
මඟේ ගමන් කළ උන්වහන්සේ ලබා
ඇති මග ඵල ගැන කියන්නට තරම්
මම සමතෙක්‌ නොවෙමි. එහෙත්
උන්වහන්සේ වැඩිය යුතු බවුන්
වඩන උතුමකු බව කියන්නට මම
නොපැකිලෙමි. තම අවබෝධය
මෙන්ම අත්දැකීම්ද
උන්වහන්සේ සතු වූ කුඩා පොත්
කිහිපයක සංස්‌කරණය නොකළ
සටහන් ලෙසින් මා අතට පත් කළ
උන්වහන්සේ නෙපෙනී ගියහ.
එහෙත් ඒ සටහන්
කෙතරම් දාර්ශනිකද, ගැඹුරුද
ආශ්චර්යමත්ද. නිවන් මඟට පිළිපන්
ගිහි පැවිදි උභය පාර්ශ්වයට ම
මෙය අගනා පූජාවක් වනු ඇතැයි
මගේ පුහුදුන් සිත කියයි.මේ
සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද
ඒවා ලියු උන්වහන්සේගේ නාමය
හෙළි නොකරන සේ කරන ලද
ඇයැදුමක් ද විය.

ධම්ම පදය

Highlights:

සිව්වන කාණ්ඩය

(ගාථා හා කථා වස්තු සංග්‍රහය)

මෝටර් වාහන රෝධක පද්ධති (BRAKING SYSTEMS)

Highlights:
මෝටර් වාහනයක ඇති විවිධ යාන්ත්‍රික හා විදයුත් පද්ධති
අතරින් වැදගත්ම පද්ධතිය ලෙස රෝධක පද්ධතිය (Braking
System) හැදින්විය හැකිය. එයට හේතුව වන්නේ, වේගවෙන්
ධාවනය වන මෝටර් වාහනයක වේගය පාලනය කර ගැනීමට
මෙන්ම වාහනය නවතා ගැනීමට ද හැකි වන්නේ රෝධක
පද්ධතියේ ආධාරයෙන් වීම ය.විවිධ නිර්මාණයන්ගෙන් හා ක්‍රියාකාරිත්වයන්ගෙන්
යුක්ත රෝධක පද්ධති මෝටර් වාහනවල දක්නට ලැබේ.
බොහෝ නවීන වාහනවල රෝධක පද්ධති ප්‍රතිඅගුලු රෝධක
පද්ධතියක්ද (Anti-Lock Braking System-ABS) සමන්විත
නිර්මාණය කර ඇත.එමගින්, වඩාත් විශ්වාසනීය වූ ද ,
කාර්‍යක්ෂම වූ ද, සේවාවක් රෝධක පද්ධතිය තුළින් ලබාගත
හැකි වේ.

මෙම පොතෙහි පරමාර්ථය වන්නේ,මෝටර් වාහනවල
දක්නට ලැබෙන රෝධක පද්ධතිවල නිර්මාණය හා
ක්‍රියාකාරිත්වය මෙන්ම,ඒවායේ නඩත්තු හා අළුත්වැඩියා
කටයුතු පිළිබදව ද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීම ය.
එමගින් මෝටර් යාන්ත්‍රික විදයාව විෂයයක් ලෙස හදාරණ
සිසුන්ට මෙන්ම,වාහන කාර්මිකයන්ට ද අවශ්‍ය වන නයායික
හා ප්‍රායෝගික දැනුම පුළුල්ව ලබාදීම අපේක්ෂා කෙරේ.

හයිබ්‍රිඩ් වාහන (HYBRID VEHICLES)

Highlights:
හයිබ්‍රිඩ් වාහන පිළිබදව ශ්‍රී ලංකාව තුළ පමණක් නොව
ලෝකය පුරාම ජනතාවගේ මෙන්ම රජයන්ගේ ද අවධානය
ඉහළ යමින් පවති. එයට ප්‍රධාන හේතුව වන්නේ,වාහනවලින්
ඇතිකරන්නාවු පරිසර දුෂණය හයිබ්‍රිඩ් වාහන භාවිතයෙන්
අඩුකර ගැනීමට හැකිවීමයි. එයට අමතරව සැලකිය යුතු
මට්ටමකින් ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීමට ද ඉඩ
සැලකේ.

මේ හේතුන් නිසා මුල් අවධියේ හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය
කෙරෙහි අවධානයක් යොමු නොකළ ඉහළ ගණයේ වාහන
නිෂ්පාදනය කරන සමාගම් පවා හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනයට
අවතීර්ණ වී තිබේ.

වාහන හයිබ්‍රිඩ් පද්ධතිවල නිර්මාණයන් දිනෙන් දින වැඩි
දියුණු කරමින් ඒවායේ කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සදහා
වාහන නිෂ්පාදකයින් නිරතුරුව කටයුතු කරමින් සිටිති.
එහෙත් එම පද්ධතිවල ක්‍රියාකාරිත්වයේ මූලික සිද්ධාන්ත
එලෙසම පවති. හයිබ්‍රිඩ් පද්ධති පිළිබද අවබෝධයක් ලබාගැනීම
වාහන කර්මිකයන්ට මෙන්ම,වාහන පිළිබදව උනන්දුවක් දක්වන
සෑම කෙනෙකුටම වැදගත්වනු නොඅනුමානය

මෝටර් සයිකල් පදවන ඔබට

Highlights:
වර්තමාන ලෝකයේ දියුණුවන තාක්ෂණය සමගින් ප්‍රවාහන
ක්ෂ්‍රේත්‍රයද වඩාත් ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුලද මෝටර්
සයිකලය ප්‍රවාහනයේදී ඉතා විශාල මෙහෙයක් ඉටුකරණු ලබන
අතර අප කාගේත් පොදු වාහනයක් බවට පත්ව ඇත. මෙම ග්‍රන්ථය
මෝටර් සයිකල් භාවිත කරන්නවුන් සේවා හා අළුත් වැඩියා කාර්මිකයින්
හා ඒ පිළිබද උනන්දුවක් දක්වන සැමට සරිලන සේ මෙය නිර්මාණය කර
ඇත.

දොර දොර කළුවර

Highlights:

1793 Philadelphia නගරයට උණ වසංගතයක් එනවා. ඒක හරි භයානක වසංගතයක්. එකල උණ කටුව වගේම වෙද නලාව තිබුනෙත් නැහැ. මුළු නගරයම ගොදුරු උනා. ජනාදිපති Washington නගරය අතහැර ගියා. මේ නවකතාවේ කතා නායිකාව matilda නම් 14 හැවිරිදි දැරියක්. මෙම පොතෙන් කියවෙන්නේ matilda සහ නගර වැසියන් එම වසංගතයට මුහුණ දෙන ආකාරය. කුසගින්න, රෝගය හදුනාගෙන නොමැතිකම, දිනපතා දන්නා කියන උදවිය මිය යාම, හැම උදේකම මිනි ගෙනියන්න කරත්තයක් ගෙයක් ගානෙ පැමිණීම , වෙළද පොළ වැසි යාම , දොස්තරලා වගේම එහෙම නොවන අයත් බෙහෙත් දීම , සිරුරු වලින් රුධිරය ඉවත් කිරීම වැනි නොයෙක් දේවල් සිදු වෙනවා. මෙම නගර වැසියන් කිසිම නගරයකට බාර ගන්නේ නැහැ. එළවනවා.වසංගතයට සුදු කළු භේදයක් තිබුනේ නැත.අන්තිමට matildaට රෝගයෙන් මව මිය ගිය දරුවෙකුගේ මව වෙන්නට සිදුවෙනවා.

Matilda කියන්නේ මෙම අනුවේදනීය කතාවය.

අපේ උරුමය

Highlights:

උරුමය යනු ජාන මෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට යන
දෙයක්. අපේ උරුමය ලෙස ගැනෙන්නේ ශ්‍රි ලාංකිකයාගේ
අතීතයේ සිට පැවත එන පාරම්පරික අයිතියක්.

මේ අයිතිය නිවැරදිව අවබොධ කර ගැනීම ජාතික
යුතුකමක්. අද මෙම දැනීම නාගරික දරුවාට පමණක් නොව ගැමි
දරුවාට ද නොමැති වීම ඛෙදවාචකයක්. ප්‍රවීණ
ගත්කරු ඩබ්.ඒ.ජේ. වනිගසේකර මහතා මේ ගැන සිතා අපේ උරුමය
මැයෙන් ලියා පළකර ඇති මේ පොත් පිංචෙන් අපගේ
සාංස්කෘතික උරුමය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබා දීමට ගෙන
ඇති ආයාසය අගය කළ යුතු ය.

වාහන සම්ප්‍රේෂණය, සුක්කානම හා තිරිංග

Highlights:

මෝටර් රථ කාර්මික විද්‍යාව හා බැඳි විවිධ විෂයන් ඉතා සරල සුමග
බස්වහරකින් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ අවබෝධයක් නැති කොයි කා
තුළ වුවද ඒ කෙරේ උනන්දුවක් ප්‍රබෝධයක් පමණක් නොව දැනුමක්ද
ලබාදීමට ගන්නා වෑයම ප්‍රශස්තය.

ශ්‍රී ලංකාවට අවේණික පක්‍ෂීන්

Highlights:

පක්ෂින්ගේ සිරුරේ ඇති අස්ථි පද්ධතිය ඉතා සැහැල්ලුය. නමුත් එය ඉතා ශක්තිමත්‍ ය. අස්ථි සැකිල්ලේ සැහැල්ලු බවට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ අස්ථි තුළ වාත කුටීර පිහිටා තිබීමයි.මෙම අස්ථි පද්ධතියේ පපු ඇටය විශාල වී වැටියක් ආකාරයට පිහිටා තිබේ. පියාසර කිරීමේ දී පියපත් යුගලය ක්‍රියාත්මක කිරීමට උපකාරී වන මාංශ පේශීන් සවි වී තිබෙන්නේ මෙම ලය පෙදෙසේ අස්ථියටයි.

රිය පදවන ඔබ දෑතට

Highlights:

මෝටර් වාහන තම විෂය කේෂ්ත්‍රය සේ ගෙන මේ වන විට පොත් කිහිපයක් ලියා පළකොට ඇති සුනෙත් පින්තු මහතා ද්වීතීය දත්ත හා තොරතුරු එක් රැස්කර සම්පාදනය කොට ඇති රිය පදවන ඔබ දෑතට නම් කෘතිය වාහන හිමියන්ට හා රියදුරන්ට පමණක් නොව මෝටර් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරණ තැනැත්තෙකුට හා රියදුරෙකු වීමට සුදානම්වන තැනැත්තෙකුට තමා විසින් දැනගතයුතු මුලික කරුණු පිළිබඳ අවබෝධයක් සපයයි.

මුහුණුපොතේ යතුරුපතින්

Highlights:

රුහිරු වගුරුවන අවිය අවියක් කර නොගෙන යොවුන් කවියන් “කවිය” අවියක් කර ගැනීම අප තුළ දනවන්නේ සුපසන් හැඟිමකි. මෙම කවි තුළ අඩුපාඩු සෙවීම නොකළ යුතු වුවද ඔවුන්ට සුන්දරත්වයේ නිවැරදි මඟ හඳුන්වාදීම බහුශ්‍රැත කවියන්ගේ යුතුකමකි. “මුහුණුපොතේ යතුරු පතින්” පොත් පිංච තුළින් අපේ ම්ව්බිමෙහි සතරදිග් භාගයේ මෙන්ම පිටරට ද සිටිනා යොවුන් කවියන් කිවිඳියන්ගේ නිර්මාණ එක මිටකට ගෙන දොරට වැඩුම ගැන අප සතුටු වෙමු.

කෙම්බිම ජ්‍යොතිෂ සංග්‍රහය 1

Highlights:

ලෙඩ දෙකක් ඇති සතෙක් ලෙඩ එකක් ඇති ගහක් ලඟ සිට ගෙන කන්න බැරි දෙයක් ඉල්ලා කෑගහනවා. කිසියම් සත්වයෙකු ගේ කර්ම ශක්තිය නිවැරදිව දැකිය හැක්කේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේලාට පමණි.ඒ ඒ කර්මයන් ඇති වීමට ජන්මියා කළ කී දෑ සහ එයට හවුල්කරුවන් හවුල් කරුවන් ගේ වත්මන් තත්වය එම කර්ම සිදුකළ කාලය එයට යෙදුන හේතුව ආදි කුසල හෝ වේවා !අකුසල හෝ වේවා! කර්මය පිළිබඳ නිවැරදි දැන ගැනීමට නම් ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා ගේ දේශනා වල කර්ම විෂය අචින්ත හෙවත් අවසානයක් නොමැති බව සඳහන් ය. කර්මය රහත් බව ලබා සිටිය ද පල දෙන බවත් රහත් බව ලැබිමෙන් පසු කරන කියන කටයුතු සඳහා කර්මයක් ඇති නොවන බවත් සඳහන් ය.

පරිගණක දෝෂ අලුත්වැඩියාව (සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ විසඳුම)

Highlights:

පරිගණකයේ මතුවිය හැකි සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ හඳුනා ගැනීම සහ අලුත්වැඩියා කර ගන්නා ආකාරය සරල බසින් පැහැදිලි කර දෙන ග්‍රන්ථයකි, පරිගණකය පිළිබඳ ආධුනික දැනුමක් ඇති අයට එහි සරල තාක්ෂණික දෝෂයක් පවා නිරාකරණය කර ගැනිමට අපහසු වන අවස්ථා තිබේ. එමෙන්ම පරිගණක පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඇති අයට ද පරිගණකවල මතුවන සමහර දෝෂ සහ අක්‍රියතා නිසියාකාරව නිරාකරණය කර ගැනීමට නොහැකි වන අවස්ථා තිබිය හැක.

ගූගල් සර්ච්

Highlights:

සෙවුම් යන්ත්‍ර හෙවත් Search Engines අතර ප්‍රමුඛයා ලෙස සැලකෙන. Google භාවිතයෙන් තොරතුරු සොයා ගැනීමේ විශේෂ ක්‍රම සහ නව ක්‍රම මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කර තිබේ. සර්ච් කිරීම් පිළිබඳ මුලික කරුණු, සර්ච් ඔපරේටර් භාවිත කරන ආකාරය, ගූගල් මගින් ඉමේජ් සර්ච් කිරීමේ ක්‍රම, වීඩියෝ සර්ච් කිරිමේ ක්‍රම,සේෆ්සර්ච් භාවිතය, සර්ච් කිරීම් අසාර්ථක වීමට හේතු News Search, Google Maps, Quick Answers Advanced Search ඇතුළු විශේෂ මාතෘකා කිහිපයක් යටතේ මෙහිදී සරල සිංහල බසින් කරුණු ඉදිරිපත් කර ඇත.

කළමනාකරණය (අනුකලිත ප්‍රවේශය)

Highlights:

කළමනාකරණය (අනුකලිත ප්‍රවේශය)

Management (Integrated Approach)

සංවිධාන චාර්යාව (නයාය, සංකල්ප සහ යෙදීම්)

Highlights:

සංවිධාන චාර්යාව (නයාය, සංකල්ප සහ යෙදීම්)

ORGANIZATIONAL BEHAVIOUR (THEORY,CONCEPTS & APPLICATIONS)

දැව මැනීම (ක්‍යුබික් මැනීම)

Highlights:

(“ගසක් කපන විට පැළ දෙකක් සිටවමු”) දැව මැනීමේ දී (ක්‍යුබික් මැනීමේ දී)භාවිතා වන චක්‍ර මෙහි අඩ්ංගු වේ. ක්‍යුබික් අඩි චක්‍රය සහ මෙට්‍රික් ක්‍රමයට අනුව භාවිත වන ක්‍යුබික් මිටර චක්‍රය මෙහි අඩංගු වන අතර වට කඳ්න් සඳහා ක්‍යුබික් චක්‍රය ද.ලෑලි සහ පරාල වැනි ඉරන ලද ලී වර්ග මැණිම සදහා භාවිතා වන ක්‍යුබික් අඩි චක්‍රය සහ ක්‍යුබික් මීටර චක්‍රය ද මෙහි අඩංගුය.

ෆේස්බුක් (පුහුණුව සහ භාවිතය)

Highlights:

ෆේස්බුක් ජාලය ලොව පුරා සීග්‍ර ලෙස ජනප්‍රිය වීමට මුලික හේතුව එහි සරල බව,නිදහස් බව, බහු ප්‍රයෝජනවත් බව සහ පුළුල් බවය.ෆේස්බුක්වල මෙම ගුණාංග හොඳින් වටහා ගෙන ඥාණාන්විත අයුරින් සහ දක්ෂ ලෙස එය භාවිත කරන්න.ඒ සඳහා ප්‍රශස්ත මග පෙන්වීමක් මෙම ග්‍රන්ථය මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.ෆේස්බුක් භාවිතයේදී ඔබට පවතින හා පැවතිය හැකි ගැටලු හෝ නොදන්නා කරුණු ද මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කර දී තිබේ.

ඩීසල් වාහන ඉන්ධන පධතිය – 2 වන කොටස (ඩිස්ට්‍රිබියුටර වර්ගයේ විදුම් පොම්ප)

Highlights:

ඩීසල් එන්ජිමක ඇති වැදගත්ම හා සංකීර්ණම පද්ධතිය වන්නේ ඉන්ධන පද්ධතිය සමන්විතව ඇත්තේ,මනාව සැලසුම්කර,ඉතා නිරවද්‍යව නිෂ්පාදනය කර ඇති සං‍රචක ගණනාවකිනි.එම සං‍රචකවල නිර්මාණය, ක්‍රියාකාරිත්වය හා සේවා කටයුතු පිළිබඳව ඉගෙනීමට බොහෝ දේ ඇත. එම දෑ පිළිබඳව මනා දැනුමක් හා අවබෝධයක් නොමැතිව ඩීසල් ඉන්ධන පද්ධතියක සේවා කටයුතු සාර්ථකව ඉටු කළ නොහැක.

කැප්පෙටිපොළ වීරයා

Highlights:

කැප්පෙටිපොළ වීරයා

ලංකාධිපති ශ්‍රී රාවණ

Highlights:

රාවණො විදිතො මයිහං – ලංකාවාස්‍ය මහාපුරි

දෘෂ්ටා පාරෙ සමුද්‍රස්‍ය – ත්‍රීකුටගිරිකන්දරෙ ( මහා භාරතය )

සමුද්‍රයෙන් එපිට ත්‍රීකුට ගිරිකන්දරයේ ලංකාපුරයෙහි

වාසය කරන රාවණ ගැන දනිමි.

මහා භාරතය සදහන් කළ

මේ ත්‍රීකූටගිරිකන්දරය

ලකේගල තුන්හිස්ගල

(තුන්කුළු පව්ව) නොවන්නේ ද ?

අග පිපි මල්

Highlights:
 “මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය “බල්ලෙක්” එහා කොණින් අමාට ඇසිණ.”ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න.” ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය.”කවුද” අසිතගේ හඬ රළු විය.”බල්ලෙක්” අමා පිළිතුරු දුන්නාය.”බල්ලෙක්” අසිත එයම ප්‍රතිරාවය කළේය.ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක.”

ව්‍යවසායකත්වය (හැඳින්වීමක් සහ සිද්ධි අධ්‍ය‍යනයක් )

Highlights:

2001 වර්ෂයේ දී සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙහි කළමනාකරණ හා මූල්‍ය පීඨයට අනුයුක්ත වීමට පෙර සිට ම ඔහු කළමනාකරණ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ රචනා කිරීම ආරම්භ කළේ ය. දැනට ඔහු එම ක්ෂේත්‍රයට අදාළව විවිධ විෂයන් ඔස්සේ ග්‍රන්ථ සහ දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් පර්යේෂණ ලිපි සහ වාර්තා රැසක් ම රචනා කොට තිබේ. තව ද, ඔහු මෙම ක්ෂේත්‍රය තුළ උපදේශකයෙකු සහ දේශීය සහ විදේශීය පර්යේෂණ කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය

Highlights:

ව්‍යාපාර ලෝකය තුළ ජාත්‍යන්තර ව්‍යාපාර (Internatinoal Business) නැමැති සංකල්පයට ගෝලීයකරණය තුළින් ඉහළ වැදගත්කමක් ලබා දී තිබේ.

නිරූප රූප

Highlights:

ඇය කුස්සියට යද්දී සචින් ඇඳුම් මාරු කරගෙන වතුර එකක් උණුවෙන්නට තබා පිටත පැද්දෙන ඔංචිල්ලාවේ වාඩි වී සිටියේය.
ඇය ඔහුට ළංව එහිම අසුන් ගත්තාය. මඳක් එහාට වූ ඔහු ඇගේ උකුල මත හිස හොවා ගත්තේය. පිටතින් කෙතරම් සැඩ පරුෂ ලෙස හැසිරුණත් ඔහුගේ අභ්‍යන්තරයේ අහිංසක කුඩා දරුවෙකු සිටින බව නේත්‍රා දැන සිටියාය. ඔහුගේ මවගෙන් නොලැබුණු සෙනෙහස ඔහු විටෙක නේත්‍රාගෙන් සෙව්වේය. ඇය, ඔහුගේ නළලත සිපගෙන හිස සෙමෙන් පිරිමදින්නට වූවාය.
“ඔයා කලු වෙලා..”
ඇය කීවේ ඔහුගේ මුහුණ දෙස බලාගෙනය.
“හ්ම්ම්.. හවස බීච් එකේනේ බබා හිටියේ…”
“නෑවා ද..?”
“නෑවුනා.. මුහුදේ ෆොටොස් ගත්තේ… මගේ ෆෝන් එකේ ෆොටෝස් ඇති… බලන්න..”
ඔහු ස්ටූලය මත ඇති සිය ජංගම දුරකථනය පෙන්නුවේය.

මෝටර් වාහන විදුලි පද්ධතිය ( දෝෂ සෙවීමේ සටහන්ද සහිත 3 වන සංස්කරණය )

Highlights:

මෝටර් වාහන විදුලි පද්ධතිය ( දෝෂ සෙවීමේ සටහන්ද සහිත 3 වන සංස්කරණය )

තිරිංග ( Brake )

Highlights:

මෝටර් කාර්මික කෙෂ්ත්‍ර වීෂය ගැන කථා කිරිමේදී ඒ හා බැදී පවතින වැදගත් වස්තුවකි වාහනය. නිකලස් ජෝසප් පටන් ගන්නා ලද පුරාතණ වාහනයේ සිට අද දක්වා විවිධ වාහනයන් ලොවට එළි දක්වා තිබේ. ඒ හැම වාහනයකම අතිවිශේෂවු පද්ධතියක් සැලසුම් කර තිබින. නවීන වාහන සඳහාද එම පද්ධතිය අති දියුණු ආකාරයෙන් නිමවා ඇත.එය වාහනයේ “රෝධක පද්ධතිය ” යැයි ( BRAKE SYSTEM ) අපි හඳුන්වමු.

අධ්‍යාපන සමාජ විද්‍යා මූලධර්ම

Highlights:

නවතම විෂය කෙෂ්ත්‍රයක් වන අධ්‍යාපන සමාජ විද්‍යාව ශ්‍රි ලංකාවට අදාළ ලෙස ගලපා ලියවී ඇති කෘති ප්‍රමාණය ඉතාම අතලොස්සකි. මේ නිසා එම විෂය හා සම්බන්ධ අධ්‍ය‍යන කටයුතුවලදි දේශිය සාහිත්‍ය මුලාශ්‍රවල ඌණතාව සම්පුර්ණ කර ගැනීම සඳහා මෙම කෘතියෙන් මහගු දායකත්වයක් ලබා දි ඇති බව පැහැදිලිය.

එදා අයුරින්

Highlights:

ම්ණි… ඒ මගේ අම්මා… එයාට කියන්නෙපා..ඔයාට තේරෙන්නෑ මෙ දෙවල්..මොකද ඔයාට… අම්මෙක් නෑ රැහාරා අඬ අඬා කියවන් ආපු ටික මං සම්පුර්ණ කරේ සද්දෙන්. එයා අත් දෙකෙන්ම කට වහගත්තේ ඇසුත් මහත් කරන්.

මසාලා චායි (මදුරාසි සැරිසර)

Highlights:

මසාලා චායි තුළින් ඔහු අප කැදවාගෙන යන්නේ අපේ අසල්වැසි රටටයි. ඔහුගේ විදේශ සංචාරය නම් පුදුමසහගත ය. අප හිතුණු විටෙක ගමේ යන්නාක් මෙනි. කුඩා මල්ලක් කරේ එල්ලා ගෙන කරන මේ සංචාරවල දී ඔහුට විවිධ සංස්කෘතික සමාජ ඇසුරු කරන්නට ලැබේ.

සිංහල වන්නම් කලාව

Highlights:

ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහිත්‍යානුගත ලලිත කලාවකි.සිංහල ගීත කලාවේ ප්‍රෞඪත්වය විදහා පාන මේ ක්ෂේත්‍රය ප්‍රවේණිගත කලා ශිල්පීන් ඇසුරෙහි ම පමණක් අප්‍රකට ව පැවතුණි.එහි අගය වටහා ගත් පුරාණ යතිවරු,ප්‍රභූවරු සහ විද්වත්හු විසින් ඒවා සංරක්ෂණය කරනු ලැබ තිබෙත්.මහවලතැන්න බණ්ඩාර ඊ.ඒ. දෙල්ගොඩ, ඇස්.ඇල්.බී. කපුකොටුවේ සහ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ට එහි ප්‍රමුඛතාව හිමි වේ.මේ පිළිබද ව සංගීතඥ සී. ද එස්. කුලතිලක පර්යේෂණ ග්‍රන්ථයක් සපයා ඇත.මේ විද්වතුන් උඩරට,සබරගමු වන්නම් අඩු වැඩි වශයෙන් විවරණය කර තිබෙනු දැකගත හැකි ය.එවන් පසුබිමක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග ඉදිරිපත් කර තිබෙන සිංහල වන්නම් කලාව නමැති මෙම ග්‍රන්ථය උඩරට,පහතරට,සබරගමු පමණක් නොව මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ රජරට එක්විසි වන්නම,සපරගමු වන්නම් පනහ සහ සියලු අප්‍රකට වන්නම් අලලා ලියැවුණු ප්‍රශස්තතම පර්යේෂණාත්මක කෘතිය බව කිව යුතු ය.

උතුරු දොරටුව

Highlights:

උතුරු දොරටුව

සිද්

Highlights:

“සොරි බං සොරි.

කෙල්ලගේ නෙවෙයි වරද මගේ.

 

“ආලෝකගේ යාදින්න ඇහෙන්න පටන් ගත්තේ

මම කතා කරන්නත් කලින්.

 

“කවදා ඉදන් ද උඹ එක එකාගේ

වැරදි භාරගන්න පටන් ගත්තේ .

ඉරිදා පත්තරේ ගනින්. වරදට සමාව

දෙන උන් හැට හුටහමාරකට

ඉල්ලුම තියෙනවා.

 

“”විහිලු නෙවෙයි බං. ඒ කෙල්ල දන්නවද

උඹ අගෝස්තු පහලට ෆී කරගනවා,

ඒ ඇයි කියලා.. දන්නේ නැහැනෙ.

 

“දැන් එතකොට මම ද ඒක කියන්න ඕනේ?..

මගේ ශෙඩුල් එක හොයගන්න එක නෙවෙයි ද

එයාගේ රස්සාව.. මේ ආලෝක,

උඹ කුලියට සීනි කිරන්නේ නැතුව ෆෝන් එක

තියලා නිදා ගනින්.මම ඒක

එයත් එක්ක බලාගන්නම්.”

 

ආලෝක තවත් මොනවද මොනවද

කියනකොට මම කෝල් එක කට් කරලා දැම්මා.

ආර්ථික ඝාතකයන් මැද

Highlights:

හිටපු මහ බැංකු අධිපති සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රචිත “ආර්ථික ඝාතකයන් මැද“ කෘතිය මේ වන විට එළිදක්වා තිබේ.

“ශ්‍රී ලංකාව, රටක් ලෙස ‘බංකොලොත්භාවය‘ ලෝකයාට නිවේදනය කර හමාරයි. නිදහසින් පසු මේ රටේ සිදු වූ විශාලතම පාවාදීම එයයි. එම බංකොලොත්භාවය ප්‍රකාශ කරවීම සඳහා සතුරු බලවේග ගණනාවක්ම, කාලයක් තිස්සේ සැලසුම් සහගතව කූඪ කුමන්ත්‍රණයක යෙදුණා. ඔවුන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව කෙසේ හෝ ‘බංකොලොත්‘ කර, ‘ජාත්‍යන්තරය‘ ඉදිරියේ දණ ගැන්වීමයි“, යනුවෙන් පවසන හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ආර්ථික ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස් රැසක් මෙම කෘතිය තුළ ඇතුළත් බවයි.

පුංචි අපට දැන් තේරෙයි

Highlights:

පුංචි අපට දැන් තේරෙයි

පිල්ලම් සහිත වැකි ලිවීම පොත – 1 ශ්‍රේණිය (2016 නව නිර්දේශය)

Highlights:

2016 නව නිර්දේශයට අනුව 1 ශ්‍රේණියේ දී ඉගැන්වීමට නියමිත හල් කිරීම හා සියලුම පිල්ලම් ඇතුලත් වැකි ඇසුරින් මෙම පොත සම්පාදනය කර ඇත.

ගණිතය ගුණ කිරීම හ බෙදීම වැඩ පොත 4 ශ්‍රේණිය (2019 නව විෂය නිර්දේශය)

Highlights:

ගණිතය ගුණ කිරීම හ බෙදීම වැඩ පොත 4 ශ්‍රේණිය (2019 නව විෂය නිර්දේශය)

ආර්ථික විද්‍යාව 1

Highlights:

උසස් පෙළ නව විෂය නිර්දේශය සදහා ආර්ථික විද්‍යාව 1

උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 2 කොටස

Highlights:

උසස් පෙළ ගිණුම්කරණය (නව නිර්දේශය) 12 ශ්‍රේණිය 2 කොටස

ව්‍යාපාර අධ්‍ය‍යනය 12 ශ්‍රේණිය 1 පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු

Highlights:

ව්‍යාපාර අධ්‍ය‍යනය 12 ශ්‍රේණිය i පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු

උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත)

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත)

A Commentary on Civil Procedure Code and Civil Law in Sri Lanka – Volume 2

Highlights:

A Commentary on Civil Procedure Code and Civil Law in Sri Lanka – Volume 2

FAMILY LAW

Highlights:

FAMILY LAW

The Law Of Delict

Highlights:

The Law Of Delict

THE LAW OF PROPERTY VOLUME – IV

Highlights:

THE LAW OF PROPERTY VOLUME – IV

Applicability of the Evidence Ordinance In Civil Actions

Highlights:

Applicability of the Evidence Ordinance In Civil Actions

The Law of Property – Volume ii – Ownership

Highlights:

The Law of Property – Volume ii – Ownership

A modern treatise on the law of delict (tort)

Highlights:

A modern treatise on the law of delict (tort)

CASE LAW ON CIVIL PROCEDURE CODE FIFTH EDITON

Highlights:

CASE LAW ON CIVIL PROCEDURE CODE FIFTH EDITON

Medical Negligence Claims in Sri Lanka

Highlights:

Medical Negligence Claims in Sri Lanka

සාක්ෂි ආඥාපනත නඩු තීන්දු සමග 2015 නව සංස්කරණය

Highlights:

සාක්ෂි ආඥාපනත නඩු තීන්දු සමග 2015 නව සංස්කරණය

බෙදුම් නඩු පනත තෝරාගත් නඩු තීන්දු සමග

Highlights:

බෙදුම් නඩු පනත තෝරාගත් නඩු තීන්දු සමග

THE LAW OF EVIDENCE (with Special reference to the law of sri lanka) Voliume 11 (book 2 )

Highlights:

THE LAW OF EVIDENCE (with Special reference to the law of sri lanka) Voliume 11 (book 2 )

 

CRIMINAL PROSECUTIONS UNDER THE INTELLECTUAL PROPERTY ACT NO 36 OF 2003

Highlights:

CRIMINAL PROSECUTIONS UNDER THE INTELLECTUAL PROPERTY ACT NO 36 OF 2003

GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 3

Highlights:

GENERAL PRINCIPLES OF EVIDENCE IN SRI LANKA VOLUME 3

1 2 5 6 7 8
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping