Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1596-99-6 |
Language | Sinhala |
Pages | 180 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හැඩ ඇති සෙවණැල්ල
රු500.00
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
මෙය සුප්‍රකට නීතිඥ පෙරී මේසන් විසඳන තවත් සාර්ථක අපරාධ නඩු විභාගයකි. ජල කරාමයක ජලය ගලායාම අධ්‍යයනය කිරීමෙන් මිනීමැරුම් අබිරහස් විසඳිය හැකිද?. විත්ති කාරිය වූ අහිංසක තරුණිය එම චෝදනාවෙන් නිදහස් කරගැනීමට ඔහුට හැකිවේ ද?.
Notify me when item is back in stock.
Be the first to review “හැඩ ඇති සෙවණැල්ල” Cancel reply
Related Products
අන්තිම දුම්රිය
|
කතන්දර කියන්නී
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ්රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප්රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
මූ නං මහ…
|
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
නිල් දියමන්තියේ අබිරහස
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.
සකුන්තලා
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි
කිසිවක් නොකියමි අම්මේ …
මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක් වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට පටන් ගත්තා.කාමරයෙන් කාමරයට යමින් .දෑත් දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා අධ්ක වේගයෙන් ඔහු දුවන්නට වුණා
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
හන්ටිං පාටි
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
Recently Viewed
සිහින සේයා
වැරැද්ද තේරුම් අරගෙන හරි පාරට එන මිනිස්සු ආයෙම වැරදි පාරට යන්නෑ දෝණි.. මොකද එයාලා ඒ පාරේ ඇවිද්ද නිසාම ප්‍රතිවිපාක හොඳටම දන්න නිසා මම අහන්නේ, විශ්වාසය තියන්න පුළුවන් කියන එක හිතට දැනෙනවා නම්, ඇයි විශ්වාස නොකර ඉන්නේ කියලා.. ආදරය වෛරය වෙන්න පුළුවන් නම්, වෛරය ආදරය වුනාම මොකද චූටි.
සඳ මල්වර වස්සානේ
“කවුරු වගේද පෙන්නේ කියලද දැනගන්න ඕන, මගේ දරුවගේ අම්මා වගේ,මගේ ගෑනි වගේ…,ඔව් මට ඕන නාඩගම් නටන්න, එත් ඒ තනියම නෙමෙයි,ඔයත් එක්ක…., මුළු ජිවිත කාලෙම ඔයත් එක්ක සුභා, දැන් මට හරි මහන්සි,දැන් මේ හොඳටම ඇති.ජිවිතේ නැවතුණ තැනින් අපි ආයේ පටන් ගමු සුභා, මං හොඳ වෙන්න බලන්නම්,ඉස්සර වගේම මාව දරාගන්න,
අධ්‍යාපනයේ සමාජ විද්‍යාත්මක පදනම
මෙම කෘතිය රචනා කර ඇති එස්.ගලගමගේ මහතා ප්‍රථම උපාධිය සඳහා සමාජ විද්‍යා විෂය හදාරා ගෞරව සාමාර්ථයක් ලබා වසර දොළොහක් ගුරු සේවයේ නිරතව ඇත.පසුව අධ්‍යාපන විද්‍යා කෙෂ්ත්රය තුළ අධ්‍යාපන සමාජ විද්‍යාව හැදැරීමෙන් හා පර්යේෂණ තුළින් පශ්චාත් උපාධි හතරක් ලබා ඇත
සුදු වැද්දා 3 අපරාජිතයා
හෑන්ස් සිය ශක්තිමත් දෑත්වල ආධාරයෙන් බියට පත්ව සිටි නැවියාවත් වාරු කරගෙන යාත්‍රාව දෙසට වේගයෙන් පිහිනන්නට විය.
” හෑන්ස් ඉක්මන් කරනවා… පිටිපස්සෙන් මිනී මෝරෙක් එනවා” යාත්‍රාවේ උඩ රැදි සිටි පිරිස කෑ මොර ගසන්නට වුයේ උස් හඩනි.
ඒ වනව්ට මිනී මෝරා සිටියේ ඔවුනට ඉතා සමීපයෙනි. එඩ්මන්ට් වේගයෙන් ඇදී එන මෝරා දෙසට තුවක්කුව මානාගෙන සිටියේය.
“වෙඩිතියන්න එඩ්මන්ට්… වෙඩිතියන්න..” සියල්ලෝම කෑ ගැසුවේ එක හඬිනි.
තවත් ඇසිල්ලකින් හෝ ප්‍රමාද වීමට ඉඩක් නොමැති බව එඩ්මන්ට්ට හැඟී ගියේය. ඔහු හරියට එල්ලය ගෙන කොකා ගැස්සුවේය.
ළමා කවි මුතු
කුඩා දරුවන් සදහා වැදගත් වන ජනප්‍රිය ළමා කවි ඇතුළත් ග්රන්ථයකි.( 3.4.5.6.7.8 ) වසර වල දරුවන් හට
ළමා මනසට උචිත පරිදි නිසි අවබෝධයකින් යුතුව උචිත වස්තු තෝරා ගැනීම තාරකා, මල්, හඳ, රාත්‍රිය, සමනලයා,අලියා,කෝච්චිය,බළලා, ගඟ, රෝසමල, අම්මා, පියා, මව් රට,හාවා ඒ අතර වේ. සරල සුඛනම්‍ය භාෂා රීතියක් තෝරාගැනීම, සිත්ගන්නා සුළු උපමා රූපක භාවිතා කිරීම, ගායනයට සුදුසු ආකෘති හා විරිත් තෝරාගැනීම යන කරුණු ඇතුලත් වේ.
සිටියේ නිතර …….. බුම්මා
අපෙ ලක් දෙරණ….. අම්මා
මුළු ලොවම ……… නම්මා
නිදහස් කිරුළ ……. දැම්මා
Key Words With Ladybird 2a
Key Words with Peter and Jane uses the most frequently met words in the English language as a starting point for learning to read successfully and confidently. The Key Words reading scheme is scientifically researched and world renowned. In book 2a, Peter and Jane are having fun at the beach in 27 new words including ‘look’, ‘to’, ‘go’ and ‘yes’. Once this book has been completed
අපේ උරුමය
උරුමය යනු ජාන මෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට යන
දෙයක්. අපේ උරුමය ලෙස ගැනෙන්නේ ශ්‍රි ලාංකිකයාගේ
අතීතයේ සිට පැවත එන පාරම්පරික අයිතියක්.
මේ අයිතිය නිවැරදිව අවබොධ කර ගැනීම ජාතික
යුතුකමක්. අද මෙම දැනීම නාගරික දරුවාට පමණක් නොව ගැමි
දරුවාට ද නොමැති වීම ඛෙදවාචකයක්. ප්‍රවීණ
ගත්කරු ඩබ්.ඒ.ජේ. වනිගසේකර මහතා මේ ගැන සිතා අපේ උරුමය
මැයෙන් ලියා පළකර ඇති මේ පොත් පිංචෙන් අපගේ
සාංස්කෘතික උරුමය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබා දීමට ගෙන
ඇති ආයාසය අගය කළ යුතු ය.
බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත්රයේ ආයෝජකයෙකි. සැන් ෆ්රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?
3 ශ්‍රේණිය පරිසරය වැඩපොත
2018 නව විෂය නිර්දේශය වෙනුවෙන් පරිසර තේමා 16 ක් යටතේ සම්පාදිත මෙම වැඩපොත දරුවන්ගේ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියට මනා පිටුබලයක් ලබා දෙන ලෙසින් සම්පාදිත ය. එක් එක් තේමාව අවසානයේ දී දරුවා උගත යුතු ක්‍රියාකාරකම් පාදක වාචික ඉංශ්‍රීසි වචන ද මෙහි අන්තර්ගත ය. සිසුන්ට සමීප භෞතික, ජෛව, සමාජ පරිසරය කෙරෙහි අවධානය යොමු කර මෙම සියලු ම ක්‍රියාකාරකම් සකස් කොට තිබේ.
චීන අධිරාජ්‍යය (අතීතයට යමු- පොත් අංක 3)
ඉතිහාසය ඉගෙන ගන්න ෆ්රිසිල් ටීචර් එක්ක අපි අතීතයට යමු! ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඉක්මනින් ම ආපහු එමු!
There are no reviews yet.