Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-906-7 |
Language | Sinhala |
Pages | 168 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "සත්‍යය ම පමණයි" to the cart because the product is out of stock.
පැහැරගෙන යාමට පෙර
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
නිදහස තරම් වටිනා යමක් තිබේ ද?
ජීවත් වීමට, අදහස් ප්‍රකාශ කිරීමට පමණක් නොව, දරුවන්ට අනාගතයක් උරුම කිරීමට ද, නිදහස ප්රජාතන්ත්රවාදී සමාජයක ස්ථාපිත විය යුතුය.
මනුෂ්‍ය ජීවිත භීතියෙන් වෙලී තිබීම විදහාපාන්නේ ජිවත් වීමට, අදහස් නොපවතින බව නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් කර තිබීම නොවන්නේ ද?
Notify me when item is back in stock.
Be the first to review “පැහැරගෙන යාමට පෙර” Cancel reply
Related Products
ගෙදර යන අතරමග
1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ,ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිසව අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දුවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.
වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය. මේ ඈ ලියූ දින සටහන් පෙළයි.
තරුසුණු වැස්ස
මගේ සිතිවිලි මගේ ජීවිතයේ ප්‍රීතිමත් ම කාලය වෙත දිව ගියේ ය. කලට් ඩීසා හි සිට මා හර්ජ් වෙතට ගියේ මගේ සැමියා මුණගැසීම සඳහා ය. මට නිමක් නොමැති ව කදුළු හෙළීමට සිදු වන බව එදින මම නො දැන සිටියෙමි. ආදරයෙන් බැඳුණු ළාබාල තරුණියක වන මා මගේ සියලු සිහින සැබෑ වී ඇති බවක් සිතුවෙමි.
සත්‍යය ම පමණයි
මඳ වේලාවකට පසු දුරකතනය නාද වීමෙන් හූ අවදි වුණා ය. ඇය අඬමින් ම නින්දට ගොස් තිබුණි.
“හලෝ?” ඇය කීවා ය. ඇඬීම නිසා ඇගේ කට හඬ වියළී තිබුණි.
“මට හූ ඈන් යුවාන් මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද? මම බැංකොක් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් ඩේවිඩ් රයිඩීන් කතා කරන්නෙ.”
හූ ගේ හදවත නැවතුනි. “මම හූ. තාත්ත තවම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ. ඔයා ළඟ එයාගෙ අංකය තියෙනව ද?”
ආදරණීය දරුවනි
මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.
ඩැල්මේෂන් 101
පොන්ගෝට සහ මිසිස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදහන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ,මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු, අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.
පුතාට ලියමි
“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.
දිලක්ත නීතිය සහ ලතින් භාෂාවේ නෛතික යෙදුම්
දිලක්ත නීතිය යනු රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව වර්ධනය වූ නීති ක්රමයකි.
දයාබර තාත්තාට
මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්‍රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම – ඉගැන්වීම – විවාහ කරදීම – විවාහය – පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.
ගොදුරු
“යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු ඒකිව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?
ඇසට නො පෙනෙන සිතට නො දැනෙන
අප ඇසුරු කරන අප දන්නා හඳුනන සම්හර පුද්ගලයන් සිතා මතා, එසේ නැතහොත් කිසිම අදහසක් අරමුණක් නැතිව, කරන කියන දෑ නිසා ‘සිතක් රිදෙන පෙළෙන සැටි’ වටහා ගැනීම අසීරුය. ඇසට නොපෙනෙන, සිතට නොදැනෙන එවන් සත්‍ය අත්දැකීම් මෙහි අන්තර්ගතය. ඒවා ජීවිතය හා සමාජය තේරුම් ගැනීමට උපකාර වේ යැයි කිව හැකිය.
කසුන් ගිර තරණය
‘මට බස් එකේ යන්න සල්ලි නැහැ’
එයාට හිනාවක් ගියා. සාක්කුව ඇදලා මට ශත විසිපහක් දුන්නා.
‘එපා. මට ශත පහළොවක් ඇති’
ටිකට් කවුන්ටරයෙන් ශත විසිපහ මාරු කරලා මට ශත පහළොවක් දීලා ඉතුරු දහය එයා සාක්කුවෙ දා ගත්තා.
‘බොහොම ස්තුතියි’
මම ආයෙත් වරක් දණ ගහලා වැන්දා.
‘හොඳට ඉගෙන ගන්න’
එහෙම කිව්වෙ නැගිටින කොට ඔලුව අතගාලා.
අප්‍රමාණ ජීවිතයකට
මානසික වෙහෙස ඉවත් කර ගැනීමේ පළමු පියවර නම් නිදහසේ පහළ වන ඔබේ සියලු ම සිතුවිලි පාලනය කර ගැනීමයි. මනසේ ධනාත්මක ඒවා දැයි පරීක්ෂාකාරී වන්න. විනය ගරුක වීමේ පුරුද්ද භාවිතයට ගෙන ඔබ සතුව විශ්වාස කළ නොහැකී බල සංචිතයක් ඇති බව ද, ඒ මගින් සුබවාදී ධනාත්මක සිතුවිලි පමණක් නිපදවිය හැකි බව ද සිතන්න.
There are no reviews yet.