Sameera Publication

Sameera Publication

Showing all 15 results

Show:

රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්

Highlights:

රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ.

ගුරු ගීතය

Highlights:

“ගුරු ගීතය” නම් රුසියානු සාහිත්‍ය කෘතිය එදා මෙදා තුර ලංකාවේ පාඨක ජනතාව අතර නොමඳ ජනප්‍රියභාවයට පත් වී ඇති නවකතාවකි. ලංකාවේ පාඨක ජනයාගේ ආකර්ෂණය දිනාගනිමින් සෑම වසරකදීම වැඩිම පිටපත් ගණනාවක් අලෙවි වන කෘතියක් බවට පත් වී ඇත.

දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් මෙලෙස “ගුරු ගීතය” ලෙසින් සිංහල බසට අනුවාදය කරනු ලබන්නේ කිර්ගීසියානු බසින් රචිත චිංගීස් අයිත්මාතව් නම් ප්‍රකට රුසියානු සාහිත්‍යකරුවාගේ “පළමු ගුරුවරයා” (The First Teacher) නම් නවකතාවයි.

ගුත්තිල කාව්‍ය‍ය ( 91-317 පද්‍ය )

Highlights:

ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ( 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.

ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ.

සිංහල ජනකවි

Highlights:

ජනකවිය තරම් ජනතාවගේ ජීවන සුවඳ වහනය වන තවත් කවි වෙසෙසක් නැති තරම්‍ . එයට ප්‍රධානම හේතුව වනුයේ ජනකවි යනු ජනතාවගේ එදිනෙදා ජිවිතයේ ඔවුන් අත්දුටු සැබෑ අත්දැකීම් පදනම් කර ගෙන කියැවුණු, ලියැවුණු ඒවා වීමයි.

ඉසුරුමුණිය

Highlights:

බෞද්ධ ඉතිහාසයේ ඉසුරුමුණියට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. හතර වැනි සියවස පමණ වනවිට මේ විහාරය අභයගිරියට අයත්ව තිබී ඇත. ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මේ ඉසුරුමුණිය විහාරයේය.

ඉසුරුමුණි විහාරයේ විහාර ගෙවල් දෙකකි. ලෙන් විහාරය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය කුඩා විහාරගෙය මිහිඳු පොකුණට ඉහලින් ඇත. පර්වතය ඉදිරියේ වේදිකාවක් මත ඉදි වූ මේ විහාරගෙයට පිවිසීමට ගලින් නිමකළ පඩි කිපයක් ඇත.

අනෙක් විහාරගෙය මෑතක දී තනවන ලද්දකි. මෙහි බුදුරජානන් වහන්සේගේ ඉඳි පිළිමයක්, හිටි පිළිමයක් හා ඔත් පිළිමයක් පිහිටුවා තිබේ.

සාමාන්‍ය පෙළ සරල සිංහල භාෂා භාවිතය

Highlights:

සිංහල භාෂාව ප්‍රමිත ආකාරයෙන් ලේඛන ගත කිරීමේ ශික්ෂණය සීඝ්‍රාකාරයෙන් ඈත්ව යන බවක් පෙනේ ජාතියක අනන්‍යතාව රැක දෙන භාෂාව නිවැරදිව පරිහණය කිරීමේ ලක්ෂණය අභාවයට ගිය කල්හි එම අදාළ ජාතිය අසංස්කෘතික බවට පත්වේ. එබැවින් සිංහලයන් සතුව ඇති භාෂාව මනාව පරිහරණය කිරීමට සැලැස්වීම මෙවක අත්‍යවශ්‍ය ව පවතී.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ව්‍යවසායකත්වය සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්

Highlights:

1970 දශකයෙන් පසු සමාජ විද්‍යාවේ උප විෂය ක්ෂේත්‍රයක් ලෙස ව්‍යවසායකත්ව අධ්‍ය‍යනය හඳුන්වා දීමත් සමඟ ව්‍යවසායකත්වය පිළිබඳව සමාජ විද්‍යාත්මක අධ්‍ය‍යනයන් ආරම්භ විය. මෙම අධ්‍ය‍යන මුලිකවම යුරෝපා කලාපය ඇසුරින් ගොඩනැගේ. Daniel Lernner, David C. McClelland, Everette Hagen, W.W Rostow වැනි නවීකරණ න්‍යාය වාදීන්ගේ අදහස්වල අන්තර්ගත වු ආර්ථික නොවන සාධක ව්‍යවසායකත්වයේදී වැදගත් වන්නේ කෙසේද යන්න මෙහිදී අධ්‍යනය කෙරේ.

අටමස්ථාන

Highlights:

දේවානම්පිය තිස්ස රජ සමයේ ලක්දිව බූද්ධ ශාසනය පිහිටුවීමෙන් පසු ‍ප්‍රධාන බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය.

මිහිදු මහ රහතන් වහන්සේ අනුරාධපුර සීමා නිර්ණය කිරීමේදී භූමිය වෙන් කරන ලද අටමස්ථාන. දීප වංශය, මහා වංශය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංශය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මේ පිළිබඳ සදහන් වේ.

සංදේශ විවරණය

Highlights:

ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍ය‍යන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.

පීකිං පෙම්පත

Highlights:

“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළිබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍ය‍යක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සංවේදී සංජානනය පළ කරයි.

Essays For Grade 3-4-5

Highlights:

 

Writing helps kids become better readers. Write  well allow kids to do better in other subjects, science, maths etc. Essay writing is great way to improve kids writing skills and kids can start essay writing form small topics such as my self, my mother, my friend, my school, etc. Once kids get step up with those topics, kids can try to write essays with advance topics. Then kids need collect more information related to the topic the going to write, and kids can collect information related to the topic the going to write, and kids can collect information reading books, articles, sample essays etc. then kids will soon see the benefits. This book is a good approach for this.

 

පියකු දුවට යැවූ ලියුම්

Highlights:

අවුරුදු දහයක් වයසැති කුඩා ඉන්දිරාට 1928 ග්‍රීස්ම සෘතුවේ දී සිය පියාගෙන් ලැබුණු පෞද්ගලික ලිපි, කවරදාක හෝ ලෝකයේ අනෙකුත් දූ දරුවන්ට ලෝක ඉතිහාසය හා ජනවර්ග පිළිබඳ කියාදෙන අත්පොතක් වනු ඇතැයි නොසිතුවාට සැක නැත. එහෙත් 1931 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ, නේරු සිය දියණිය ඉන්දිරාට ලියු ලිපි පෙළට ලොව පුරා විද්වතුන්ගේ මෙන් ම දරු දැරියන්ගේ ද කිත් පැසසුම් ගලා එන්නට විය. එනිසා ම එම පොත ප්‍රාන්තීය භාෂාවන් ගණනාවකට වහ වහා පෙරළිණි. එය අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ දරු දැරියනට ද අතිශයින් ප්‍රයෝජනවත් ය. “නේරු – පියකු දුවට යැවූ ලියුම් ” කෘතිය කියවීමෙන් ඔබට මෙහි සැබෑ වටිනාකම අවබෝධ වනු ඇත.

රතු කිමෝනාව

Highlights:

ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තවමත් උසුලාගෙන දිවිගෙවන කාන්තාවන්ට ජපන් සංස්කෘතිය තුළ මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ඇසුරින් මෙහි අන්තර්ගතය සකස් වී තිබේ.

මිගුවල් වීදිය

Highlights:
මිගුවල් වීදිය’ නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්‍රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්‍රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping