Fast Publishing (Pvt) Ltd

Fast Publishing (Pvt) Ltd

(Showing 61 – 77 products of 77 products)

Show:

ඔහෙත් මෙහෙමද? මෙහෙත් එහෙමයි

Highlights:

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ What Young INDIA Wants කෘතියේ පරිවර්තනයයි. ඉන්දියාවේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්‍රවාහයන්හි පවතින අල්ලස, දූෂණය, වංචාව, හොර මැරකම්, තක්කඩිකම්, නිර්දය ලෙස හෙළිදරව් කරමින් සාකච්ඡා කෙරෙන ගවේශණාත්මක කෘතියකි.

ගිම්හාන ගීතය

Highlights:

අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු සංවේදී නවකතාවකි.

ඕපපාතික

Highlights:

හිරිමල් සිව් හැවිරිදි වියේ සිට වසර දොළහක් ගතවෙනතුරු තම මවගේ අනේකවිධ වධ හිංසාවලට, ඇසිය නොහැකි තරම් අතවරයන්ට ගොදුරු වූ දරුවෙකුගේ අනුවේදනීය කතාව.

දිරි දැරිය

Highlights:

යුද්ධයෙන් බැට කෑ පවුලක් ගොඩ නැගීම සඳහා අනේකවිධ දුක් කම්කටොලු මැද ජීවිතය ජයගත් යුවතියකගේ සත්‍ය කතාව.

සූරිය කුසුම

Highlights:

අනාථ  නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා  කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්‍රහයක යෙදේ .

සංසාරාරණ්‍යය අසබඩ

Highlights:

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.

සන්තිපරං

Highlights:

බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.

කාල නදී ගලා බසී

Highlights:

කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.

සුර අසුර යාමය

Highlights:

සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.

නිමලෙලා වගෙ දරුවො කවදාවත් මැරෙන්නෙ නෑ. ඒ වගේ දරුවන්ව කාටවත් මරන්නත් බෑ.  –    අදිරියන්

පුන්සඳ තරහ වී ඉවතක බැලුවාම – වැරදිද තරුවකට ළංවී හිටියාම”   –     පත්මේ

පුන්සඳ තරහ වූයේ නැත කිසිදාක – සඳවත වගෙද දිලුණත් තරු රැස නේක”   –     මුදිතා

ජීවිතයත් අහස වගෙයි. අහසෙ තරු ඔක්කොම එක රෑට පායන්නේ නැ”.    –     රුවිනී

කෙල්ල සල්ලන් වුණාට පස්සේ මහන්සි නොබලම අපේ ඇඳන්වල හාන්සි වෙයි.”  –   ප්‍රියානි මැඩම්

මේ පිස්සු බල්ලන්ව වෙඩි තියල මරා දාන්න කවුරුවත් නැනේ.” –     ප්‍රයිවට් බස් කොන්දොස්තර ඉලන්දාරියා

සුද්දීලාගේ කතාව

Highlights:

ස්ත්‍රීන් තුළවන සරාග සුකුමාරත්වයන් සපිරිව සිදාදියෙන් ගමට ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකා නිරූපණය කරන නවකතාවකි.

අදිසි නදිය

Highlights:

මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.

සක්කාරං

Highlights:

මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.

ක්ෂීර සාගරය කැලඹිණ

Highlights:

ලේඛකයාටද මහත් තෘප්තියක් ලබාදෙමින් 1990 දශකයේදී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ සාමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි කතාවක තුන්වෙනි මුද්‍රණයයි.

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

Highlights:

වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා සිව්පාවා මෙන්ම ගහකොල සමඟද සැබෑ අවබෝධයෙන් ජීවත්වූ මිනිසකුගේ කතාන්දරයකි.

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

Highlights:

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.

ගිනි මැද සක්මන

Highlights:

ගිනි මැද සක්මන

මහමොළකාරයෝ

Highlights:

ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචඩ් බ්‍රන්සන්, වෝල්ට් ඩිස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන්, වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුනු මහමොලකාරයෝ කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ප්‍රයෝගිකව ජීවිතය එන්නත් කරගත හැකි කළමනාකරණ සහ පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් හෙළි කරයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping