“හොඳයි අපි උත්සාහය අත්හරින්නේ නෑ. මේ
වාගේ දෙයක් වුණාම ලංකාවම කලබල වෙනවා.
මාධ්‍යයට යන්ට දෙන්ට හොඳ නෑ.”
“ඔව් ගියොත් කරදරේ,”
එහෙත් මාධ්‍යයට දරුවන්ගේ අතුරුදහන්වීම රහසක්
කරන්නට නොහැකි විය. ඒ ප්‍රදේශයේ සිටින මාධ්‍ය
කරුවන් කීපදෙනෙක්ම කලබලය ගැන දැන ගත්තෝය.
ඔවුහු උදාරගේ නිවසට පැමිණ විස්තර විමසන්නට වුහ.
“අපි හරියට දන්නේත් නෑ මහත්තුරුනේ. ළමයි ඊයේ
ඉඳලා නෑ තමා.”