Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-551-757-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ඈන් 5 සිහින මන්දිරය
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.
“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.
Notify me when item is back in stock.
Be the first to review “ඈන් 5 සිහින මන්දිරය” Cancel reply
Related Products
Grade 11 – ENGLISH
This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.
මිලිඳු රාජ ප්රශ්නය 02
“ස්වාමීනී නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර බව
දැනගන්නට පුළුවන් ද?”
“එසේය මහරජාණෙනි,’භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක’
කියා දැනගන්නට පුළුවනි.”
“ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදුරජාණන් වහන්සේ අනුත්තර කියා
දැනගන්නට පුළුවන් වන්නේ කෙසේ ද?”
“මහරජාණෙනි, මෙය පෙර සිදුවු දෙයක්. තිස්ස නම් ස්ථවිරයන්
වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යයන් වහන්සේ
නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා.
උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොම ද?”
“ස්වාමීනී, උන්වහන්සේ ලියන ලද ලේඛනවලිනුයි.”
“මහරජාණෙනි, ඒ විදිහම තමයි. යමෙක් ධර්මය දකී ද. ඔහු
භාග්‍යවතුන් වහන්සේව දකී. මහරජාණෙනි, ධර්මය වනාහී
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය.”
“ස්වාමීනී නාගසේයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”
ව්‍යාපාර අධ්‍යයනය I කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය I කොටස
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයනය විෂය ආශ්‍රිතව 12 ශේණිය විෂය ඒකක 1-4 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.
සිංහල – ඉංග්‍රීසි දෙබස්
මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.
හන්සයො ඉගිළෙති
“සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහගු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්. දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, දුක්ඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත්‍රී භාවනා වඩවනවා.කකුලක් කොට කරලා, විවහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දු පණිවිඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැකනැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන්නම් අපි දිනුම්.
සන්තර්පණ
ලොව පුරා නොමද පාඨක ආකර්ෂණයක් දිනාගත් සාහිත්‍යමය ශානරයක් වශයෙන් “රහස් පරික්ෂක කතා ” හැඳින්විය හැකි ය. යුරෝපීය සාහිත්‍යය තුළ නිර්මිත ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරික්ෂක චරිත ඇතුළත් ප්‍රබන්ධ ලොව පුරා පාඨකයින් අතිශය ආදරයෙන් වැළඳගෙන තිබීම ඊට කදිම උදාහරණයකි.
දඟකාර ළමයි
මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ
ව්‍යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන
සුළු මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවේ. ළමයින්ගේ අතට
මිටට මුදල් නොලැබේ. පවුලේ බිඳ වටුණු ආර්ථිකය යලි ගොඩ
නැංවිමේ අදහසින් ළමයි ලොකු වැඩට අත පොවති.එහෙත් සෑම
කාර්යයක්ම අවසන් වන්නේ බලාපොරොත්තු රහිත ලෙස ය.
ඇක්විලෝනියාවේ කෝනාන්
අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත්‍රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ජේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප්‍රබන්ධ සාහිත්‍යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප්රාග් ඓතිහාසික යුගයේ අර්ධ මිලේච්ජ මනුෂ්‍යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප්‍රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත්‍ර මන්ත්‍ර හා කුමන්ත්රණවලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වු අන්දම ද, මේ කතාවලින් කදිමට නිරූපණය වෙයි.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
මාස්ටර්මන් රෙඩි
නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. “මාස්ටර්මන් රෙඩි” නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද “මාස්ටර්මන් රෙඩිගේ” මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත්‍යයට නව මං විවෘත වනු නොඅනුමානය.
සම්පුර්ණ යි. අසංක්ෂිප්ත යි.
රූප විපර්යාසය
මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.
10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.
There are no reviews yet.