Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-00-1783-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
Pages | 240 |
කුඹලා මැටි පදම්කළ හැටි
රු1,100.00
Price Summary
- රු1,100.00
- රු1,100.00
- රු1,100.00
ෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත
තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි
කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං
ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක්
රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක්
ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං.
මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ
හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල
තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර
ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං
ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල
පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක
තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ
තමයි
Notify me when item is back in stock.
Be the first to review “කුඹලා මැටි පදම්කළ හැටි” Cancel reply
Related Products
අක්කර පහ
සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.
සක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
කාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
පේත
සාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.
Tikiri’s Big Trip
This is a children’s story written in English and tells the story of a little girl named Tikiri who travels around Sri Lanka with her pet dog ‘Sulu’.
අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
චක්‍ර
විසල් අහස කුස සඳ මෝරා වැඩෙමින් තිබිණි. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬුහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළග වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ එය නවත්වන්නට කිසිවෙකුට ඉදිරිපත් නොවූ අතර ටික වෙලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතුණි.
කෙලෙස් පර්වත
‘මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා” යි මෙතෙක් ඔහු ළග නිහඬව සිටි සෝමා කිවා ය. ” මම හරියට බය වුණා… ” “සෝමා අහගෙනද හිටියෙ? ” “ඇහුණා…. මට හරියට බය හිතුණා. ” යි පැවසු සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වෙලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කිවේය. “ඒ මගේ අතීතේ වෙන්නැති…… මගේ අතීතේ මට වද දෙනවා “
අව පෑලවිය
ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.
අපූරු යාළුවෝ
1974 වර්ෂයේ විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනූ මේ කෘතිය ලාංකීය යොවුන් කතා අතර ඉතා දිගු කාලයක් සහෘද මනදොළ සපිරුවකි. දරුවන්ගේ චින්තනය අති ප්රබලය. ඔවුන් රටේ සංවර්ධනයට මනාව උර දෙයි.
එකෝමත් එක දවසක
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSION
There are no reviews yet.