Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Pages | 38 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
“රෝග සුවයට භාවනා සහ පිරිත්” යන කුඩා ග්‍රන්ථය 90% ක්ම රෝග සුවය ලබාදීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයනවාට කිසිදු සැකයක් නැත. මෙම පොත පරිශිලනය කර එහි සඳහන් භාවනා ක්‍රම පිළිපැදීමෙන් කායික, මානසික නිරෝගීතාවය ලබාගත හැකිය.
Notify me when item is back in stock.
Be the first to review “රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා” Cancel reply
Related Products
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
Recently Viewed
දැනමුතු මාමා කී කතා – 3
“දැනමුතු මාමා කී කතා” පොත් පෙළ, ළමුන්ට වඩාත් සමීප විය හැකි, පරිසර හිතකාමී විද්වතකු වන “දැනමුතු මාමා කී කතා” ගේ චරිතය හඳුන්වා දෙමින් සාහිත්‍ය, රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන් තුළ දැනුම වර්ධනය කිරීමට උත්සාහ ගනී.
Practise Your Grammar – Grade 7
Practise Your Grammar – Grade 7
Unit by Unit Grammar Exercises for Grade 7 Based on the 2016 Text Book.
6 ශ්‍රේණිය සිංහල රචනා සංග්‍රහය
ලිවීම කුඩා කල සිටම හුරු කළ යුතු කාර්යයකි. පොත් කියවීම ද එසේ ය. එය ඇරඹිය හැකි සුදුසුම පන්තිය 6 වැනි ශ්‍රේණියයි. විශේෂයෙන් රචනා ලිවීමේදී දරුවන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ ද මේ ශ්රේණියේදීය. එම දරුවන්ට නිදහසේ සිතා, නිදහසේ ලිවීමට හුරුකිරීම මෙම කෘතියේ අරමුණ වී තිබේ. මෙහි ආදර්ශ රචනා 30 ක් ඇති අතර එයට අමතරව හොඳ රචනාවක් ලියන ආකාරයත්, එවැනි රචනාවක් ලිවීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳවත් මෙහි ඇතුළත් කොට තිබේ.
BUY EBOOK VERSIONබුද්ධ ධර්මය (5 ශ්‍රේණිය )නව නිර්දේශය මාස්ටර් ගයිඩ්
බුද්ධ ධර්මය (5 ශ්‍රේණිය )නව නිර්දේශය මාස්ටර් ගයිඩ්
පන්තක
පන්තකගේ ජීවිතය සුව පහසු එකක් නොවීය. පන්තකගේ පියා වන නන්දසෝමට ස්තීර රැකියාවක් තිබුණේ නැත. හෙතෙම රාස්සගල, මල්වාන, දිවියා වැල්ල, නවගමුව වැනි තොටුපලවල ඔරු පදින තොටියෙක් බව පන්තක දැන සිටියේය. ඔවුන් ජීවත් වූයේ රාස්සපාන තොටුපලට නුදුරෙන් පිහිටි කුඩා නිවසකය.
කොතරම් අගහිඟකම් දුෂ්කරතා තිබුණත් ඔහු බෝමිරිය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන් ඉගෙනුම ලබමින් සිටියේය. කොපමණ දක්ෂතා තිබුණත් සෙසු මිතුරන් දමන අඩිඩාස් පාවහන් යුගලක් දැමීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කොතරම් දක්ෂතා තිබුණත් විද්‍යාලයේ සිසුන් හා සුහදව ඇසුරු කිරීමට කැමති වූයේ නැත.
එයට ප්‍රධාන හේතුව වූයේ කසිප්පු නමින් හඳුන් වන හොර අරක්කු ව්‍යාපාරයට තාත්තා සම්බන්ධ බවට ආරංචි පැතිර තිබීමය. තාත්තා දඩ ගෙවමින් සිරගත වෙමින් මෙ තරම් දුක් විඳින්නේ නංගිලා දෙදෙනා ඇතුළු පවුල ආරක්ෂා කිරීම වෙනුවෙනි. ලොකු නංගි හොඳින් ඉගෙන ගත්තාය. සුදු නංගි අපස්මාර රෝගයෙන්
අපව ලෙඩ කරන පුංචි සත්තු – පෙනෙන නොපෙනෙන ලෝකය 8
පාසල් දරුවන්ට වටිනා චරිත හඳුන්වා දෙන නවතම පොත් පෙළ “පෙනෙන නො පෙනෙන ලෝකය”. කාටුන් චරිත වීරයෝ කරගත් පොඩ්ඩන්ට ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මඟින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
7 ශ්‍රේණිය ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
7 ශ්‍රේණිය ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය
පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමකම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය
ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශ්රිත ග්රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථය අ.පො.ස. සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නන්ට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.
ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදින්ට ද මෙම පොත පරිශීලනය කිරීමෙන් බස නිවැරදිව හැසිර වීමට හා නිවැරදිව වියරණ විධි අනුගමනය කිරීමට ද ශක්තිය ලැබෙනු ඇත.
පිරිවෙන්වල උගන්නා ශිෂ්‍යයන් විසින් ද පරිශීලනය කළයුතු ග්රන්ථයකි.
උක්ත අනුක්ත, විභක්ති භේද, සමාන වචන, විරුද්ධ පද, රස, අලංකාර ආදී ගතයුතු හා උගැන්විය යුතු කරුණු රැසක් මෙම අගනා ග්‍රන්ථයේ අඩංගු වේ.
Read and Colour – Achcharu Muttiya
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත අච්චාරු මුට්ටිය කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
වරණ
හගුරන්කෙත යනු කන්ද උඩරට රජවරුන්ගේ ආරක්ෂිත ස්ථානයකි’ සතුරන් මහනුවර ආක්‍රමණය කරන විට රාජකියන් පලා ගියේ ඒ වෙතටය’ ඔවුන් සිය සම්පත් සගවා තැබුවේ’එහිය ඒ සම්පත් පිළිබද රහස් සුරැකීම එකල කැල කොරල තනතුර දරුවන්ගේ රාජකාරිය විය’
මිනිපිරියගේ ලියුම
පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමඳව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ…….. ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි.
මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කළේ මගේ තාත්තා හා සීයා අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩාත් හොඳින් පසක් කර ගැනීමටය.
ඇමති පුතා – 2
|
රැම්සීස් 2 ( සදාතනික දෙවොල )
“ආලෝකයේ පුත්‍රයා”
පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.
සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?
මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?
බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිරිමට හැකිවේද ආලෝකයේ පුත්‍රයාට ?
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්‍ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර 5 ක් ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයට සමගාමීව පැය 1.30 ක සම්මන්ත්රණ 10 ක් ඔබ වෙනුවෙන් නොමිලේ සූදානම් කර ඇත.
එහි පළමුවන සම්මන්ත්රණ ද්විත්වය 2022 ජනවාරි 10 වනදා ද,දෙවැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 11 ද,තෙවැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 12 ද,සිව්වැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 13 ද,පස්වැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 14 වනදා ද ගුණසේන YouTube නාලිකාවෙන් ඔබට නැරඹිය හැකිය. Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ඇති පළමුවන ප්‍රශ්න පත්‍ර 5ත්, දෙවැනි ප්‍රශ්න පත්‍ර 5ත් ඉතා පුළුල්ව මෙහි දී සාකච්ඡාවට ලක් කෙරේ.
Kuda Kema
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSION
There are no reviews yet.