Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-97732-0-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "බ්‍රෝහියර් දුටු ලංකාව" to the cart because the product is out of stock.
ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනයෙන් බිඳක්
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීමෙන් පසු ලන්දේසීන් විසින් ක්‍රි.ව. 1658 වර්ෂයේ දී මෙරට මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන්ගෙන් අල්ලා ගත්හ. එසේම ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, ත්‍රිකුණාමල වරායේ වැදගත්කම, වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ තිබු වැදගත්කම ආදී හේතු නිසා 18 වන සියවසේ අවසන් කාලයේ දී ඉංග්රීසිහු මෙරට කෙරෙහි අවධානය යොමු කළහ.
Notify me when item is back in stock.
Be the first to review “ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනයෙන් බිඳක්” Cancel reply
Related Products
ඉතිහාසයෙන් ඇසෙන කතා
කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
විසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
ජාතික වීරයෝ
අපගේ ජාතික වීරයන් පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම සඳහා ලියැවුණු කෘතියකි. මේ කෘතියෙන් ජාතික වීරයන් 15 දෙනෙකු පිළිබඳ කතා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී වීර චරිත කතා පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය නිසා මෙම පොත පාසල් වෙත යොමු කරවීම වඩාත් සුදුසු වේ. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි.
BUY EBOOK VERSIONවීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.
BUY EBOOK VERSIONජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
ඉතිහාසයේ රස කතා
ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.
BUY EBOOK VERSIONපිටිසර මිනිස්සු
මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිතිකරුගේ දැක්ම පළල් ය. සරලය මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජිවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්රදායයන් පිලිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීයලෙසපිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.
දුටුගැමුණු රජු මළේ නැත
ඓතිහාසික පොත් පත් හා ජනප්‍රවාද ඇසුරෙන් දුටුගැමුණු රජතුමාගේ චරිතය පිළිබඳ නව අර්ථ කථනයක් ඉදිරිපත් කරන ඓතිහාසික නවකතාවක් ලෙස ‘දුටුගැමුණු රජු මළේ නැත‘ කෘතිය හඳුන්වා දිය හැකිය.
BUY EBOOK VERSIONමඟ දිගට ජනකතා
මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි.
එදා හෙළ දිව
මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.
BUY EBOOK VERSIONඋඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
There are no reviews yet.