Graphicare Publication

Graphicare Publication

Showing all 10 results

Show:

මිනිස් වර්ගයා විනාශ වේවිද?

Highlights:

මෙම කෘතියෙන් උත්සාහ කරන්නේ මෙතෙක් දරුවන්ට තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු අදහස් ලෙස සලකන ලද දේ ඔවුනට පැහැදිලි කිරීමටය. තවද වැඩිහිටියන්ට නිවහල් චින්තකයින් වීම සඳහාත් ඔවුන්ගේ දරුවන් එයට දිරිගැන්වීම සඳහාත් මෙය උපකාර වනු ඇත.

ජාතීන් සහ ජාතිවාදය පිළිබඳ අපි ඉගෙනගත්තේ කෙසේද?

Highlights:

මෙම කෘතියෙන් උත්සාහ කරන්නේ මෙතෙක් දරුවන්ට තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු අදහස් ලෙස සලකන ලද දේ ඔවුනට පැහැදිලි කිරීමටය. තවද වැඩිහිටියන්ට නිවහල් චින්තකයින් වීම සඳහාත් ඔවුන්ගේ දරුවන් එයට දිරිගැන්වීම සඳහාත් මෙය උපකාර වනු ඇත.

ගොඩ පෙරකදෝරුවා

Highlights:

පසු දින පාන්දර උත්සවය සඳහා යාමට සූදානම් වෙමින් සිටි මගේ කුඩා දියණිය නිර්මලා දොර රෙද්ද අතරින් එබී බලා රාමයියාට හූ.. කියාගෙන දුව ගියාය. ඒ අසලින් යන්නට ආ මගේ බිරිඳ කල්පනීට එය ඇසී කාමරය තුළට එබී බැලුවාය.

“මල කෝලං… කාල බීලා ඉන්න තියන රස්සාවත් නැති කරගන්නද කොහේද හදන්නෙ..”

භූත දඩයම

Highlights:

නවීන විද්‍යාවට නතු නොවන අනේක විධ අද්භූත බලවේග අප ජීවත්වන විශ්වයේ නිබදව ක්‍රියාත්මක වන බවත් ඒ මගින් මිනිස් සංහතියට විවිධාකාර බලපෑම් එල්ල වන බවත් ලොව පුරා පැතිර ගත් විශ්වාසයකි. නමුදු මෙම අසංවිධිත විශ්වාසය සහ පොදුජන මානසික සෞඛ්‍යය අතර ඍජු සබැඳියාවක් පවතින බව මනෝ වෛද්‍යවරුන්ට පහසුවෙන් තහවුරු කරගත හැකිය.

ඇස්වහ කටවහ

Highlights:

ජේන් උන්දෑ යනු මීට අඩසිය වසක් පමණ අතීතයට දිවයන මාගේ මතක සීමාවේ එහා කෙළවරින් මතුවන අපූරු ගැහැනියකි. එක්දහස් නවසිය හැටේ දශකය තෙක් දශක කිහිපයක් පුරා අප ගම් ප්‍රදේශයේ කාගේත් විශේෂ අවධානයට යොමුව හිඳ හැත්තෑව දශකයේ මුල් භාගයේ දී පමණ කලක් රෝගාතුරව පසුවී මියගිය ජේන් උන්දෑට මා ජිවීතයේ එදා මෙදා තුර දුටු සුවිශේෂ චරිත අතරිනුදු මුල් තැනක් හිමිවෙයි.

සුනඛ මිතුරෝ

Highlights:

මීට වසර හතලිස් දවසකට පමණ පෙර වනාන්තරවල විසු අනේක විධ සත්ව කොට්ඨාශ අතුරින් වෘක ගණයට අයත් එක් සත්ව සමුහයක් එම වනාන්තරවල පිහිටි ආදි මානව ජනාවාස වෙත සංක්‍රමණය වූහ. ඒ එම මානවයාගේ සත්ව දඩයම් අවශේෂ ආහාරයට ගනු පිණිසය.

මන රංජන මිථ්‍යා කතා

Highlights:

ශ්‍රී ලංකාව තුළ මිථ්‍යාවට එරෙහි නූතන ගවේෂණාත්මක සාහිත්‍ය සම්ප්‍රදායේ පුරෝගාමියා හා සටන්කරුවා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කොවුර් ය. ඔහු මුල පිරූ ඒ කර්තව්‍ය‍යේ අඛණ්ඩ සම්ප්‍රදාය හැත්තෑව දශකයේ අග භාගයේ ඔහුගේ අභාවයත් සමග ඇන හිටියේ ය.

සිංහල අලුත් අවුරුද්දේ මායාව සහ යථාර්ථය

Highlights:

යම් ජන සමාජයක් විසින් එල්බ ගැනුණු චිරාගත සම්ප්‍රදායන් මුල්කොට ගත් සංස්කෘතික දායාදයන්‍ට පහර ගැසීම දෙබරයකට ගල් ගැසීමකි. ඒ අනුව සමස්ත  ශ්‍රී ලංකිකයින්ගේ අසම-සම ජාතික උත්සවය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන  සිංහල අලුත් අවුරුද්ද කෙරෙහි විවේචන එල්ල කිරීමේ බැරෑරුම් සහ අවදානම් සහගත බව පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත.

ආගම් ගැන අපි විමසා බලමු

Highlights:

මෙය ලංකාවේ ළමයින්ට අලුත් වර්ගයේ සාහිත්‍ය‍යක් හඳුන්වාදීම සඳහා කරන නවෝත්පාදක ප්‍රයත්නයකි. මෙයින් උත්සාහ කරන්නේ මෙතෙක් දරුවන්ට තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු අදහස් ලෙස සලකන ලද දේ ඔවුනට පැහැදිළි කිරීමටය.තවද වැඩිහිටියන්ට නිවහල් චින්තකයින් වීම සඳහාත් ඔවුන්ගේ දරුවන් එයට දිරිගැන්වීම සඳහාත් මෙය උපකාර වනු ඇත.

අද්භූත ලෝකය පියවි ලෙසින්

Highlights:
ශ්‍රී ලාංකේය ජන සමාජයේ ගුප්ත විශ්වාස මුල් කොට සිදුකරනු ලැබු හේතුවාදි ගවේෂණ අළලා සිංහලෙන් ලියවුණු ප්‍රථම කෘතිය 2001 වසරේ එළිදැක්වු “ජනකාන්ත මිථයා මත” ග්‍රන්ථයයි.
එය සම්පාදනය කළ ශ්‍රී ලාංකේය ජන විශ්වාස පිළිබද පර්‍යේෂක තිලක් සේනාසිංහයන් විසින් සම්පාදිත මෙම කෘතිය ද අප සමාජයේ ගුප්ත විශ්වාස නම් වන් අදුරු පරාසය වෙත එල්ල කළ
දීප්තිමත් විද්‍යාත්මක සහ යථර්ථවාදි ආලෝක ධාරාවක් මෙනි.
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping