Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-2469-4-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ධම්ම පදය, පළමු කාණ්ඩය
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
ලෝකයේ ඇතැම් රටවල විවිධ භාෂාවන්ට පරිවර්ථනය වී ඇති ධම්ම පදය ත්‍රිපිටකයේ දැක්වෙන අනෙකුත් ග්රන්ථ අතර බුද්දක නිකායට අයත් එකකි. මෙහි ඇතුලත් ගාථා පිළිබඳව විවරණ දැකිය හැක්කේ අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ “ධම්මපදට්ඨ” කථා නම් ග්‍රන්ථයේය.
මිනිසාගේ මනස අවුලෙන් අවුලට පත්වන්නේ අධික තෘෂ්ණාව හේතු කොට ගෙනය.අවුලෙන් නිරවුල් වීමේ ක්‍රමය දහම් රසය පානය කිරීමයි. සියලු රසයන්ට වඩා දහම් රසය ශ්‍රේෂ්ඨ වන්නේ එම නිසාය. ලොව කවරෙකුට වුවද කිසිම අගුණයක් නැති මෙම උතුම් පානය අවුරුදු දෙදහස් පන්සීයකට වඩා ඈත ඉතිහාසයක සිට මිනිස් හදවත් සැනසීමට මහෝපකාරිවී ඇත.
Notify me when item is back in stock.
Be the first to review “ධම්ම පදය, පළමු කාණ්ඩය” Cancel reply
Related Products
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Recently Viewed
බෙල්ල කපාපු හන්දිය
සියල්ල සිදුවන්නේ
ලොව නිදි ගත් අදුරු නිසල රාත්‍රියේදීය.
මෙම අද්භූත බිහිසුණු දාම ඝාතකයා ගේ
මෙම ක්‍රියාවලියේ සැබෑ අරමුණ කුමක්ද ?
අත්ලන්තීදාවේ අවසාන මිනිසා
ආඝාත තත්වයෙන් සුවය ලැබ, වෛද්‍ය උපදෙස් මත සිය ව්‍යාපාර කටයුතුවලට පෙරළා පැමිණීම ඇහිරී ගිය ධන කුවේර සෝලිගේ නෙත ගැටෙන රොෂර් ඩේවීන්යේගේ ‘අත්ලන්තීදාව: අතුරුදන් වූ මහාද්වීපය’ නම් ග්‍රන්ථය පුරාතනික ජාතීන්ගේ පූර්වජයන් නිදන මේ පූජනීය බිම සොයා අත්ලාන්තික් සාගර ගවේෂණයකට ඔහු සතු සියලු සේසත යොමු කරවන්නේය.
ගවේෂණයේ ප්‍රධාන නියමුවා වූ මහාචාර්ය ලැරිසන්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ අට්ටාලයේ තිබී සොයා ගැනුණු අත් පිටපතක් අත්ලන්තීදාවේ ශ්‍රී විභූතිය හා එහි අවසානය පිලිබඳ ලෝ වැසි හද සන්තානය තුළ විචිත්‍ර මෙන්ම බියකරු සිතුවමක් මවන්නේය. ලැරිසන්ගේ වෘත්තාන්තය, වෘන්තාන්තයක් සඳහා අතිශයින් විද්‍යාත්මකය. විද්‍යාව සඳහාද බොහෝ සෙයින් ශෘංගාරාත්මකය.
ලැරිසන්ගේ අත්පිටපත ඔස්සේ සයුරු දියේ නොපෙනී ගිය අත්ලන්තීදාවේ අද්විතීය බව, එහි වහලුන්ගේ නිදහස් අරගලයේ කාහල නාදය මෙන්ම සීමා නැති ආදරයේ ප්‍රතිමූර්තීන් සිය නිර්මාණශීලීත්වයේ දඬුඅඬුවට හසු කර ගනිමින් බිල්යායෙෆ් ‘අත්ලන්තීදාවේ අවසාන මිනිසා’ වියමන නිම කරන්නේය. බිල්යායෙෆ්ගේ ‘උභයජීව’ හා ‘කුංචනාද’ ග්රන්ථ සිංහල පාඨකයාගේ මන දොළ රසාලිප්ත කල අයුරෙන්ම, ඔහුගේ මේ අසමසම අත්ලාන්ත වියමනද ඔවුන් ආනන්දයට පත් කරනු නිසැකය
ගස් මිනිස්සු
‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.
BUY EBOOK VERSIONමලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2014 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්‍රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්‍රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය 2021 වසර වන විට වසර 73 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්‍යාව 53,000 කට අධික ය. අප රටේ සුප්‍රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.
වාරණ සහ තහනම් ආඥා
කිසියම් පුද්ගලයකුගේ නීතිමය අයිතිවාසිකමක් කඩවන ආකාරයෙන් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළකට එරෙහිව තවත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස යොදන නීතිමය ප්‍රතිකර්මයක් වන වාරණ සහ තහනම් ආඥා පිළිබඳ දැනට සිංහලෙන් පළව ඇති එකම කෘතිය මෙය වේ. සිංහල බසින් විනිශ්චිත නඩු තීන්දුවලට අමතරව ඉංග්‍රීසි බසින් විනිශ්චිත නඩු තීන්දු 117 ක් ද මෙහි අන්තර්ගත වේ. නීතිවේදීන්ට, නීති සිසුන්ට පමණක් නොව නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද එක සේ වැදගත් වන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.
BUY EBOOK VERSION
There are no reviews yet.