Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-652-172-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිව ඇති සුවිශේෂී කුසලතාවක් වන චින්තන හැකියාව තම ජිවිතයේ උපරිම සාර්ථකත්වය සදහා උපයෝගී කර ගැනීමට මනෝවිද්‍යා ක්ෂේත්‍ර නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නම් වේ.
Notify me when item is back in stock.
Be the first to review “සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්” Cancel reply
Related Products
මැංචෝසන් චාරිකා
බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.
එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.
මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.
මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.
එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන් ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.
ඩෙනිස්ගේ දස්කම්
ඩෙනිස් නමැති දරුවාගේ දඟකාරකම් මෙන්ම දස්කම් ගැන ඉතා රසවත් සිද්ධි මේ කතාවෙන් කියවෙයි.
හරි පුදුම ඉස්කෝලෙ
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
මිදි ඔය අසබඩ
මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුරුයි.ඔවුන් පදිංචි වූ නිවාස අතරින් අමුතුම නිවස මෙයයි.ඔය කණ්ඩිය යට ඔවුන්ගේ නිවස පිහිටනවා.බිම්ගෙයක් වැනි නිවසක්.මෙහිදී ලෝරා ඒ වගේම ඇගේ සහෝදරියෝ පාසල් යාම ආරම්භ කරනවා.අලුත් පාසලේ අලුත් අත්දැකීම් මේ පොතේ ඇතුළත් වේ.
අපි අවතැන් වූවෙමු
එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?
රැම්සීස්
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු ආලෝකයේ පුත්‍රයා නම් විය.
මේ මිහිරැති සොඳුරු සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි.
ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.
Recently Viewed
හීරා මණ්ඩි අභිසාරිකාවෝ
හීරා මණ්ඩි අභිසාරිකාවෝ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකීරිම හා සිහින සුරැකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලුවිස් බ්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප්‍රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.)
මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණෙති. ඔවුන්ගේ වෙළෙඳාම ගණිකා වෘත්තිය ලෙස නිරවද්‍යතාවයෙන් විස්තර කළ හැකි වුව ද එසේ නර්තනයේ යෙදෙන යුවතියන්ට කීර්තිමත් ඉතිහාසයක් ඇත.
ඔවුන්ට සුල්තාන්වරුන් විසින් දැඩි රුචිකත්වයක් දැක්වු අතර මෝගල් සංස්කෘතියේ හොඳම විදග්ධ සහ විචිත්‍ර සම්ප්‍රදායන් ඔවුන් සතු විය. වර්තමානයේ නූතන බොලිවුඩ් සෞන්දර්යය, එහි විචිත්‍රවත් සංදර්ශන, සංගීතය සහ නැටුම්වලට ආදරය කිරීම එම යුවතියන්ගේ දුරස්ථ උරුමයයි. එහෙත් මාහා හා ඇගේ දියණියන් තිදෙනා දැන් ගත කරන්නේ පම්පෝරි ගැසිය හැකි ජීවිතයක් නොවේ. ආගමික නායකයන් විසින් ඉවසා සිටින නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු ඉස්ලාමය මගින් තහනම් කර ඇති දේවල්ය. ඔවුන් ගණ්ජි (අපිරිසිදු) ලෙස සැලකෙන නමුත් මාහාට මෙන්ම ඇගේ දියණියන්ට ද එයින් ඉවත්විය නොහැකියි.
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.
රෝස්මරී පර්ල් හෙවත් මුතු
වර්ෂ 1842 වන විට මෙරට
මුල් බැස ගනිමින් තිබුණු
වැවිලි ආර්ථික රටාව පසුබිම්
කරගෙන අපේ ගැමි සමාජයේ
ආර්ථික, දේශපාලන, සමාජ,
සංස්කෘතික මෙන්ම භුගෝලීය
වෙනස්කම් සිදු වී ඇති අයුරු
වෙද පවුලක් කේන්ද්‍ර කර
ගනිමින් විමසා බැලීම
” රෝස්මරි පර්ල් හෙවත් මුතු”
නවකතාව තුළින් සිදුවෙයි.
එවකට සිංහල සමාජය තුළ පැවති
ආචාර ධර්මවලට පටහැනිව
චුටි වෙද රාලහාමි සිදු කරගත්
විවාහය ගැනද විසිතුරු රූපනයක්
මෙහිදී ඔබට හමුවනු ඇත.
105
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රේම කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රේමය, සන්ත්රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
අපේ ජන ක්‍රීඩා
සමාජ, සංස්කෘතික හා තාක්ෂණික දියුණු වීම් ඉදිරියේ සිංහල ජන සමාජයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින ඔලිඳ කෙළිය, පොර පොල් කෙළිය, චක්කුඩු හා ගුඩු කෙළිය සහ අං කෙළිය යන ජන ක්‍රීඩා පිළිබඳ මතකය නැවත අවදි කරවන්නට සමත් කෘතියකි. පාසල් යන දරුවන්ගේ සිට අප සංස්කෘතියට ආදරය කරන සියල්ලන් විසින් කියවිය යුත්තකි.
BUY EBOOK VERSIONෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මිනිස් කොටියා
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන Wisteria Houseහි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
BUY EBOOK VERSIONPre School Activity Work Book 2
Pre School Activity Work Book 2 ( For Montessori Classes)
The Monk Who Sold His Ferrari With CD
A beautifully crafted fable that has become a worldwide classic, this very special book tells the extraordinary story of Julian Mantle, a successful lawyer forced to confront the spiritual crisis of his out-of-balance life. On a remarkable odyssey to an ancient culture hidden deep in the Himalayas, he discovers powerful lessons that will help you:
විශිෂ්ට පියවර
හැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂී නිසැගියාවක් එහෙමත් නැත්තම් ටැලන්ට් එකක් බවට පත් කර ගැනීමට ලොව ප්රමුඛ පෙලේ ක්‍රීඩකයන්, නළු නිලියන්, ව්‍යවසායකයින් ඇතුළු විශිෂ්ට චරිත භාවිතා කල පුහුණු ක්‍රමවේද සරලව සහ සාරාංශව අන්තර්ගත කෘතියකි.
ඛේමා මහ රහත් තෙරණිය
ඛේමා මහ රහත් තෙරණිය
The Lord Of The Rings The Return Of The King
Concluding the story begun in The Hobbit, this is the final part of Tolkien’s epic masterpiece, The Lord of the Rings. The armies of the Dark Lord Sauron are massing as his evil shadow spreads ever wider. Men, Dwarves, Elves and Ents unite forces to do battle agains the Dark. Meanwhile, Frodo and Sam struggle further into Mordor in their heroic quest to destroy the One Ring. The devastating conclusion of J.R.R. Tolkien’s classic tale of magic and adventure, begun in The Fellowship of the Ring and The Two Towers.
වාණී
සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භූමිය
වෙළාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත්
දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත
විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත්
පිරිස බොහෝය.
වාණී නවකතාව දකුණේ සිංහල ගුරුවරයකුගේ මානුෂීයත්වයත්
නැඟෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සිදුවන අරගලයක්
විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා
ප්‍රේමණීය භාවයන් ඉස්මතු කරන්නේ අප වෙළාගත් ජාතිවාදය පිළිබඳව
ද්වේශය ජනිත කරවමිනි.
දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය
පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර
පාඨකයාට නොදැනීම පුල්ලෙයාරේ කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම,
සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු
අතරට රැගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ
සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.
There are no reviews yet.