Nohandunanni Publications

Nohandunanni Publications

Showing all 5 results

Show:

කම්බිලි

Highlights:
ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගෙ ඇඟිලිවල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් වීලාක් මෙන් ඇය කම්ඹිලි දෙසම බලා උන්නාය.
පිච්චිගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය. එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඬු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්බිලිගේ ඒ සිපගැනීම ප්‍රහල විය. පිච්චි තවත් තදින් දෑස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි. ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ ගත පුරා සිතුවම් අඳිද්දී කම්බිලි බලා වුන්නේ දෑස් වසාගෙන තදින් හුස්ම ගන්නා ඇය දෙසය. හිතයි ගතයි දෙකම ඇවිලුනු ගැහැනියක් මත් කිරීම කොහොමටත් පිරිමියෙකුට එතරම් අපහසු දෙයක් නොවේය. තිස් තුන් අවුරුද්දට ගිණිය නොහැකි තරමට ගැහැණුන්ගේ පහස විඳි කම්බිලිට මදයෙන් ඇවිස්සී ඇවිලී හුන් පිච්චිව තමාට නතු කරගැනීමට අමුතුවෙන් වෙහෙස වීමට වුවමනා වූයේ නැත

පිච්ච මල් හීනය

Highlights:

පිච්ච මල් හීනය “මගේ අත අතාරින්න අශී… ප්ලීස්…” මම බොහොම සංයමයකින් පාලනය කරගත්තු කටහඬකින් කතා කළේ… හැඟීම්වලට ඉඩ දුන්නොත් මට වෙන්නේ අඬන්න…

“ඇයි දැන් මම අල්ලනකොටද අමාරු… අරූ කර වටේ අත දාගෙන ඉන්නකොට කිසිම අමාරුවක් තිබ්බේ නෑ නේද…”

අශීගේ තරහව පිපිරෙනවා… ඒත් එයාට කිසිම සාධාරණ අයිතියක් නැහැ මේ විදිහට තරහා ගන්න. මේ තරමටවත් මම නෝක්කාඩු ගන්නේ මම එයාට ආදරේ කරන නිසා… ඒත් යාළුකමට, ඒ හැඟීම අයිති නැති නිසා මම උපරිම උත්සහ ගන්නවා. ඒ හැඟීම් හංගන්න. මානවිවයි අශීවයි එක තැන දකිද්දී තරහා නොගෙන ඉන්න. ඒත් අශීගේ හිතේ මං ගැන තියෙන්නේ යාළුකමක් විතරයිනම් එයාට මේ තරම්වත් තරහා ගන්න අයිතියක් නැහැ.

“එයයි ඔයයි කියන්නේ මට දෙන්නෙක් අශී. ඔයා මගේ යාළුවා… යාළුවා ඉන්න ඕන සීමාවක් ඇතුලේ…” හිතේ තිබ්බ තරහවට මම ලොකු පණ්ඩිත කතාවකුත් කියලා දැම්මා.

“අහ්… ඒකත් එහෙමද… එතකොට මම ඉන්න ඕනා සීමාවල් ඇතුලේ. එතකොට විශ්වට සීමාවල් පනින්න දීලා තියෙන්නේ ඇයි කියලත් මට කියන්න පුළුවන්ද මැඩම්…?” අශී සන්සුන් වෙන්න දරන උත්සහයේ පවා තියෙන්නේ තරහවක්.

“ඔව්… ඔයාට විතරක් නෙමේ මටත් පුළුවන් ආදරය කරන්න. මම විශ්ව අයියට ආදරෙයි.”

මම මගේ තුන් හිතකවත් තිබ්බේ නැති දෙයක් කියලා දැම්මා. අශීගේ මුහුණට ආවේ මම කවදාවත් දැකලා නැති තේරුම් ගන්න බැරි බැල්මක්. මට ඕන වුණේ අශීට රිද්දන්න. මම වෙන කෙනෙක්ට ආදරේ කළාම අශීට රිදෙනවද බලන්න. හරියට එයා වෙන කෙනෙක්ට ආදරේ කළාම මට රිදෙනවා වගේ.

“විශ්ව දන්නවද මේක…? අශී අර අමුතු බැල්ම පිටින්ම මගෙන් අහුවා.

“නැහැ…”
“මෝඩ වෙන්නෙපා ඕයි… ඒකට කෙල්ලෙක් ඉන්නවා…”

මාරුතයේ ගීතය

Highlights:

එතකොට මිස් යුහන්සා දන්නවද… මීට අවුරුදු දහයකට කලින් ඔයා හදිසියේම අතුරුදන් උන බව.. ඒ වගේම ඒක තවමත් නොවිසඳුන ගැටලුවක් වෙලා තියන බව…

වසර දහයක්? යුහන්සාගේ සිතට නැගුනේ පුදුමයකි… ඈ බොහෝ කලක් නින්දේ හා අවදිවෙමින් සිටි බව ඇය දැන උන්නාය… නමුත් ඒ වසර දහයක් බව කෙසේ විශ්වාස කරන්නද? අතුරුදන් වූයේ කෙසේද? ඒ කුමක් නිසාද සහ අද මෙවන් කාමරයක් තුල සිටින්නේ මන්දැයි ඇයට සිතාගන්නට නොහැකි වී තිබුනේ සියල්ල පටලැවිල්ලක් මෙන්දැනෙන නිසාමය.

ඒ වගේම… අපිට දැනගන්න ඕන ඔයාට මොකද උනේ වගේම හදිසියේම ඔයා අතුරුදන් උන තැනට නගර ගානක්දුරින් එකපාරටම මතු වුනේ කොහොමද කියලා..

ඔබ ගාව නවතිමි

Highlights:

ආදරේ කියන්නෙම
උඹේ මුණ මතක් වෙන කොට ලියවෙන…
ලියවෙන කොට උඹේ මුණ මතක් වෙන එක…

මන්තරයක් වගේ ඇහෙන
“පරිස්සමින් ඉන්න බුදුසරණයි”
කියන එක….

පුරුද්දට නෙවේ නම් කියන්නෙ…
මේ ලෝකෙ වාසනාවන්තම
මම

කප්පරක් වැඩ අස්සෙ මැවෙනකොට ඔය මූණ
“වස්තුව ”
කියන්නෙ දරාගන්න ම බැරි තැන.
පුළුවන්නම් ඉස්සර තරමටම නැතත්
දෙතුන් පාරක් වත්
හිතලාම මගාරින එක නවත්තලා
කතා කරන්න
මට…

කඩවර

Highlights:

ප්‍රේතයින් පිසාචයින් යක්ෂයින් අමුනුස්සයින් පමණක් නොව, විශ්වයේ ඇති සියලුම අඳුරු බලවේගයන් තම පාලනයට ගත් එක් බලගතු මිනිස් ආත්මයක්…

ජීවත් වීමටත්, මිය යෑමටත් නොහැකිව සියල්ල අහිමි කරගත් එක් සාමාන්‍ය ගැහැණියක්…

අහිංසක ගැමියන් සිටින සතුට පිරුණු ගම්මානයක්…

එක් අරමුණක් වෙනුවෙන් සියලු දේ වැනසූ එක් මිනිසෙකුගේ කතාවක්….

“කඩවර”

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping