බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

Showing all 10 results

Show:

තුන්පනෙන් ඇමරිකාවට

Highlights:
“තුම්පනෙන් ඇමරිකාවට” බටහිර වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ පූජනීය ආචාර්ය හේනේපොළ ගුණරත්නාභිධාන ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිත කතාවයි. මේ ස්වයං ලිඛිත චරිතාපදානය උන්වන්සේගේ සිය ජීවිතයේ පුරසාරම් කියමින් අත්තුක්කංසනයෙහි යෙදීමට යොදා ගන්නා ලද්දක් නොවේ. හුදෙක් කර්මයේ හැටි මෙයයි එළිදැක්වීම පිණිස ලියන ලද්දකි. ඒ බව පොතේ මුලත් අගත් සදහන් වෙයි. ඒ අනුව වසර හැත්තෑපහක ජීවිත කාලය තුළ තමන් කළ දේ, ලැබූ පලවිපාක, අත්දුටු දුක් දොම්නස්, වදවේදනා, තර්ජනගර්ජන, බියසන්ත්‍රාස, දිළිදු දුප්පත්කම් පැකිළීමෙන්, වසං කිරීමෙන් තොරව අනාවරණය කොට තිබේ. එමගින් උන්වහන්සේගේ නිරහංකාර නිහතමානි බවත් අභිප්‍රායත් මැනවින් ප්‍රකට වෙයි. බෝසත් සිරිතේ මිහිරි පැති මෙන්ම අමිහිරි පැතිත් නොසගවා ඉදිරිපත් කොට කර්මයේ ස්වරූපය දක්වා පශ්චිම ජනතාව තුළ පහන් සංවේගය දැනවීමේ අදහසින් ජාතක කතා නිර්මාණය කළ පෞරාණික බෞද්ධ ආචාර්‍යවරයන්ගේ මග ගනිමින් ආචාර්ය ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය ජීවිත කතාව ගෙනහැර දක්වා ඇති බව කිව යුතුය.

අට්ඨකතා සාහිත්‍යය හා අටුවා රසකතා

Highlights:
ගිරිකණ්ඩ විහාරයට නොදුරු වත්තකාලක ගමේ සැදැහැවත් යුවලක් පුන් පොහෝ දිනක බණ ඇසීම සදහා දියණිය නිවසෙහි රඳවා විහාරයට ගියහ. මව්පියන් බැහැර ගියපසු ගෙමිදුලට බට තරුණියට ගිරිකණ්ඩයෙහි කඳුමුදුනේ සඳ එළියෙන් බබළන චෛත්‍යය පෙනිණ. පහන් එළියෙන්ද දිදුලන සෑය වටා ප්‍රදක්ෂිණා කරන සිව් පිරිසද දිස්විණ. “මෙවැනි පොහෝදාක චෛත්‍යයක් ළගට පැමිණ මල් පහන් පුදා බණ අසන්නට ලැබේනම් එය භාගය්‍යයකි” යි සිතන ඇයට උද්වේග ප්‍රීතිය උපනි. ඒ ප්‍රීතිවේගයෙන්ම අහසට නැගුණු ඕ තොමෝ දෙමාපියන් එහි පැමිණීමට පෙරාතුවම සෑ මළුවට පැමිණියාය. පිරිස මැද බණ අසමින් සිටියාය. දෙමාපියෝ ඇය, කොයි වෙලේ ආවෙහිදැ’යි විචාළාහ. “මම අහසින් ආවෙම්” ඇය කීවාය. 

-අට්ඨකථා සාහිත්‍ය‍ය හා අටුවා රසකතා-

මිනිස් ජීවිතය සහ ගැටළු

Highlights:
ලොව හැම තැනම ගැටළු, අසහනය, වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගොස් මිනිසා තුල පවතින ගුණ ධර්ම වනසා දමන ස්වභාවයකට පත් වී ඇත. මිනිසාට සහනය, සතුට, සාමය අවශ්‍ය වුණු මෙවන් යුගයක් මිනිස් ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ බඳුයි. විවිධාකාර විෂමතා හා ගැටළු නිසා උත්ගත වන අසහනය, බිය, තණ්හාව සමාජයට අහිතකර ලෙස බලපාන අතර මිනිසුන්ව කායික මානසික රෝගීන් බවට ද පත් කරයි. එනිසා මෙම ගැටළුන්ගෙන් මිදී එදිනෙදා ජීවිතයේ දී පැන  නගින නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන් කෙරෙන ඉතා හරවත් වූ විග්‍රහයක් මෙයින් දක්වයි.

 

ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්ෂිප්ත ශාසනික ඉතිහාසය

Highlights:
ලංකාවේ ශාසනික ඉතිහාසය ඉගෙනීමට මූලාශ්‍රය වන මහාවංශය, දීපවංශය, පූජාවලිය, රාජාවලිය වැනි පැරණි සම්භාව්‍ය කෘති ද, වත්මන් යුගයේ ශ්‍රේෂ්ඨ උගතුන් විසින් විවිධ භාෂාවන්ගෙන් ලියන ලද වංශකථා ග්‍රන්ථ බොහෝ ගණනක් ඇති නමුත් එම සියලුම ග්‍රන්ථ සපයා ගැනීමට හෝ කියවීමට තරම් ශක්තියක් හෝ විවේකයක් බොහෝ ආධුනිකයන්ට නැත. එම නිසා ශාසන ඉතිහාසය පිළිබදව දැන ගත යුතු සියලු කරුණු සංෂිප්තව එක් කෘතියක් කියවා දැන ගැනීමට අවස්ථාවක් සැලසීම අපගේ මුලික අභිප්‍රාය විය. මෙහි එන අනුමාතෘකා සහිත පටුන හා අග ඇති සුචිය පරික්ෂාවෙන් කියවන කෙනෙකුට මෙම කෘතියට ඇතුළත් කොට ඇති විෂය පථය කොතරම් පුළුල් ද යන්න මනාව වැටහෙනු ඇතැයි සිතමි. මෙහි එන කරුණු වැඩි දුරටත් අධ්‍ය‍යනය කරන්නට අවශ්‍ය අයකුට පොතෙහි එකී පිටුවල අධෝලිපිවල සදහන් මූලාශ්‍රවලින් එය පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය

Highlights:
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැනගැනීමත්, ඒ කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත් ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින්, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ම ශාඛාවක් ය යන්න මේ පොත කියවන – පාඨකයාට වැටහෙනු නොඅනුමාන ය.

හේතුඵල ධර්ම විවරණය

Highlights:
ලෝවැසි සත්වයාගේ සංසාරික ගමනෙහි ඇති හේතුඵල දහම විවරණය කරන්නාවූ පටිච්චසමුප්පාද දේශනාව ඇසුරු කරගනිමින් විධිමත්ව හා සරලව ධර්මානුකූලව පැහැදිලි කිරීම ‘හේතුඵල ධර්ම විවරණය’ නම් කෘතිය මගින් සිදු කරනු ලබයි.

පටිච්චසමුප්පාදය පිළිබඳ යම් විධිමත් අවබෝධයක් හා දැනුමක් අවැසි ගිහි පැවිදි සියල්ලන් හටම මෙම කෘතිය පරිහරණය කළ හැක.

පංච මහා වාද

Highlights:
“1818 උඩරට කැරැල්ල අමානුෂික ලෙස මැඩ පැවැත්වීමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමට තරම් මානසික තත්වයක් සිංහල බෞද්ධයන්ට නොවීය.එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකවරණය ලද මිෂනාරි ව්‍යාපාරය සමඟ ගැටීමට නාගරික ප්‍රදේශවල සිංහල ගිහිපැවිදි බෞද්ධයෝ බියගුළු නොවූහ.බෞද්ධයන්ට බෞද්ධයන් වශයෙන් පෙනී සිටීමට නොහැකි යුගයක වදනිසුරු මොහොට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධාන හිමිවරු ආගමික අරගලයක් දියත් කළහ.කඩතොලු සහිත වුවද අද පවත්නා තත්ත්වයට සුගත සාසනයක් කහ සිවුරත් බැබළෙන්නේ ඒ ගුණානන්ද හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයට පින්සිදුවන්නටය.මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ වාදීභසිංහ බව මෙම පංච මහා වාදයේ එන පරවාදී මත ඛණ්ඩනය කිරීමේ තර්ක විතර්ක උදාහරණ මගින් පැහැදිලි වේ.

බද්දේගම වාදය,උදන්විට වාදය,ගම්පල වාදය,පාණදුරේ වාදය,ඌරුගොඩ වත්ත වාදය යන පංච මහා වාදයන් මෙම කෘතියේ අන්තර්ගත වේ.”

 

අභිධර්මචන්ද්‍රිකාව (සම්පූර්ණ පොත)

Highlights:
අභිධර්මය උගෙනීමට, භාවිතා කිරීමට විශාල පිරිසක් උනන්දුවක් දක්වන මේ යුගයේ එසේ අභිධර්මය උගන්වන අයට අත්පොතක් වශයෙන් පාවිච්චි කිරීමට මෙය ඉතාම යහපත්ය. ගැඹුරු ධර්මයක් වන අභිධර්මය කුඩා ළමයාගේ පටන් වැඩිහිටියා දක්වා සෑම තරාතිරමේ අයෙකුටම පහසුවෙන් සිතට වේදනාවක් නැතිව උගැන්වීමට ලියන ලද පොත අභිධර්ම චන්ද්‍රිකාව යි. පිරිවෙන් ප්‍රාචීන, මධ්‍යම, ප්‍රා.අවසන් හා අභිධර්මාචාර්‍ය විභාගයට අභිධර්මය උගන්වීමට භාවිතා කිරීමට මෙය ඉතා සුදුසු වේ.

සැලෙන මනසට සතර සතිපට්ඨාන භාවනා විධි.

Highlights:

දිනක් බුදුරජාණන් වහන්සේ කුරුරට කල්මාෂ දම්‍ය නම් නියම් ගමට වැඩියහ. එහිදි භික්ෂුන් අමතා මහා සතිපට්ඨාන සුත්‍රය දේශනා කළහ.

සඟමිත් තෙරණිය දෙසු බණ කතා

Highlights:

සඟමිත් තෙරණිය දෙසු බණ කතා

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping