Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-96864-0-3 |
Language | Sinhala |
Pages | 159 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ලෝක සාමය – කහසුළඟ 3
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
ජාතිය, ආගම, භාෂාව, සමේ වර්ණය ආදී වූ විවිධ හේතුන් මත බෙදී වෙන්වී ලොව පුරා වාසය කරන මිනිස් වර්ගයා පුංචි විරාමයක් සඳහා එයින් මුදවාගෙන සමස්ත මිහිතලය පුරා විසිරී සිටින්නේ එකම එක මනුෂ්‍ය වර්ගයක් බව ඒත්තු ගැන්වීම සඳහා තම ආධ්‍යාත්මය පුරුදු පුහුණු කරවීමට ගත් උත්සාහයක් ලෙස ලෝක සාමය – කහසුළඟ 3 කෘතිය හැඳින්විය හැක.
Notify me when item is back in stock.
Be the first to review “ලෝක සාමය – කහසුළඟ 3” Cancel reply
Related Products
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
Recently Viewed
කන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
ගිනි වැදුණු පියාපත්
සිලම්බු ගැලවී වීසි වෙද්දීත්
ඔබ දිව එන්න ඇති ඒ මූසල උදෑසන
පිස්සියක මෙන් සිහි නැතිව
බලන්නට ඔබේ ගිනි වැදුණු හදවත
කෝවිලේ පිච්චමල් පෙති අකුල ගත්තාද?
අමතක වුණාවද සින්ධූරු තවරන්න නළලත
සාරි පල්ලුවේ කැටයම් විසිවුණාවද
හදිසියට අහකට?
පිරුවානා පොත් වහන්සේ
පිරුවානා පොත් වහන්සේ
විශ්මිත නවාතැනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 4
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.
සේද වෛරය
ලෙනොර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වු සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි. කඩවසම් ඩිරෙක් ඇල්ඩ්‍රිංහැම් සේද නිවෙසට පැමිණි විට ඇගේ සතුට සම්පුර්ණ වීද? බලාපොරොත්තු රහිත සිදුවීම්, ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කෑලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවු අමුත්තා.
ඇසිල්ලක දුටු සිහිනේ
“අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා”
කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ
ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉගෙන ගත් පාසලේ
ක්‍රීඩා ගුරුවරයා වෙතට ගිය ඇය තම ගෙළට වැටුණු
මල් මාළයක් ඔහුට පළදවන ගමන් කීවාය.
ඔහුගේ අතින් අල්වාගෙන පැමිණ මාධ්‍ය
සාකච්ඡා මේසයේ අසුන් ගැන් වූවාය.
“හයේ පන්තියේ ඉඳලා මගේ දක්ෂතා හඳුනා
ගෙන මාව පුහුණු කළා.පුහුණු කළේ නිකම්ම නෙවෙයි
උණුසුම් බෝතලයකට තේ එකක් දාගෙන,
සමහර මඤ්ඤොක්කා පාර්සලයකුත්
අරගෙන ඇවිත් මට කන්න බොන්න දීලා
කිසිම අතිකාල දීමනාවක් නැතුව උදේ හයහමාර
ඉඳලා හවස හතරහමාර විතර වෙනකම් වැඩ.
ගුරු දෙවියෙක් මේ ඉන්නේ.”
ඇය මාද්‍යෙව්දීන් දෙස තෙත් වූ දෑසින් බලමින් කීවාය.
පෘථිවි භක්ෂක
විසි එක්වන සියවසේ මිනිස් වර්ගයා මුහුණ දෙමින් සිටින ගෝලීය පරිසර අර්බුදයේ මූලයන් පිළිබඳව වන කතිකාව තුළ දි එතරම් සාකච්ජාවට ලක් නොකරන පරාසයක් මෙම කෘතිය තුළින් අවධානයට ලක් කර තිබේ.
සත්ව පරිනාමයේ මුල් අවදියෙහි ජීවින්ගේ පැවැත්ම උදෙසා වන රසායනික අවශ්‍යතාවක් ලෙස ඇරැඹි පරිභෝජනය ක්‍රමිකව ජීවින්ගේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවට පත්වන අතර දියුණු සත්වයින් තුළ දී එය මනෝමූලික වු සංකීර්ණ් චර්යාවක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කරයි.
කුමාර රචනය 3 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ දෙවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONමෙකල නිවුණු ඇත්තෝ
පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග්රන්ථ, අභිධර්ම ග්රන්ථ, භාවනා ග්රන්ථ, ධර්ම ග්රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි.
භෞතික විද්‍යාව (උ /පෙළ) රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (1981-2021)
භෞතික විද්‍යාව (උ /පෙළ) රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (1981-2021)
උසස් පෙළ සිංහල වියරණ අභ්‍යාස වියරණ රීති
මෙම කෘතියෙන් උත්සාහ ගෙන ඇත්තේ වියරණ ප්‍රශ්න කොටස්වල එන වියරණ රීති පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට හුරුවක් ලබා දීමය. ලකුණු පහළොවක් හිමිවන වියරණ රීති ප්‍රශ්නයට පිළිතුරු සැපයිය යුත්තේ කෙසේද යන්න මෙමගින් පෙර පුහුණුවක් ලබාගත හැකිය. මෙහි පළමුව දක්වා ඇත්තේ මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමයයි. එයින් පසු විභාගයේදී මුණ ගැසෙන ප්‍රශ්න රටාවම අනුව ප්‍රශ්න සකසා ඇත. ඒවාට තනිව පිළිතුරු ලියා ඒවා පිළිතුරු සමඟ සසඳා බැලීම මගින් විභාගයට මුහුණදීමට විශාල ශක්තියක් මෙන්ම විෂයය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ද ලබාගත හැකි වනු ඇත.
There are no reviews yet.