මොඩන් පොත් සමාගම

මොඩන් පොත් සමාගම

Showing all 23 results

Show:

නාඩි ජ්‍යොතිෂ පද්ධතිය

Highlights:

කේන්ද්‍රයක සත් විසි නැකත මුලස්ථානයේ තබා ඵලාඵල ප්‍රකාශ
කරන අන්දම මේ පොතින් විස්තර කරනු ලැබේ. මේ ක්‍රමය
ස්වල්ප දෙනෙකු අතර පමණක් දුලභව භාවිත වන්නක් බව
පොත පරිශීලනය කරන කෙනෙකු හට මොනොවට වැටහී යනු
නො අනුමානය. පසුව දක්වනු ලබන කරුණු අනුගමනය
කිරීමෙන් කේන්ද්‍රයක ඵලාඵල කොතරම් දුරට නිවැරදිව සත්‍ය
ආකාරයෙන් එළිදරව් කළ හැකිදැයි ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.

රාවණාගේ උඩ්ඩීශතන්ත්‍රය

Highlights:

ව්‍යවහාර වෂර්‍ 1952 දී “රාවණාගේ උඩ්ඩීශතන්ත්‍රය”
නමින් පළවු ග්‍රන්ථය මෙවර මුද්‍රණය කිරීමේ දී එහි
අත්පිටපත සොයාගැනීමට නොහැකි වු බැවින් දේවනාගරි
අක්ෂරයෙන් භාරතයේ මුද්‍රිත ග්‍රන්ථ ආශ්‍රයෙන් සැකසීමට
සිදුවිය. ඉන් එකක් රාමවිහාරි මිශ්‍ර නම් පඬිවරයෙකුගේ
හින්දි ටීකාව සහිතව බරණැස පළකැරුණකි. අනෙක
රාමෙශවර දතතා නම් පඬිවරයෙකුගේ හින්දි ටීකාව
සහිතව කාශියෙහි පළකැරුණකි. මේ දෙකෙහි ම
මුලග්‍රන්ථය පිළිබඳ කිසිදු හැඳින්වීමක් කර නැත.

සෙත්කවි කලාව

Highlights:

සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,
අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,
අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.
වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන
යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා
ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.

සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා
මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍ය‍ර්‍
වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර
දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම
ප්‍රතිඵලය ලබා ගත හැක.

සාරාවලිය

Highlights:

යම් හිරු දෙවියකු පහළ වු කල (හිරු උදා වු කල) මෙ ලෝ වැසි
තෙමේ පිබිදීමට යේ ද මුදුන් වු කල ගොවිතැන් වෙළෙඳ්‍රම් ඈ
කටයුතුවල යෙදේ ද හිරු බට කල(අසතංගත වු කල)ශයනය කෙරේ
ද එ බඳු ක්‍රියා කරවන සියලු ලෝ වැසි දන ගේ එකම ආත්මය වු ඒ
හිරු දිනේ වා!

පෙර විසු ගගර්‍ පරාශරාදි මුනිවරයන් විසින් විස්තර වශයෙන්
රචිත හෝරා ශාසත්‍රය පිරික්සා වරාහමිහිරාචායර්‍ යන් විසින් එය
සැකෙවින් දක්වන ලදි.

මහා යන්ත්‍ර ශ්‍රෙණිය

Highlights:

මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්‍රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.

සිංහලේ අත්වෙද පොත හෙවත් වෛද්‍යක හස්තසාරය

Highlights:

මහවලතැන්න මැතිඳුන්ගෙ පුස්තකාලයෙහි තිබු අත්පොතකි. සබරගමුවේ පැරැණි ග්‍රන්ථයෙකි

පාරම්පරික කෂාය ප්‍රකරණය

Highlights:

විමසිලිමත්ව සොයා බලා දේශිය දේ කෙරෙහි විශ්වාසය තබන එයින් ප්‍රයොජන ගන්නා විශාල පිරිසකට අවශ්‍යව තිබු අඩුපාඩුවක් සපුරා ලීමේ පරමාධ්‍යශයෙන් පාරම්පරික කෂාය ප්‍රකරණය නම් වු මෙම ග්‍රන්ථය එළිදක්වන ලදි. බුද්ධිමත් ජනතාව මෙහි ඇතුළත් ඖෂධ ක්‍රම රෝග ව්‍යපශමනයෙහි තම තමන් පාවිච්චිකර බලා අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂකර ගනිත්වා!

මහාකාක්ෂපුට යන්ත්‍ර විද්‍යාව විස්තර යන්ත්‍රකක්ෂය

Highlights:

විද්‍යාවක් නැඟි සිටීමට නම් විද්‍යාව දරන්නවුන් ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත යුතු ම ය.එබඳු අවබෝධයකින් නොපිරිහුණ පිරිසක් අතේ විද්‍යාව පවත්නා කල ක්‍රමයෙන් තව තවත් පෝෂණය වීමෙන් දීප්තිමත් වනු නිසැක සිද්ධියකි.

ආසව -අරිෂ්ට විඥානය බස්න හා රසායන සහිත යි

Highlights:

ආසව අරිෂ්ට බස්න සම්පාදනයේ දී වස විෂ වර්ග ද ගැනේ. වෛද්‍යවරු නම් විෂහරණ විධි දනිති. එක නමට ඇති ඖෂධ වර්ග ගණනාවක් ඇති තැන යෝගයට සුදුසු ඖෂධය තෝරා ගැනීමට ද කෘතහස්ත උගත් වෛද්‍යවරු දනිති. ඔවුන් ගේ ඒ ක්‍රියාව ලොවට වැඩද්‍රයක ය.

වෛද්‍ය ජිවනය

Highlights:

වෛද්‍ය ජිවනය ලෝලිම්බරාජ පඬිවරයාගේ නාගර ග්‍රන්ථයේ සිංහල අනුවාදය

යන්ත්‍ර චින්තාමණි

Highlights:

ලෝකයේ නොයෙක් ශාසත්‍ර ඇත්තේ මිනිසාගේත් සමාජයේත් යහපතට මිස විනාශයට නොවෙ. මනත්‍ර ශාසත්‍රය ද එසේ ය.තමන් දන්නා ශාසත්‍රයෙන් සමාජයට විපතක් නොකර තමන්ගේත් යහපත සඳහා යෙදීම බුද්ධිමත් සත්පුරුෂයන්ගේ සිරිතය. මේ ග්‍රන්ථයෙහි එන වටිනා ශාසත්‍රයෙන් ද එබන්දනට මහත් සේවයක් කළහැකිබවය.

පැරණි පීනස වෙද පොත

Highlights:

පැරණි පීනස් වෙද පොත : පහතරට පැවිදි වෙද පරපුරක වට්ටෝරු ඇතුලත් උපග්‍රන්ථයක් සහිතයි

ශ්‍රී නාගභට්ටාචාරීන් ගේ කාමරත්නය

Highlights:

කාමරත්නය සියවස් ගණනාවකට උඩ දී භාරත දේශයේ විසූ ශ්‍රී නාගභටට නම් බ්‍රාහ්මණ පඬිවරයකු විසින් සකුබසින් ලියන ලද්දකි. මෙය පෙරදිග වැස්සාට දිනපතා ජිවිතයට අත්‍යවශ්‍ය වැදගත් දැයින් සපිරුණු ග්‍රන්ථයකි.

අතිසාර චිකිත්සා

Highlights:

මේ පැරණි අත්පිටපත බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් වහන්සේගේ පුස්‍තකාලයෙ අති ශ්‍රේෂ්ඨ වටිනා වෛද්‍ය ග්‍රන්ථයකි.

දෙවිදේවතා සාධනය

Highlights:

නොයෙකුත් පැරැණි යන්ත්‍ර මන්ත්‍ර, බු පියසුන් බැඳ ගෙන වැඩ ගත් මන්ත්‍ර කොටස් පැරැණි නාගර පොත්වලින් උපුටා ගත හැකි තාක් ගෙන සකස් කරන ලද්දෙකි.

ජ්‍යොතිෂ පද්‍යාවලිය

Highlights:

මෙය මුළු ලොවෙහි මැ පැතිරැ ඇති ජනප්‍රිය ශාසත්‍රයකි. අප රටේ වැඩි වශයෙන් ව්‍යාප්ත ව ඇත්තේ උත්තර භාරතීය නක්ෂත්‍ර විද්‍යාව හෙවත් ඵලිත ජ්‍යොතිෂයයි.

මලයාලි යනත්‍ර පොත

Highlights:

යන්ත්‍ර මන්ත්‍ර ගැන විශවාසයක් නො දැක්වු උපාධිධාරීන් කිහිපදෙනෙකුන් ද අපගේ පළමු පොතේ යන්ත්‍ර පර්යේෂණ වශයෙන් ක්‍රියාත්මක කිරිමෙන් මහගු ප්‍රතිඵල ලද බව දන්වා ඒවා තිබීම අප ධෛර්යය ගන්වන්නක් විය.

පෝරුවේ චාරිත්‍ර සහිත මංගලාෂටක

Highlights:

පැරණි ක්‍රමය වුයේ අෂ්ටක කියා ඒ එක එකට දීඝ සන්නයක් ද කීම ය. කටයුතු බහුල මෙවැනි යුගයක ඒවාට ඇහුම්කන් දීගෙන කාලය මිඩංගු කිරීමට කීදෙනකුගෙන් කීදෙනකුට පිළිවන් කමක් ඇද්ද? ඒ නිසා කාලානුරූප ව මේවා සංශෝධනය කර ගැනීම අවශ්‍ය ව ඇත

පුරාණ වෛද්‍යාලංකාරය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

Highlights:

පුරාණ වෛද්‍යාලංකාරය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

වෛද්‍යාතය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

Highlights:

වෛද්‍යාතය ( පැරණි පාරම්පරික අත්පිටපතකි )

ජ්‍යොතිෂ සවාධ්‍ය‍යනය හෙවත් නකෂත්‍ර ගුරුවරයා

Highlights:

ජ්‍යොතිෂ සවාධ්‍ය‍යනය හෙවත් නකෂත්‍ර ගුරුවරයාම්

විස්තර සහිත යන්ත්‍ර රත්නය

Highlights:

විස්තර සහිත යන්ත්‍ර රත්නය

සරස්වතී වරම

Highlights:

සරස්වතී වරම

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping