Little House

Little House

Showing all 6 results

Show:

මිලී-මොලී-මැන්ඩිගේ තවත් කතාන්දර

Highlights:

එකෝමත් එක කාලයක, එක ලස්සන ගිම්හාන උදෑසනක, මිලී-මොලී-මැන්ඩි හිමිදිරි පාන්දර අවදි වූවා ය.

තාත්තා සහ අම්මා නිශ්චලව නිදමින් සිටින නිසා (මිලී-මොලී-මැන්ඩි ගේ කුඩා ඇඳ ඇත්තේ තාත්තා ගේ සහ අම්මා ගේ කාමරයේ එක මුල්ලක ය) එය හිමිදිරි පාන්දර බව ඇය දැන සිටියා ය. ජනේල තිර වටා ඇති පටු විවර කොතරම් දීප්තිමත් වී ද යත් ඈට ඒ දෙස බලන්නටවත් නොහැකි වූ බැවින්, එය ලස්සන ගිම්හාන උදෑසනක් බව ද ඇය දැන සිටියා ය.

කරදරකාර රමෝනා – 2

Highlights:

රමෝනා කුම්බි ට බාලාංශ පංතිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත්, ඔහු සිපගන්නට ඇයට ඕනෑ විය. ඈ සූසන්ගේ ලස්සන කොණ්ඩ කැරලි වලට කොතරම් ආස කළාද යත්, බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩ කැරලි වලින් අදින්නට ඈට ඕනෑ විය. නිශ්චලව වාඩි වී සිටියොත් ඈට ප්‍රසන්ට් එකක් දෙන බව ඇගේ ගුරුතුමිය කීවාය. ! ඉතින් රමෝනා කොහෙත්ම ප්‍රශ්න ඇති කරගන්නට යන්නේ නැත. ඈ කිසිදාක හිතාමතා කරදරකාරියක වන්නේ නැති බව රමෝනා ගැන දන්නා හැම දෙනාම දැන සිටියහ.

රමෝනා සහ ඇගේ අම්මා

Highlights:

කුම්ඹි මහතාට අලුත් රැකියාවක් ලැබී ඇති අතර, අම්මාත්, තාත්තාත් දෙදෙනාම රැකියාවට ගොස් සිටින අතරේ තනිවම නිවසට වී සිටින්නට රමෝනා තවම පොඩි වැඩිය. එබැවින් පාසල නිම වූ පසු හෝවිගේ නිවසට යන අතර එහි සිටින කරදරකාර විලා ජින් සමග ළදරු සෙල්ලම්වල යෙදෙන්නට ඈ දැන් ලොකු වැඩිය. වැඩුනු ළමයෙකු මෙන් හැසිරෙන්නට උත්සාහ කරන නමුත් ඈට ඇත්තටම ඕනෑ වී ඇත්තේ නාසය පොපියවා ඉස්සර මෙන් ඇගේ අම්මාගේ පුංචි හා පැටියා වී ඉන්නට පමණි. ඈට සදහටම අම්මාගේ පුංචි දුව වී ඉන්නට බැරිද?

ඌව නම් මිනිසා

Highlights:
ඌවට ඕනෑ සැනසිල්ලේ මැරෙන්නටය. ඔහු සිව් වතාවක් සිය දිවි නසාගන්නට උත්සාහ කරන නමුත්, ඒ හැම අවස්ථාවකම ඔහුගේ උත්සාහය අසාර්ථක වෙයි. ඔහුගේ අසල්වැසියෝ නිරන්තරයෙන් ඔහු ගැන විපරම් කරමින්, උදව් ඉල්ලමින් එති. තමාට මේ මෝඩයින්ගෙන් ගැලවීමක් නැතැයි ඔහු තැවෙයි.

මිනිස් සබඳතා අපූරු ලෙස විස්තර කරමින් හාස්‍යය, ආදරය හා දයාව කැටි කර ලියන ලද මේ හෘද සංවේදී නවකතාව ඔබ කියවිය යුතුම නවකතාවකි.

සවන් ළග සරන්නා

Highlights:

ලේඛකයකු වන ටොම් කෙනඩි, සිය බිරිඳ ගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන, නව ජීවිතයක් ආරම්භ කිරීමට හැකි වනු පිණිස, ඔහු ගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමග ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක නිවසක පදිංචියට යයි.

ඒ කාලයේදීම ෆෙදර්බෑන්ක්වල කුඩා පිරිමි ළමයකු අතුරුදහන් වන අතර, එහි සුලමුල සොයාගැනීමේ වගකීම පීට් විලිස් සහ අමැන්ඩා බෙක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරෙයි.

ඒ අතරේ ජේක් ට ඔහුගේ කාමරයේ ජනේලයෙන් පිටත සිට කිසිවකු රහසින් කොඳුරන හඬ ඇසෙන්නට පටන් ගනියි.

බීසස් සහ රමෝනා

Highlights:

බීසස් කුම්බි, ඇගේ සිවි හැවිරිදි නැගණිය වන රමෝනා සමග ඉවසීමෙන් වැඩ කිරීමට උත්සාහ කරන නමුත්, රමෝන පුයර යැයි කියා මාෂ්මෙලෝ කුඩු නාසයේ තවරා ගන්න විට සහ පවුලේ අයට නොකියා ළදරු පාසලේ ඇගේ පන්තියේ ළමයින්ට සාදයකට ආරාධනා කරන විට එසේ ඉවසීමෙන් කටයුතු කිරීම පහසු නැත. සමහර වෙලාවට, බීසස් රමෝනට කැමති නැති නමුත්, ඔවුන් සොහොයුරියන් වන අතර, එහි අදහස හැම මිනිත්තුවේම නොවුණත්, ඔවුන් හැමදාමත් ඔවුනොවුන්ට ආදරය කරනු ඇති බවයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart