ආශිර්වාද ප්‍රකාශන

ආශිර්වාද ප්‍රකාශන

Showing all 6 results

Show:

පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

Highlights:

අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයන් සමග සටන් කරන්නට ඔයාට
හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති.

ඒත් ඔයා ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ
වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා,
දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා
කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ
අර්ධ-ලෝහිතයො පස් දෙනෙකුට විතරයි.

ඕහ්… ඒ වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු
එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා…

ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ
බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද… නැත්නම්
තාලියා ද… එහෙමත් නැත්නම්..

පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන

Highlights:

අවංකවම කියනවා නම්, තවත් ඉස්කොලයක්
පුපුරවා දාන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ.

ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න
උපද්‍රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට
වගේ දැන් මගේ පරම හතුරා ලුක්ට පෞරාණික
වංකගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය
කරන්න ඕනෑ වෙලා.

එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස්
ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න
ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු
අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න…

වාණී

Highlights:

සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භූමිය
වෙළාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත්
දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත
විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත්
පිරිස බොහෝය.

වාණී නවකතාව දකුණේ සිංහල ගුරුවරයකුගේ මානුෂීයත්වයත්
නැඟෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සිදුවන අරගලයක්
විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා
ප්‍රේමණීය භාවයන් ඉස්මතු කරන්නේ අප වෙළාගත් ජාතිවාදය පිළිබඳව
ද්වේශය ජනිත කරවමිනි.

දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය
පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර
පාඨකයාට නොදැනීම පුල්ලෙයාරේ කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම,
සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු
අතරට රැගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ
සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.

අභීත දියණියෝ

Highlights:

ඈන්මරීගේ වයස අවුරුදු දහයකි. බොහෝ දරුවන් ශක්තිමත් පෞද්ගලික ආචාරධර්ම කදම්බයක් විකසනයකර ගැනීම අරඹන්නේ මෙම වයසේදී ය. අවංක මිනිසුන් වීමට ඔවුන්ට අවශ්‍ය ය. නිවැරදි දේ කිරීමට ඔවුන්ට අවශ්‍ය ය.එමෙන්ම ඔවුන් ජීවත් වන ලෝකයේ නිවැරදි දේ කිරීම නිතරමපාහේ දුෂ්කර බව ද, ඇතැම්විට අනතුරුදායක බව ද, බොහෝ දෙනා නුරුස්සන බව ද ඔවුහු වටහා ගැනීමට පටන් ගනිති. භයානක අවස්ථාවකට මුහුණ පෑ ඈන්මරී තීරණ ගැනීම සිදු කළ යුතුම මොහොතක් එළඹෙයි.

ඇයට පහසුවෙන් කළ හැකි දේ කිරීමට ඉඩ තිබුණි. සිය මිතුරාට පිටුපෑමට හැකියාව තිබුණි. නමුත් ඈන්මරී ගැඹුරු හුස්මක් ගෙන, කැලයට ඇතුළු වී, අනතුරට මුහුණ පාමින්, සතුරාට එරෙහි වී ජය ලබද්දී මෙය කියවන දරුවෝ සතුටින් ඉපිළ යති. කොතරම් අපහසු වුවත්, වේදනාකාරී වුවත් නිවැරදි දේ කිරීම තුළින් ලැබෙන ආත්ම තෘප්තිය සිතක ජනනය කරවන ප‍්‍රහර්ෂය අත්විඳින්නට අපිත් අපේ දරුවන්ට හුරු කරවමු.

අකුණු සැරය

Highlights:

නිව්යෝර්ක් හි කීර්තිමත් නීති ආයතනයක හාවුල්කාරියක වු
ඇලෙක්සැන්ඩ්‍රා පාකර්ගේ සැමියා සෑම්‍ය. ඇයට වයස අවුරුදු
හතළිහේදි සිඟිති දියණියකගේ උපතත් සමඟින් ඔවුන්ගේ
ප්‍රීතිමත් පවුල සම්පූර්ණ වේ. එහෙත් හදිසියේ සිදුකළ වෛද්‍ය
පරීක්ෂණයක ප්‍රතිඵල මත ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ
අකුණු සැරයක් වැදුණාක් මෙනි.වෝල් වීදියේ දක්ෂතම ව්‍යවසායකයකු
වන සෑම් පාකර් තම බිරිඳගේ අසනීප තත්වය දැන ගැනීමත් සනමඟින්
භීතියට පත් වන්නේ තම බිරිඳට හෝ දියණියට කිසිදු ආකාරයක
මානසික සහනයක් ලබා නොදෙන අයුරින්.

රැයක් එළිවන අතරතුර අඹුසැමියන් මෙසේ ආගන්තුකයන් බවට පත්
වේ. තවත් අකුණූ සැරයකින් සෑම්ගේ වෘත්තීය ජීවිතය විනාශ වී
යන්නේ ඔහුගේ වෘත්තීය හා අනන්‍යතාවයද අභියෝගයට ලක්
කරමිනි. තම සැමියා සමඟ තව දුරටත් පවුල් ජීවිතයක් ගත කරන්නද
එසේත් නැතිනම් ඔහුගෙන් දුරස් වී නව ජීවිතයක් ගොඩනගා ගන්නේද
යන තීරණය අතරේ ඇලෙක්ස්ගේ සිත දෝලනය වේ..

කාන්තාරය සහ මුහුද

Highlights:

ඇමරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියු විනෝදාත්මක ‘ ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඩ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඩ් බ්ලඩ්’ කෘතියත් ඔහු විසින් ලියන ලද කෘතීන් ය. ඔහු ස්පිගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල් හි සංස්කාරවරයෙකු ලෙස සේවය කොට ඇති අතර පැසිෆික් ස්ටෑන්ඩර්ඩ් වෙත බර්ලිනයේ සිට අත්ලාන්තික් සාගර ප්‍රතිපත්ති පිළිබඳව තීරුව ලියා තිබේ. ඔහු වෙත කේරී ආයතනයේ ලෝගාන් නොටිෆිකේෂන් වැඩසටහනෙන් හා ෆුල්බ්‍රයිට් ආයතනයෙන් හා අර්බුද වාර්තාකරණය පිළිබඳව පුලිට්සර් මධ්‍යස්ථානයෙන් ද පැසසුම් හා සාමාජිකත්ව ප්‍රදානය කොට ඇත. ඔහු තම කාලය ලොස්ඇන්ජලීස් සහ බර්ලින් අතර ගතකරමින් සිටි. මේ ඔහුගේ ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීමයි. ඔහු දින 977 සෝමාලි මුහුදු කොල්ලකාර වෙරළේ අත්අඩංගුවේ පසුවිය.

” මිනිසකු ගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබාගෙන ඇති මිනුම හා වැදගත්කම අනුවය.”

– ඇල්බට් අයින්ස්ටයින් – 1934

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping