Buddhist Cultural Centre

 Buddhist Cultural Centre

Showing all 25 results

Show:

යථාර්ථය විමුක්තිය සහ බුදු දහම

Highlights:

බුදු දහම ලොව පහළ වන විට ආගම් 62 ක් භාරතයෙහි පැවැති බව ත්‍රිපිටකයෙහි සඳහන් වෙයි. බෞද්ධ මතය අනුව මේ සියල්ල මිථ්‍යා දෘෂ්ටීන් ය. බෞද්ධ විග්‍රහය අනුව ඒ සියල්ල ශාස්වත, උච්ඡේද වශයෙන් අන්තවාදී ඉගැන්වීම් නිසා ඒ කිසිවකින් සත්‍යය හෙළිවන්නේ ද නැත. ඒවා සසර දිගු කරන ඉගැන්වීම් මිස, සසර කෙටි කරන මග පෙන්වීම් නොවේ.

යථාර්ථය විමුක්තිය සහ බුදු දහම – මූලික වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාළි සූත‍්‍ර දේශනා මෙන්ම තදනුබද්ධ අට්ඨකථාවන් ද ප‍්‍රාමාණික විද්වතුන් විසින් ලියා පළකොට ඇති ද්විතීයික මූලාශ‍්‍රය ද ඇසුරුකොට විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබද ශාස්ත‍්‍රීය ලිපි කිහිපයක් මෙහි සංග‍්‍රහ කොට ඇත.

බුදු හාමුදුරුවන්ගේ උපමා කතා 1

Highlights:

බුදු රජාණන් වහන්සේ දහම් කරුණු පැහැදිලි කිරීම සඳහා උපමා කතා යොදාගත් අවස්ථා බහුල ය. එබඳු උපමා කතා රාශියක් පූජ්‍ය පොරවගම ඤාණසිරි හිමියෝ “ත්‍රිපිටක සාහිත්‍ය‍යෙන් බුදු හාමුදුරුවන්ගේ උපමා කතා 1” කෘතියෙන් ඉදිරිපත් කර ඇත.

The Buddhist Series Life of the Buddha Level 1

Highlights:

This Series is written and produced to make available to children suitable Buddhist books. The primary objective of the Series is to bring the sublime teaching of the Buddha Dhamma in a structured and systematic manner to children during their formative ages.

ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ

Highlights:

බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමය යි කියනුයේ ඒ පිළිගැනීමට ය. රත්නත්‍රයේ එක ගුණයකුදු නො දැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්‍ය්‍ය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නො හැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින් ම තරමකින්වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා පමණට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.

දහම් දැනුම

Highlights:

දහම් පාසල් දරුවන්ගේ පාඩම් ආශ්‍රිත කරුණු මතක තබා ගැනීමට අත්වැලක් සපයන ප්‍රශ්නාවලියක් ලෙස සකසා ඇත. දහම්පාසල් දරුවන් ලෙස ඔබ මෙම කරුණු මතක තබා ගැනීමට මෙන්ම ප්‍රායෝගිකව ඔබේ ජිවිතයට ගලපා ගැනීමටද පුරුදුවන්න.එමගින් ඔබහට ගුණ නැණ සපිරි යහපත් දරුවෙකු වීමට ඔබට හැකි වනු ඇත.

පිරුවානා පොත් වහන්සේ

Highlights:

‘අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරන්නේය.

සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය

Highlights:

ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශ්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථය අ.පො.ස. සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නන්ට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.

ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදින්ට ද මෙම පොත පරිශීලනය කිරීමෙන් බස නිවැරදිව හැසිර වීමට හා නිවැරදිව වියරණ විධි අනුගමනය කිරීමට ද ශක්තිය ලැබෙනු ඇත.

පිරිවෙන්වල උගන්නා ශිෂ්‍යයන් විසින් ද පරිශීලනය කළයුතු ග්‍රන්ථයකි.

උක්ත අනුක්ත, විභක්ති භේද, සමාන වචන, විරුද්ධ පද, රස, අලංකාර ආදී ගතයුතු හා උගැන්විය යුතු කරුණු රැසක් මෙම අගනා ග්‍රන්ථයේ අඩංගු වේ.

සප්තාර්ය පුද්ගලයෝ

Highlights:

” සද්ධාව, සීලය, ලැජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ.”

ධනය යන වචනය ඇසූ සැණින් ම අප මතකයට නැගෙනුයේ මිල මුදල් හා ඒවා භාවිතයෙන් ලබාගන්නා නිවාස, ඉඩකඩම්, යාන වාහන ආදී දේ පිළිබඳවයි. ලෞකික හෙවත් මෙලොව ජීවිතයට පමණක් අයත් වන මේ සියල්ල තාවකාලික ය.

දෙව්ලොවට මග කියන කතන්දර

Highlights:

දෙව්ලොවට මගකියන කතන්දර විමානවස්තු ප්‍රකරණය ඇසුරෙන්

විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපදී. ඒ අය පෙර සිදු කරන ලද පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි.

සංඥා

Highlights:

සාමාන්‍ය ජනයා විසින් ආත්ම වශයෙන් ගනු ලබන නාම රූප ධර්මයන් අතුරෙන් මේ සංඥාව ඉතා මහත් කොට උසස් කොට ගන්නා දෙයකි. එබැවින් ලෝකයෙහි ‘මෝඩයෝය’ කියා මඳ සංඥා ඇතියවුන් පහත් කොට ද – ‘දැනුමැත්තෝ ය, උගත්තුය, පණ්ඩිතයෝ ය’ කියා බොහෝ සංඥා ඇතියවුන් උසස් කොට ද සලකති. සංඥා දියුණු කර ගැනීම පිණිස බොහෝ දුක් ගනිති. බොහෝ කල් වෙහෙසෙති. බොහෝ ධනය වියදම් කරති. උගෙනීමය යි කියනු ලබනුයේ සංඥා දියුණු කිරීමට ය

සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි

Highlights:

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අංග අටකින් යුත් උතුම් හඬක් (අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයක්) නිකුත් වූ බව කියනු ලැබේ. 1. මැනවින් ශබ්ද නිකුත් වීම (විස්සට්ඨ) 2. මිහිරි බව (මඤ්ජු) 3. සවන් දෙන්නාට වහා අවබෝධ වීම (විඤ්ඤෙය්‍ය) /4. සවන් දීමේ රුචිය වර්ධනය වීම (සවනීය) 5. පැතිර යන හඬක් ඇතිවීම (විසාරිණී) 6. බින්දුව සහ අනුනාසික අකුරු මැනවින් භාවිත වීම (බින්දු) 7. ගැඹුරු හඬක් ඇතිවීම (ගම්භීර) 8. අවසානයේ සිහින් සිනිඳු හඬක් පැතිරයාම (නින්නාද)යනු ඒ අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයයි. මේ කරුණු අට පහසුවෙන් මතක තබා ගැනීමට පුරාණාචාර්යවරුන් ගාථාවකට නඟා ඇත්තේ මෙසේ ය.

විස්සට්ඨ – මඤ්ජු – විඤ්ඤෙය්‍යා
සවනීයා විසාරිණෝ
බින්දු – ගම්භීර – නින්නාදි
ත්වෙචමට්ඨඩ්ගිකෝ සරෝ

භාවනා

Highlights:

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වයි.

අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත

Highlights:

ශ්‍රී ලංකා සාහිත්‍යයෙහි වංශකථාවන්ට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. මේ වංශකථා සාහිත්‍යයට පාළි භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් ද ලියැවුණු කෘතීන් රැසක් ඇතුළත්ය. විෂය ක්ෂේත්‍රය අනුව වර්ග කළහොත් මේ වංශකථා හා ඓතිහාසික වංශකථා හා ආගමික වංශකථා වශයෙන් පුළුල් ලෙස දෙකොටසකට බෙදා දැක්විය හැකිය. ඓතිහාසික වංශකථා ඇසුරෙන් දීපවංස හා මහාවංස යන ග්‍රන්ථ දෙක ශ්‍රී ලංකා ද්වීපයේත්, ජාතියේත්, එමෙන්ම බුදුදහමේත් වංශකථාව ප්‍රාමාණික ලෙස විස්තර කරන ඉතා අගනා කෘතීන් වශයෙන් ඉතිහාසඥයින්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

පහසුවෙන් සිහිය වඩන මග

Highlights:

මෙම කෘතියෙ කතුවර හේනේපොල ගුණරතන හිමියන් විසින් රචනා කර ඇති පැහැදිලි ගුණය ලෝකයේ ඕනෑම ආගමික සමාජීය පසුබිමක් ඇති පුද්ගලයෙකු කියවා බැලීමට දිගු කරයි.

අද ලෝකයේ ජනප්‍රිය විෂය මාතෘකාවක් බවට පත්ව තිබෙන ” කරුණාව පැතිරවීම” පිළිබඳව නව පරිච්ජේදයක් ඇතුළත්‍ ය. මෙම ග්‍රන්ථයම භාවනාවක් වැනිය. අප හිතනවාටත් වඩා ඉතාම සරලය.

සද්ධර්මාලංකාරය

Highlights:

පොළොන්නරු සමයේ වැඩී වර්ධනය වී දඹදෙණි සමයේ දී වඩාත් ව්‍යාප්ත වූ සිංහල බණ කථා සාහිත්‍යයට ගම්පොළ සමයේ දී එක් වූ තවත් මහ බණ කථා පොතක් නම් සද්ධර්මාලංකාරය යි. මෙය පාලි බසින් පැවැති බණ දහම් සිංහලට නැඟීමේ තවත් විශාල ඉදිරි පියවරකි. කුරුණෑගල සමය වනවිට පන්සිය පනස් ජාතකය ද සම්පූර්ණයෙන් සිංහලට නැගී තිබීම නිසා තවත් විවිධ කෘති උදෙසා පඬිවරු උත්සුක වී ඇත්තාහ. ඊට නිදසුනක් සේ දැකිය හැකි සද්ධර්මාලංකාරය කථා පුවත් රැසකින් යුක්ත කථා සංග්‍රහයකි.

ධනිය ගෝපාල සුත්‍ර කාව්‍යය

Highlights:

මෙය සුත්ත නිපාතයේ සඳහන් රමණීය සුත්‍ර දේශනාවකි. ගව පට්ටි හිමියෙකු වූ ධනිය, ධනවත් අයෙකි. මෙ දින ඔහු තම ගවයින්ට තණ කවා පි‍යාදර බිරිඳ සහ දරුවන් සමග මහී ගං තීරයේ තාවකාලික ව නැවතී සිටියහ. ඒ රාත්‍රියේ මහා වැහි වළාකුළු අහස් කුස නැංවෙන අයුරු බලා සිටි හේ ප්‍රීතියට පත්විය. මහා වැසි වසින්නැයි වළාවන්ට හඬනගා කියන්නට විය. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ බොහෝ දුර සිට මේ සිදුවීම දිවැසින් දුටු සේක. තමන් වහන්සේ නො වැඩියහොත් මහ රෑ වසින වැස්සෙන් ගඟ උතුරා ගලා ගොස් ඇතිවන භයානක ගං වතුරකට මේ සියලු දෙනා ගොදුරු වන බව දුටු සේක.

ආටානාටිය සූත්‍රය

Highlights:

අමනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි.

සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.

රතන සූත්‍ර වර්ණනාව

Highlights:

අතීතයේ විසල් පුර දැඩි ආහාර හිඟවීම ආදී උවදුරු ඇතිවිය. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලිච්ඡවීහු රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්‍යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවූහ. මෙසේ වැඩමවාගෙන ආ භාග්‍යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සූත්‍රය දේසනා කළහ. මේ එහි කෙටි සඳහනයි. පැරණි ඇදුරෝ මෙහිදී විසල්පුර ගොඩනැගුන අයුරු මුල පටන්ම විස්තර කරති. ඒ විස්තර මෙසේ දතයුතුය. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. ඇය එය දැන රජුට දැන්වූවාය. රජ ගැබිනියක වෙනුවෙන් කළයුතු සියළු කටයුතු හා රැකවරණ (ගැබ් පෙරහර) සැලසීය. ඇය මැනවින් ගැබ දරාගනිමින්, ගැබ මේරූ කල වදනාගෙට පිවිසියාය. පින් ඇති තැනැත්තියන්ට දරු උපත සිදුවන්නේ අළුයම් කාලයේදීය. එබඳු තැනැත්තියන් අතර ඇයද වූවාය. අළුයම් වේලෙහි ලාකඩ පටලයක් (වැසුණු) වැනි බඳු වදමලක් මෙන් මස්වැදැල්ලක් ඇය බිහිකළාය. එවිට, ඇය, ‘අනික් බිසෝවරුන් රන් පිළිම බඳු පුත්තු වදති. අග මෙහෙසිය මස් වැදැල්ලක් වැදුවා’ යැයිද රජු ඉදිරියේ අපහාසයට ලක්වන්නේ යැයි ද සිතා, ඒ අපහාසයට බියෙන්, එම මස්වැදැල්ල එක්තරා බඳුනක බහා, වෙනත් බඳුනකින් වසා, රාජකීය සලකුණු තබා, (ගඟෙහි) දැමූවිටම, දේවතාවෝ රැකවරණ සැලසූහ. රන් තහඩුවක, රත්සිරියල්වලින් ‘බරණැස රජුගේ අග මෙහෙසියගේ දරුවන්’ යැයිද එහි ලියා තැබූහ. එම බඳුන දියසුළි ආදී උවදුරු නැතිව ගඟ පහළට පාවී ගියේය.

බුද්ධ ඇදහිල්ල

Highlights:

අපේ බෞද්ධ සංස්කෘතික පරිචයක් වශයෙන් අවුරුදු පතා යන වන්දනා ගමන්වල දී අත්පොතක් වශයෙන් මෙම පොත ගෙන යා හැකිය. මෙහි භාවනා නමින් වෙනම පරිජෙදයක් එයි. එහි සියළුම භාවනාවන් ඒකරාශි කර ඇත. වන්දනාවක දී හෝ ගෙදර සිටිය දී තමන්ට කැමති භාවනාවක් මේ පොත බලාගෙන වුවද කළ හැකිය.

බෞද්ධ ඇදහිල්ල නම් මෙම කෘතිය බෞද්ධ අත් පොතක් වශයෙන් පරිශිලනය කිරීමට සුදුසුය. සිතුවම්ද ඇතුළත් කොට ඇති මෙහි ජන සමාජයේ ඇදහිලි ක්‍රම පිළිබඳවත් බෞද්ධයින් සතු සියලු පුද පූජාවල් පිළිබඳවත් පැහැදිලි කිරයි.

මිනිස් ලොවෙන් ප්‍රෙතලොවට (ප්‍රෙතවස්තු ඇසුරෙන්)

Highlights:
  1. පසේබුදුන්වහන්සේගේ පාත්‍රය බිඳ ප්‍රේතයෙක් වූ රජපුතා
  2. බොරුවට දිවුරා විමාන ප්‍රේතියක් වූ උපාසිකාව
  3. විහිළුවට වස්ත්‍ර සඟවා නග්න වූ ප්‍රේතයා
  4. කුණු ගඳ ගසන මුඛය පණුවන් කන ප්‍රේතයා
  5. සිඟමන් යැදි මහධන සිටුපුත්‍රයා
  6. ප්‍රේතයෙකු වූ මුව වැද්දා
  7. සැටදහසක් යකුළු පහර කන ප්‍රේතයා
  8. දරුවන් ලිහු බැඳ යන මව්පිය ප්‍රේතයෝ
  9. නිරුවත් විමාන ප්‍රේතිය
  10. කසල හිස මත දමා ප්‍රේතියක් වු මත්තා….

සිහනාද සූත්‍රය

Highlights:

දීඝ නිකායෙහි සිලක්ඛන්ධයෙහි අටවැනිව ඇති සූත්‍රය සීහනාද සූත්‍රයයි. එම සූත්‍රයට වස්තු වී ඇත්තේ “කස්සප” නැමැති අචේලකයකු බුදුරදුන් කරා පැමිණ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුදුරදුන් විසින් කරන ලද සංවාදයකි. සමහරු මෙම සූත්‍රයට කස්සප සීහනාද සූත්‍රයයි ද ව්‍යවහාර කරන නමුත්, තථාගතයන් වහන්සේ විසින් අචේලක කස්සප ඉදිරියේ කරන ලද සිංහනාදයට කස්සපගේ නම යෙදීම සුදුසු නොවේ. තථාගතයන් වහන්සේගේ අභීත සිංහනාදය ඉතාමත් විසිතුරු ලෙස දැක්වෙන මෙම සුත්‍රයට උචිත වන්නේ “සිහනාද සූත්‍රය” යන්න මැයි.

කාලාම සූත්‍රය සහ චින්තන නිදහස

Highlights:

පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටකාගත සාධකය වශයෙන් කාලාම සූත්‍රය  බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත. බුදු සමය මගින් චින්තන නිදහස පිළිගැනෙන බවට ශ්‍රාස්ත්‍රීය මට්ටමෙන් තර්ක කර්න වියත් අය මෙන් ම, ඕනෑම කරුණක් ස්වාධීනව සොයා බලා නිවැරදි යයි තමන් සිතන නිගමනයකට එළඹීම බුදු සමය මගින් අනුමත කෙරේය යන පුළුල් අදහස දරණ සාමාන්‍ය අය ද තම තර්ක සහ අදහස් තහවුරු කිරීම සඳහා ගෙන හැර දක්වන ප්‍රධාන සාධකය වන්නේ කාලාම සූත්‍රය ය.

අග්ගඤ්ඤ සූත්‍ර අනුවාදය

Highlights:

අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි අරමුණ වූයේ කුලභේදය පිළිබඳව පැවැති විවිධ දුර්මත ප්‍රතික්ෂේප කිරීමත්, සියලුම මනුෂ්‍ය‍යන් එකම සම්භවයකින් හටගත්තවුන් බවත්, ඔවුන්ගේ වර්ණය, කථා කරන භාෂාව වෙනස් වුවත්, සියලුම මනුෂ්‍ය‍යන් සමාන බවත් ප්‍රකාශ කිරීමය. මෙහිදී අවුරුදු කෝටි ගණනක් ගතවීමේදී මිනිසා විකාශයට හෙවත් පරිණාමයට පත්වූ බව වාසෙට්ඨ සහ භාරද්වාජ යන සාමනේරවරුන් දෙදෙනාට පැහැදිලි කරන බුදුරදුන් මහපොළොවේ සහ මිනිසාගේ සම්භවය පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කරන ලදී.

දස පුණ්‍ය ක්‍රියා විභාගය

Highlights:

01 දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය

02 සීලය – පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම

03 භාවනාව – සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම

04 අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම

05 වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම

06 ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම

07 පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම

08 ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම

09 ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම

10 දිට්ඨිජ්ජු කම්මය – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම

දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි.

Life Of The Buddha 3 ( Buddhist Series)

Highlights:
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping