Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-652-172-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිව ඇති සුවිශේෂී කුසලතාවක් වන චින්තන හැකියාව තම ජිවිතයේ උපරිම සාර්ථකත්වය සදහා උපයෝගී කර ගැනීමට මනෝවිද්‍යා ක්ෂේත්‍ර නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නම් වේ.
Notify me when item is back in stock.
Be the first to review “සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්” Cancel reply
Related Products
හරි පුදුම ඉස්කෝලෙ
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
වන වැදුණු දොස්තර
Christine Wilson විසින් රචිත Surgeon of the Wilderness ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. තමන්ගේ තත්වය බාහිර ලෝකය සමග සසඳා බලන්න ඔවුනට කිසිම ඉඩක් නැහැ. ඔවුන්ගේ අසන්තෘප්තිය, ඔවුන්ගේ හුදෙකලාවෙන් සහමුලින් ම මර්දනය වෙලා. ඒ තත්ත්වය ශිෂ්ටාචාරයේ නිර්මාණයක්.”
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
නිකීතාගේ ළමා කාලය
අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.
ඩෙනිස්ගේ දස්කම්
ඩෙනිස් නමැති දරුවාගේ දඟකාරකම් මෙන්ම දස්කම් ගැන ඉතා රසවත් සිද්ධි මේ කතාවෙන් කියවෙයි.
මැංචෝසන් චාරිකා
බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.
එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.
මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.
මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.
එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන් ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.
වහලිය
වහලිය
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
මේ මිහිරැති සොඳුරු සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි.
Recently Viewed
අසිරිමත් ව්‍යවසායකත්වය
සාර්තක ව්‍යවසායක ගමනකට මුලික වන්නේ වෙනත් විෂය ක්ෂේත්රයන් මෙන්ම ව්‍යවසායකත්වයට අදාළ මූලධර්මයන් විෂය පතයක් ලෙස හදුනාගෙන අධ්‍යයනය කිරිම සහා අනුගමනය කිරීමයි.
උසස් පෙළ ජීව විද්‍යාව ජීවයේ රසායනික සහ සෛලීය පදනම ශීඝ්‍ර පුනරීක්ෂණ (2017 නව නිර්දේශය)
උසස් පෙළ ජීව විද්‍යාව ජීවයේ රසායනික සහ සෛලීය පදනම ශීඝ්‍ර පුනරීක්ෂණ (2017 නව නිර්දේශය)
ප්‍රායෝගික ලේඛන
විවිධ දැන්වීම් සැකසීම, රාජකාරි ලියුම්, ආරාධනා පත්‍ර වැනි දේ පිළියෙල කිරිම පාසල් වියෙහි සිටම හුරුවිය යුත්තකි. මේවා සකස් කළ යුතු යම්කිසි ක්‍රමවත් පිළිවෙළක් පවතී. ඒ පිළිබඳව මෙම කෘතියෙන් ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කෙරේ.
පියෙර් සහ ශෝං
ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.
මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
Science Book (Promate) Plain 240p
Science Book (Promate) Plain 240p
ප්‍රේම යුද්ධය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.
ළමා මනාලියකගේ කඳුළු කතාව
සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
ගුණසේන සිංහල, දෙමළ හෝඩි පොත
මෙය ලාංකේය හෝඩි පොත් අතරට එක් වූ සුවිශේෂ කෘතියකි. සිංහල, දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය සකස් වී ඇත. අක්ෂර පිළිබඳ අවබෝධය හා ඒ ඇසුරින් වදන් පිළිබඳ අවබෝධය ද ලබා දෙයි. වර්ණ සිතුවම් සහිතව කල්පවත්නා ඔප කඩදාසියේ මුද්‍රිතයි.
නරලොව හොල්මන් 3
දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 3” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.
Find Me
Perfect for fans of Tahereh Mafi’s New York Times bestselling Shatter Me trilogy, this book collects the final two companion novellas, Shadow Me and Reveal Me, leading up to the explosive final in the series – coming next year. Shadow Me Juliette is still reeling from Warner’s betrayal, and Kenji is trying to balance his friendship with her with his responsibilities as a leader of the resistance against the Reestablishment. Things get even more interesting when an unexpected person from Omega Point’s past surfaces. Reveal Me Readers are brought back to the Shatter Me world one last time before the final novel installment in the series hits shelves in 2020. |
Gebi Sindhuwa
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONදෙවියන්ගේ පුදුම තෑග්ග
ග්‍රීක ළමා කතා අප ළමා පරපුරට එතරම් කියවන්නට ලැබෙන්නේ නැත. ‘දෙවියන්ගේ පුදුම තෑග්ග‘ කෘතිය එම අඩුව යම් තාක් දුරකට සපුරාලීමේ උත්සාහයකි. මෙහි කර්තෘ ලාල් ප්‍රේමනාත් ද මැල් රාජ්‍ය සම්මාන ලාභී කතුවරයෙකි.
BUY EBOOK VERSION
There are no reviews yet.