Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 710008-01-4 |
Language | English |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
Progressive Series In Theory Of Music Book 1
රු525.00
Price Summary
- රු525.00
- රු525.00
- රු525.00
Theory Of Music Work Book 1
Be the first to review “Progressive Series In Theory Of Music Book 1” Cancel reply
Related Products
ඕගන් පුහුණුව -4
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
ජුලියස් සීසර්
ජුලියස් සීසර් යනු මහාකවි විලියම් ෂේක්ස්පියර් නාට්‍ය අතුරින් අතිශයින්
සාර්ථක නාට්‍ය කිහිපයෙන් එකකි. ෂේක්ස්පියර් නාට්‍ය ට්‍රැජඩි,කොමඩි හා
ඓතිහාසික නාට්‍ය වශයෙන් වර්ග ත්‍රයකට අයත් වේ. ඒ අතුරින් ජූලියස්
සීසර් අයත් වන්නේ ඓතිහාසික නාට්‍ය කුලයකට ය. ක්‍රි.පූ.1 වැනි සියවසේ
පොම්පේගෙන් පසුව රෝම අධිරාජ්‍යය ශක්තිමත් කළ බලසම්පන්න ස්වෛරී
පාලකයා වුයේ ජූලියස් සීසර් ය. ඔහු රෝම අධිරාජයා බවට පත්වන්නට ඔන්න
මෙන්න කියා තිබිය දී ඔහු ස්වාර්ථසිද්ධිය සඳහා විජිගීෂාවෙන් පෙළෙන්නෙකැයි
සිතූ බෲටස් කැසියස් ආදි කොටගත් ඔහුගේ කුලුපග මිත්‍ර මන්ත්‍රිවරු ඔහුට
විරුද්ධව කුමන්ත්‍රණය කොට. කැපිටෝල් ශාලාවේදි ම් මහ දහවල් ඔහු ක්‍රෑර
ලෙස ඝාතනය කළහ. මෙම නාට්‍යයේ සාකච්ජා වන්නේ එම ඝාතනයට තුඩුදුන්
හේතු කාරණා සහ ඉන්පසු ඝාතනයට මෙන් ම රෝම අධිරාජ්‍යයට ද අත් වු
ඉරනම ය. මෙහි කථාව සීසර්ගේ චරිතය වටා ගෙතුණ ද, නාට්‍යයේ අඬක්
ගෙවී යන්නටත් පෙර හේ මියයයි. මෙහි කථා නායකයා වශයෙන් කැපී
පෙනෙන්නේසීසර් හට එරෙහි ව කුමන්ත්‍රණය මෙහෙයැවු සීසර්ගේ ඉතා ම
සමීප මිතුරා වු බෲටස් ය.
ගී මියැසිය-2
වර්තමාන තරුණ පරපුර වාදක කණ්ඩායම් බිහිකර ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. නමුත් බොහෝ දෙනෙකුට සංගීත පංතියක් වෙත ගොස් සංගීතය හැදෑරීම අසීරුය. එම නිසා සංගීතය හදාරන තරුණයන් හට ගී මියසිය පොත් පෙළ ඉදිරිපත් කරමි. හැකියාවක් ඇත්නම් ඔබට තනිවම වුවද මෙම ගීත ප්‍රස්තාරය පුහුණුවිය හැකි වුවත් ගුරුවරයකු නොමැතිව සංගීතය වැනි විෂයක් හැදෑරීමට පහසු නොවන වගද අමතක නොකරන්න.
මෙම ගීත වල පෙර වාදන හා අතුරු වාදන පෙරදිග ප්‍රස්තාර ක්රමයටත් සම්මතයෙන් බැහැරවු නව ක්රමයටත් සකසා ඇත.
ඕගන් පුහුණුව -2
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
ගිටාර් පුහුණුව – 4
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
Progressive Series In Theory Of Music Book 3
Theory Of Music Work Book 3
Western Music Theory Work Book One
Western Music Theory Work Book One
ප්‍රස්තාර සහිත ළමාගී
මෙම කෘතියෙහි අන්තර්ගතය වන්නේ එදා 1925 වකවානුවෙන් ආරම්භ වු ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඇසීමට ලැබුණු ජනප්‍රිය ළමා ගීත වල ස්වර ප්‍රස්තාර සහ ගීතයන් ය. මෙහි දක්නට ලැබෙන ප්‍රස්තාරයන් එදා අසන්නට ලැබුණු ළමා ගීතවල නිවැරදි ප්රස්තාරයන්ම වේ.
නරි බෑනා
කුමටද සොබනියෙ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන් නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබේ හිස පීරන් නම්
මල් පෙති ඉහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින් නම්
මම මගේ ආදරේ පෙන්වන්නම්තණ අග දිලි දලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන් නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියේ ආදර බස් දෙන්නම්
රුසිරු ස්වර අසිරිය
සෑම සංස්කෘතියකම පාහේ සංගීතයට හිමි වන්නේ ඉතා විශේෂිත වූ ස්ථානයකි. එයට ඉතාම වැදගත් අංගයන්ගෙන් පූර්ණ වූ දීර්ඝ ඉතිහාසයක් ඇත. පෙනෙන විදිහට මැදපෙරදිගින් ආරම්භව විවිධත්වයෙන් යුතුව එය මුළු ලොවටම ව්‍යාප්ත වී ඇත. එම ඉතිහාසගත ව්‍යාප්තියට මූලිකම හේතුව වන්නේ එහි ගැබ්වී ඇත බලය හා ශක්තියයි.
නාට්‍ය ප්‍රවේශය විමර්ශනාත්මක අධ්‍යයනයක්
නාට්‍ය හා රංග කලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර – “ රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යයනයක් ” හා “ නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක් ” යන ග්රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියලු ම කරුණු ආවරණය වේ. මෙම කාණ්ඩය වශයෙන් පළ වූ මෙම ග්‍රන්ථය මඟින් ග්‍රීක යුගයේ සිට වර්තමානය තෙක් විහ්ව නාට්‍ය කලාවේ විකාශනය, නාට්‍ය ප්‍රභේද, රීතීන් හා ප්රවණතා මෙන් ම නාට්‍ය කලාවේ සීමාවන් හා ප්‍රබලත්වය ද එහි සංනිවේදනාත්මක ශක්‍යතාව ද පූර්ණ විමර්ශනයකට ලක් කෙරේ. මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලවල හා පාඨශාලාවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුභවතුන්ට හා විද්‍යාර්ථින්ට ද නාට්‍ය නිර්මාණකරණයට අත ගසන පුද්ගලයන්ට ද ගුරු උපදේශ සලසන අත්පොතක් බවට පත් වී ඇත.
Recently Viewed
Exercise Book (Atlas Innov8) B5 120p Square Ruled
Exercise Book (Atlas Innov8) B5 120p Square Ruled
පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි ?
එයා ඉස්සර වගේ මට ආදරේ නෑ.
වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවාම මේ ගෑණි කියවනවා ඉවරයක් නෑ.
එයා බලන් හිටියේ වෙන පැත්තක්. එයාගේ ඔළුව පිටිපස්සෙත් ඇස් තියෙනවාද කොහෙ ද?
මගේ කබායේ තිබ්බ හිසකෙස් කෑල්ල අඩි 20ක් ඈත ඉඳනුත් ඈ දුටුවා. ඒත් කාර් එක ගරාජයේ පාක් කරන්න ගිහින් හැමදාම හප්ප ගන්නවා.
ගැහැණු පිරිමි අතර මෙතරම් වෙනස් කම් ඇයි? ඇත්තටම අපි සමාන ද? විවාහක හෝ විවාහවීමට සූදානම් වෙන සෑම අයෙක්ම කියවිය යුතු පොතක්.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
තාක්ෂණවේදය සදහා විද්‍යාව රසායන විද්‍යාව 1 කොටස
තාක්ෂණවේදය සදහා විද්‍යාව රසායන විද්‍යාව 1 කොටස
ඩ්‍රැකෝන් බලවතුන්ගේ බිහි වීම
සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තාය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දෑතින් දරා සූදානමින් සිටියේය. ඔවුන් දෙදෙනාට දෙපසින් සකාරස් සහ ටොකුගුවා තම ආයුධ ගෙන නැඟී සිටියහ.
“හැමෝටම දැනුම් දෙන්න. අපි මාළිඟාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ළඟට අරන් එන්න කළින් අපි සටන එයාලා ළඟට අරන් යමු.”රණ බෙර හඬ පැතිරෙන්නට වූයේය. මාළිගාවේ ප්‍රධාන ද්වාර විවර විය. විවර වූ ද්වාර අතරින් ධවල වර්ණ ගත් ශක්තිමත් අසුන් සිව් දෙනෙකු පිට නැගි අසරුවන් සිව් දෙනෙකු ප්‍රාකාර වෙතට තම අසුන් මෙහෙයවද්දී, ඔවුන්ගේ පසුපසින් දහස් ගණනක පිරිසක් ප්‍රාකාර වෙත ඇදෙන්නට වූහ.
පාලිභාෂාවතරණය පළමුවැනි පොත
පාලිභාෂාවතරණය පළමුවැනි පොත ( PALIBHASHAWATHARANAYA BOOK ONE )
කලිසමේ වැරැද්ද – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ජෝර්ජ් වික්ටර් මිගෙල් මහතා විසින් රචිත ‘කලිසමේ වැරැද්ද‘ කෘතියයි.
රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980-2020)
රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980-2019)
සංස්කෘත නාමාඛ්‍යාත පදමාලා ( සංස්කෘත වරනැගිල්ල )
සකුව උගන්නා දුහුනන් සඳහා සැකසුණු බැවින් මුලදී සාධාරණ ශබ්දවල වරනැගිලිත් එයට පසු විශේෂ ශබ්දවල වරනැගිලිත් දුන්නමු. අමාරු ශබ්දවල තේරුම් ද උපග්‍රන්ථයක් වශයෙන් දී ඇත.
5 ශ්‍රේණිය පරිසරය, ඉංග්‍රීසි හා දෙමළ
2020 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි.
මුසොලීනිගේ නිධානය
ඉතාලියේ ෆැසිස්ට් පක්ෂයේ නායකයා හා
අගමැතිවරයා වු මුසොලීනි රට තුළ ජාතිවාදය
අවුස්සමින්,ජනතාවගේ දේශප්‍රේමය කුළුගන්වමින්,
ඔවුන්ගේ කනකර අභරණ පවා කොල්ල කෑවේය.
දෙවැනි ලෝක සංග්රාම සමයේ එම ධන නිධානය
නාසීන් අතට පත් වු අතර ඔවුන් වෙතින් ඒවා පැහැර
ගත් කණ්ඩායමක් එය සැඟවුයේ අතැර දැමූ පතලක් ඇතුළතය.
වසර ගණනාවකට පසු තිදෙනෙක් යළි ඉතාලියට
පැමිණෙන්නේ මුසොලීනි ගේ නිධානය පැහැරගෙන
එරටින් පිට කරන්නටය. එහෙත් එය කරන්නේ
කෙසේද? මග දිගට සතුරෝ, දාමරික කල්ලි,
මිනීමරුවෝ, යුද ප්‍රවීණයෝ ඔවුන් පැමිණෙන
තුරු රැක සිටියහ, සියලු දෙනා සතු වුයේ
එක ම එක අරමුණකි. ඒ මුසොලීනි ගේ ධන
නිධානය පැහැර ගැනීමය.
ගිහි ගෙදර
අසංයත ලෝකාස්වාද රතියේ ගුඨස්ථාන හෙළිකෙරෙන
මානව චාරිතාංග රැගත්
පන්සිය පනස් ජාතකයේ
අන්ධභූත, දුරාජාන, මුදුලක්ඛණ, කුද්දාල
ඉල්ලිස, චූල පලෝහන, වාත සෛන්ධව
බ්‍රහ්මදත්ත,චුල්ල ධනුර්ධර, තක්කාරිය
හිස,මහ පලෝභන, සාම්බූලා, සරභංග
නලිනිකා, කුණාල හා මුගපක්ඛ යන
සතළොසක් කතා වස්තු,
වර්තමානිකයන්ගේ ජීවිත පරිඥානය සඳහා
යතු මැද පුරුද්දා නවකතාවක් සේ
මෙසේ ප්‍රතිනිර්මාණය කළ වගයි.
මට පෙර සිටි ඇය
අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නීත්‍යනුකූල බැඳීමක් ඇති
කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම
කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ
හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතළකම
පිළිබදව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා
විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි ඉතින් ගැටළුව
ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි.
මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක්
පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත්‍යානුකූල
හිමිකරිත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච
බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම දැන නොසිටියෙමි.
මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි.
මට ඔහුව සම්පූර්ණයෙන් මගේ කරගන්න අවශ්‍ය වුණි.
There are no reviews yet.