Masitha Prakashakayo

Masitha Prakashakayo

Showing all 8 results

Show:

අත්භූත දුම්රියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 07

Highlights:

“හොල්මන් කෝච්චිය ගැන කතාව අහලා ඇන්ඩෲස් මහත්මයා නම් හොඳටම කලබල වුණා. ” ජුලියන් කිව්වා. “අපිට ඒ පැත්ත පළාතකටවත් යන්න එපා කියලා එයා කීප සැරයක්ම කිව්වා. එයා නම් හොල්මන් කෝච්චිය ගැන කතාව හොඳටම විශ්වාස කරනවා වගේ තමයි අපිට පෙනුණේ…”

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් හත්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

අරුම පුදුම පරීක්ෂණයක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 06

Highlights:

“මම උමග දිගේ වනකොට මට පොඩි සද්දයක් ඇහුණා.” ජෝර්ජ් ව කැඳවාගෙන ආ මිනිසා ඇගේ පියා අසල සිටි අනෙක් මිනිසාට පැහැදිලි කරන්නට පටන් ගත්තා. ” මම ගිහින් බැලුවේ නැත්නම් මේ ළමයා තව පොඩෙන් බල්ලව ලිහලා දානවා. එහෙම වුණා නම් ඉතින් මට වෙන්නේ බල්ලට වෙඩි තියන්න තමයි….!’

ඒත්…… මේ ළමයා මේ මහ රෑ දෙගොඩහරියේ උමග ඇතුළට

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් හයවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

කැරවෑනයකින් චාරිකාවක් –

Highlights:

” අපි කොහොමටත් හෙට උදේම මෙහෙන් යන්න තමයි ඉන්නේ…9″ ජුලියන් කිව්වා. ” හැබැයි අපි ඔහේලට බයේ දැන්මම මෙහෙන් යයි කියලා නම් හිතන්න එපා.! මේ විල ඔහේලගේ බූදලයක් නෙමෙයි. ඔහේලට විතරක් නෙමෙයි අපිටත් මෙහේ ඉන්න අයිතියක් තියෙනවා. දැන් ඉතින් අපිට කරදර නොකර මෙතනින් යනවලා යන්න.!”

“මේ කොල්ලගෙ කට වැඩියි. මම අද හොඳ පාඩමක් උගන්නලා තමයි පස්ස බලන්නේ…” කියමින් ලෝව් තරහින් පුපුරමින් ආයෙත් වතාවක් කැරවෑනයට අත මිට මොළවා පහරක් ගැසුවා. ඉන් පසුව බඳ පටියත් ගලවාගෙන ජුලියන්ට පහර දෙන්නට ඉදිරියට ආවා.

ඒත් එක්කම ටිමී බුරමින් ලෝව්ගේ ඇඟට පැන්න. ලෝව් ටිමීට බඳ පටියෙන් පහර දුන්නා. ටීමි වහා ඉවතට පැන ඉන් බේරුණා. ලෝව් ආපසු පහර දෙන්නට හැරෙනවාත් එක්කම ටිමි ඔහුගේ කලිසම් කකුලේ එල්ලුණා. ලෝව්ගේ කලිසම ‘කක්රාස්….” හඬින් ඉරේ ගියා. ඔහු ටේමිගෙන් ගැළ වී ඉවතට පැන ගත්තා.

ගස උඩ නවාතැනේදී – සත් මිතුරන්ගේ වීරක්‍රියා 03

Highlights:

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.

වෙස් වළාගත් පාසල් දැරිය – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 09

Highlights:

“මේකෙ ජායාරූපයකුත් තියෙනවා….” පුවත්පත ඔවුන්ගේ
දෙසට හරවමින් ඇගේ පියා පැවසුවා.”

ඒක ඒ තරම් පැහැදිලි නැහැ… ඒත් ඇගේ පාසල් නිල
ඇඳුම බලා ගන්න පුළුවන්…” පීටර් හා ජෙනට් පුවත්
පතේ තිබූ ඡායාරූපය දෙස හොඳින් බැලුවා. ඡායාරූපයේ සිටි
ගැහැනු ළමයා සිනහවකින් සැරසී ගත් මුහුණ වටා හිසකෙස්
සහිත අයෙක් බව ඔවුන්ට පෙනුණා. ඇය පෙනුමෙන් යහපත්
අයෙක් බව ඔවුන් හිතුවා.

ජෙනට්ට සිතුණේ ඇය සැබවින්ම මුදල් සොරකම් කළ පලා යාමට
නොහැකි බවයි. ඇය ඇගේ පියා වෙතට හැරුණා.

“එයාගෙ ආච්චි ජීවත් වෙන්නෙ බෙලින්ග් ගමේ කොහේද…? ”

“ඒ ගැන තියෙනව ද බලමු… නැවතත් පුවත්පත අතට
ගනිමින් ඇගේ පියා පැවසුවා.”

” ඔයාලාට මේ පත්තරය කියවලා උවමනා කරන තොරතුරු ගොඩක්
හොයා ගන්න පුළුවන්. ළමයා එයාගෙ ආච්චි ළඟට ගියා නම් දැනටමත්
එයාව හොයාගෙන. ඒත් එයා ඒ ළඟම කොහේ හරි හැංගිලා ඇති.
ඔයාලට පුළුවන් එයාව හොයා ගන්න.”

ඔව් අපිට පුළුවන්..” පීටර් කිව්වා.

සප්ත සුමිතුරන්ට කාලෙකින් වැදගත් දෙයක් කරන්න ලැබුණෙ නැහැ.
අපි හෙටම රැස්වීමක් කැඳවනවා. හෙට සෙනසුරාදාවක් වුණ එකත්
හොඳයි…. එදින සවස ජෙනට් පසුදින පැවැත්වෙන රැස්වීම පිළිබඳව
දන්වන්නට සප්ත සුමිතුරන් සියලු දෙනාටම සටහන් ලිව්වා. හැම
ලිපියකින්ම කියවුණේ එකම දෙයක්.

“ආදරණීය සප්ත සුමිතුර.

හෙට උදේ (සෙනසුරාදා) දහයට මඩුවේ දී රැස්වීමක් පවත්වනු ලැබේ.
ඔබේ ලාංඡන පැළඳගෙන රහස් වචනය මතක තබාගෙන පැමිණෙන්න.”

කඳු මුදුනක ගරා වැටුණු නිවසේදී – සත් මිතුරන්ගේ වීරක්‍රියා 04

Highlights:

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.

වැලි පතලේදී හමුවු ආගන්තුකයා සත් මිතුරන්ගේ වීරක්‍රියා 07

Highlights:

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්, කොලින් සහ ජෝර්ජ්
යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක
සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,
සොර මැරකම් වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත
ක්‍රියාවන්හි නිරත වෙමින් අබිරහස් හෙළිදරව් කිරීමට වෙරදරති.
පීටර් සහ ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල්
සුනඛයාද ළමුනගේ උදව්වට නිතරම එකතු වෙයි.

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොර කල්ලියක් සමඟ
හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ කල්ලිය පසුපස යන ළමුන්ට
විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම කතාව
ඒ වටා ගෙතී ඇත.

ජෙනරාල්ගේ වීර පදක්කම් – සත් මිතුරන්ගේ වීරක්‍රියා 14

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින් ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන් එකක් වන ද සීක්‍රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping