Sarasavi Publication

Sarasavi Publication

Showing all 34 results

Show:

කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය

Highlights:

එකවර මුදල් ගෙවා භාණ්ඩ මිලදීගත නොහැකි සාමාන්‍ය මහජනතාව බහුලව භාවිත කරන කල්බදු (ලීසිං) හා පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම හෙවත් කුලී සින්නක්කර ක්‍රමයට අදාළ නීති තත්ත්වයන් මේ ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ. පරිච්ජේද 28 කින් හා පිටු 141 කින් යුත් කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය ග්‍රන්ථය චකී මාතෘකා වලට අදාළ ව්‍යවස්ථාපිත අණපනත් හා විනිශ්චිත නඩු තීන්දු 28 ක් ද ඇසුරින් ප්‍රායෝගික නඩු නිමිති පදනම් කරගෙන රචනා වී ඇත. එසේම 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරණ පනත සියලු සංශෝධන සහිතව ග්‍රන්ථයේ අගට චක්කර ඇත. මාතෘකා අනුව වර්ගී කරණය කරන ලද නඩු තීන්දු නාමාවලියක්ද යුහු යොමුව සඳහා (For Quick Reference) as අන්තර්ගත වේ.

 

මේ නිසා සිංහලයෙන් සරල බසින් ලියැවුණු කල්බදු (ග්‍රීසිං) හා කුලී සින්නක්කර නීතිය නමැති මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට හා නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වේ. සිවිල් අධිකරණ වල නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකු සහ JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) ව්‍යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මීට පෙර සිංහලෙන් නීති ග්‍රන්ථ 43 ක් ද නවකතා 5ක්, කෙටිකතා පොත් 4ක්, පර්වර්තන නවකතා 2ක් සහ නාට්‍ය ග්‍රන්ථ එකක් ලියා පළකර ඇත. ඒවා නීති වේදීන් මෙන්ම සාමාන්‍ය පාඨකයන් අතරද අතිශය ජනප්‍රිය විය. මෙම ” කල්බදු (වීසිං) හා කුලී සින්නක්කර නීතිය ඔහුගේ 44 වන නීති ග්‍රන්ථයයි.

මෞන බල කේන්ද්‍රය හා රාජ දොරටුව

Highlights:

“ව්රෙයිතේ තීන් ක්ලිරොනොමිආ කයි දොස්නේ මොවූ මගිකි ඩයිනම්. තොතෙ තු ඩොසො තින් එක්සොඋසියා ස්ති ඩිකයිඔස්සයිනි.” කිසි දිනෙක අසා නොතිබු අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. නිමිටද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදු කරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්‍රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණාද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙමස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව්පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.

මගහැරුණු දූපත්

Highlights:

වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත්‍රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මදක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණු වලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පු වල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ සෘජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා, කණුව මත හුන් වී රුව විසින් මුද්‍රා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මුදු සුළඟට හසුව සමනල රෑනක් සේ දස අත පියාඹන හැටි ඔහු දුටුවා. අවට පැතිරි තිබූ ගන්ධබ්බ වළියෙන් ඒ පියාඹන දේවල් කඩදාසි යයි තහවුරු කර ගන්න ඔහුට පුළුවන් උනා. ඒත් ඒ සිතිවිල්ලට බාධා පැමිනුණේ කණුව උඩ සිටි රුව අනපේක්ෂිතව එකවරම පහළට පනිනවා දැකීමෙන්.

ඉන්දියානු ජනකතා

Highlights:

ඉන්දියානු ජනකතා, සිංහල අපට ඉතා සමීපයි; ඒ ඉන්දියාව, ශ්‍රී ලංකා දිවයිනේ අති සමීපතම ඥාතියා වීම හේතුවෙන්. ඉඳින් ලොව පුරා රටවල් දහයක ජනකතා හැත්තෑ දෙකක් පියසේන වික්‍රමගේ සිංහලට අනුවර්තනය කර ඇත. ඒ අතරින් ඉන්දියානු ජනකතා නම් මේ සංග්‍රහයේ ජනකතා තිස් හතරක් (34) ඇතුළත්ය.

මේ ‍ඉන්දියානු ජන කතන්දර රජුන්, බිසවුන්, ප්‍රභූන්, ධනවතුන්, දිළින්දන් පිළිබඳ ජනකතා පමණක් නොවෙයි. ව්‍යාඝ්‍රයෝ, පුංචි කුරුල්ලෝ, හිවල්ලු, යෝධ බිලාලයෝ වගේම ගිර වු සහ බුරුවෝ ද සිටිති. මුව රජවරු ද හිඳිති. ඒ විතරද ? සත්තු, මිනිසුන් වගේ කතා කරති…! සත්තු – සත්තු පමණක් නොවේ. මිනිසුන් සමඟ ද අදහස් හුවමාරු කරගනිති.

තවත් විශේෂ පිරිසක් ද ඉන්නවා; ඒ යක්ෂයන් හා රාක්ෂයන්;

මිනිසුන්ගේ හුස්ම පොද නිසි කල්හි රැගෙන යන යම දේවයා ද වෙයි. ඒ හැර විවිධ වර්ගයේ දෙවිවරු ද ඉන්නවා. නල දමයන්ති කතාවේ දමයන්තිගේ අත පතා එන දෙවිවරු ද ඉන්නවා; නල කුමරුගේ වෙස් ගෙන ස්වයං වරයේදී කලබගෑනි ද කරති. සාපයක් නිසා දුෂ්මන්ත රජුට සකුන්තලාව හඳුනා ගැනීමට බැරි වූ මොහොතේ පිහිටට එන්නේ මහා දේව රාජයෙකි.

 

රාවණා 3 මෙහෙයුම

Highlights:

හෙළදිව පෞරාණික ප්‍රෞඩත්වය වර්තමාන සිංහල ජනතාව තුළට කාවැද්දීම සඳහා ඉතිහාසයේ වැළලී ගිය සටන් හාරා අවුස්සමින් කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම කෘතිය නිර්මාණය වී ඇත.

මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව සැබෑ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු මත පදනම් වූ නිර්මාණාත්මක සාක්ෂියකි.

සත්‍යය සැමවිටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු ඇත.

සාරි ඇඳපු පිරිමි

Highlights:

මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.

මල්ගුඩියේ මිනීකන්නා

Highlights:

ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.

බුද්ධ පරිනිර්වාණ වර්ෂය සහ වෙනත් ලිපි

Highlights:

බොහෝ කාලයක පටන් බුදු රදුන් වහන්සේගේ පරිනිර්වාණ වර්ෂය යනුවෙන් ලංකාවේ ඇතැම් උගතුන් විසින් සලකා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 543 වශයෙන් වුව ද ශාස්ත්‍රීය ලේඛන වල දී එය වෙනස් විය යුත්තේ දේශීය විදේශීය උගතුන් විසින් එය ක්‍රි. පූ. 483 හා 486 සේ සලකා ඇති බැවිනි. ඒ පිළිබඳ ඇති සාක්ෂි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මහැදුරු කුලතුංගයන් විසින් රචිත බුද්ධ පරිනිර්වාණ වර්ෂය ක්‍රිස්තු පූර්ව 543 ද? ක්‍රිස්තු පූර්ව 486 හෝ 483 ද? යන ලිපිය පාඨක අවධානයට ලක් විය යුත්තකි.

රන් අරුණැල්ල

Highlights:

” අම්මා රට ගියාට පස්සෙ අපේ තාත්තා හුගාක් වෙනස් වුණා. මං දැන් ඉන්නේ මාමලාගෙ ගෙදර.”

අශේන්

“කොච්චර හොඳ යාළුවෝ හිටියත් පුතාගෙ හොඳම යාළුවෝ ඉන්නෙ ගෙදර. අම්මයි, තාත්තයි, ආත්තම්මයි තමයි පුතාගෙ හොඳම යාළුවො. ඒ නිසා ඉස්කෝලෙ යාළුවොත් එක්ක කරන කියන හැම දෙයක්ම පුතා ගෙදර ඇවිත් අපට කියන්න ඕන. තේරුණා නේද?”

අම්මා

” මිනිස්සු කතාබහ කරන විදිය සකස් වෙන්න ඒ අය ජීවත්වෙන පරිසරේ ලොකුවට බලපානවා. ඒ ළමයා ටික කාලයක් යද්දි පුතාලගෙ විදියට හැඩ ගැහේවි. දැනට කලබල වෙන්න එපා. අපි ඒ ළමයා හදා ගන්න බලමු.”

ආත්තම්මා

“අපේ සිංහල මැඩම්නම් කියන්නෙ, තමන්ගේ මව් භාෂාව හරියට නොදැන මොන කෙහෙම්මලක් ඉගෙන ගත්තත් වැඩක් නැතිලු.”

– යතිඳු

අයියෝ ….. ඔය සුදු මහත්තය කියන එකත් නමක් ද ළමයො? ඔයා දන්නෙ නෑ ඒ කාලෙ අපේ යාළුවන්ට දාල තිබිව්ව නම් ! දැල්ලා, අලෙයා, ගැරඬියා, මැට්ටා, බතලෙයා, පතෝලෙයා, ඔන්න නම් ! ”

තාත්තා

තුර්කි මතක මං පෙත්

Highlights:

විදෙස් සංචාරයක් යනු විනෝද චාරිකාවක් පමණක් නොව තමන් පැමිණෙන රට පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් යුතුව සංවිධානාත්මකව අත් කරගත යුතු අත්දැකීමක් බව පැහැදිලි කරන සංචාරක මාර්ගෝපදේශයක් ලෙස මෙම කෘතිය පාඨක ප්‍රසාදය දිනාගනු නිසැකය.

විඳීම් සහ විඳවීම්

Highlights:

ස්වීඩන් ජාතික වෛද්යවරයෙකු වූ අක්සල් මුන්තේගේ සැන් මිකේලයේ කතාව මුල් මුද්‍රණයේ සිට දශක නවයක් අඛණ්ඩව නැවත මුද්‍රණය වෙමින් ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තතනය වෙමින් ඉහලම අලෙවියක් වාර්තා කල ග්‍රන්ථයක් බවට පසුගිය වසරේ දී පත්විය.

කලෙක බ්‍රිතාන්‍යයෙහි වෛද්‍ය ශිෂ්‍යන්ට අවශ්‍යයෙන් කියවිය යුතු පොතක් ලෙසට නිර්දේශ කරා තිබුණු බව සඳහන් මෙම කෘතියේහි වෛද්‍ය මුන්තේ, ඔහු මුහුණ දුන් මිහිරි සහ අමිහිරි සිදුවීම් රසවත් කථාංග ලෙස ඉදිරිපත් කරයි. එහිදී ඔඅහු විවිධ කායික සහ මානසික රෝගාබාධ මෙන්ම ප්‍රතිකර්ම පිලිබදව තම අදහස් දැක්වීමෙන් ඔබ්බට ගොස් ලොව සදාතානික සත්‍යයන් වූ ඉපදීම, මරණය, මානව විඳවීම, ජීවිතයේ අරුත් සුන් බව පිළිබද ගැඹුරින් විග්‍රහ කරයි.

මානව දයාව, අනුකම්පාව, හාස්‍ය, උපහාසය වේදනාව, ප්‍රේමය, භක්තිය ආදී සියලුම මානව හන්ගීම් කැටි කර දැක් වූ කෘතියක් ලෙසට මෙය හැඳින්විය හැකිය.

රජ කුමරියකගේ දිනපොත 2 – නම රැන්දු කුමරිය

Highlights:

රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්‍රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්‍රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්‍යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්‍රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.

අමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.
රාජ්‍ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්‍රසිද්ධියේ විවාහ වෙති.

රජ කුමරියකගේ දිනපොත 01

Highlights:

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් බව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Highlights:

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු
අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා
මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය.
සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි
ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන්
සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන
කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ
හොල්මන්, අවතාර පමණි.

මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,
ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි
සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට
ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

ජීවිතය යළි ලදිමි

Highlights:
බෙනයක්, ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත්විය හැකි ද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැගව සිටීමට සිදුවිය. යුදෙව්වෙකු වීමේ ශාපයට වන්දි ගෙවන තරුණ මවක් සිය පස්මසැති බිලිදු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලුවේ. එයද දවසකට දෙකකට, මාසෙකට හමාරකට නොව යුද්ධය පවතින තුරාවටය.

අනෙක් මව්වරුන් ජීවිතාශාවෙන් තම දරුවන් අතරමග දමා ස්වයං විමුක්තිය පැතුවද මේ මව තම දරුවා මත්තෙම නැහෙයි.

සමාජ ඉතිහාසයේ ඉතා අදුරුම යුගයකදී මානව බැදීම් හා අදිටන මතින්, පලාගිය ජීවිතය යළි ළගාකර ගත් අයුරු මෙම අනුවේදනීය සත්‍ය කතාවෙන් ලියෝකාඩියා ෂ්මිට් ලොවට හෙළිකරයි.

මිත්තා

Highlights:
“මට ගෞරවය ලැබිය යුත්තේ පසුවයි. ලක්දිවට බුදු දහම ගෙන ඒමේ ගෞරවය පළමුවෙන්ම මා මිත්‍ර අශෝක රජතුමාට හිමිවිය යුතුමයි. එතුමා තම දෑස වන් දරු දෙදෙනා ලක්දිව බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසා එවීම තරම් වෙනත් පරිත්‍යගයක් කොයින්ද?
– දේවානම්පියතිස්ස රජතුමා –
“මිහිදු හාමුදුරුවන්, සංඝමිත්තා තෙරණියන් ගැන අහපු දවසෙ මම හිතුව පැවිදි වෙන්ඩ. ඒත් පණ්ඩු අයියණ්ඩිව දැක්ක දවසෙ මගේ හිත වෙනස් වුනා.”
– මිත්තා –
“උඹගෙ ජීවිතේ මල් පිපෙන කාලෙ ළග ළගම එන එසා ඒ විදියෙ හීනයක් පේන්ඩ ඇති. උඹට දැන් දීග යන්ඩ කල වයස හරි.
– කරි අම්මණ්ඩි –
“අපේ අම්මණ්ඩිලා කියපු දේට අපි කැමති වෙලා දීහ ආවා මිසක් කැමති නෑ කැමැති නෑ කියලා මහ පොළොවේ හැපෙන සිරිතක් ඉස්සර අපි ළග තිබුනෙ නෑ නෙව.”
– චේතියා –

ආධිපත්‍ය

Highlights:
මෙම ආධිපත්‍ය කෘතිය, එක්ස් කලාපය ගැන ලියවුණු‍, “සදන්රීච්” නවකතා ත්‍රිත්වයේ දෙවැන්න වන “අතෝරිට්” හි සිංහල පරිවර්තනය යි. ජෙෆ් වැන්ඩමියර් සඳහන් කරන පරිදි.. ඇනයිහිලේශන් (සර්වනාශ) එක්ස් කලාපය තුළට ගවේෂණයක් වූවා සේම,  අතෝරිටි ආධිපත්‍ය එම ගවේෂණ මෙහෙයවන ඒජන්සිය වන සදන්රීච් තුළට වූ ගවේෂණයකි. මායාරූපී, ත්‍රාසජනක, අද්භූත, විද්‍යාප්‍රබන්ධ යන ශානරයන් හී සම්මිශ්‍රණයක් සේ මෙය සැලකිය හැකිය.

පළමු පොත මෙන් නොව මෙහි කතාව දිවෙන්නේ මිනිස් වාසයෙන් යුතු ප්‍රදේශයක් වන සදන්රීච් කේන්ද්‍ර කර ගනිමිනි. එක්ස් කලාපයේ සිදුවූ අද්භූත සිදුවීම් ගැන කෙරෙන ගවේෂණ පිළිබඳ විමර්ශනයන් සම්බන්ධව මෙය ලියැවී ඇත.

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

Highlights:

අග්‍රගණ්‍ය භෞතික විද්‍යාඥ‍යන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත A Brief History of time, නම් මාහැගි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය, ‘කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය’ නමින් ප්‍රකාශිත මෙම කෘතියයි.

ප්‍රේමාක්ෂර

Highlights:
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.

සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.

ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.

වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.

සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.

“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.

මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

යසාවා සාන් මා සහ ජපානය

Highlights:
ශ්‍රී ලංකා සහ ජපන් ජන ජීවිතය පොදු බෞද්ධ සංස්කෘතිය අනුව අධය්‍යත්මික ගුණ වගාවත්,භෞතික කාර්මිකරණය මත භෞතික දියුණුවත් සංකලනය කරගෙන නූතන සංවර්ධන සංකල්ප ප්‍රගුණ කරන් සැටිත් හිතකර සේ තම ආකල්ප සකස් කර ගැනීම සදහා පොදු ජනතාවට, ප්‍රතිපත්ති සාධක පිරිස්වලට සහ අනෙකුත් බලධාරින්ට මෙම ග්‍රන්ථය උපකාරි වනු නියතය.

මගේ ගමට අරුණ

Highlights:
මගේ පුතා ළදරුවියේදී හදා වඩා ගත්තේ මගේ අම්මාය. ටික කලක් ගොස් අම්මා ගෙදර ගිය පසුවද අම්මා බැලීමට යාමට පුතා දැක්වූයේ පුදුම ආසාවකි.අම්මා හදා දෙන කෑමට අපද ආසා කළ අප කෑමට වැඩියෙන් කැමති දේ උයා පිහා දීම අම්මාගේ සිරිත විය. බිරිදත් මාත් රැකියාවට යන අතර පුතා ළග රැදී සිට පෝෂණය කොට බලා හදාගැනීමට අපගේ ඉමහත් වාසනාවක් විය. මෙහෙකාරියන් දෙදෙනෙකු සිටියත්, අම්මාගේ ආදරය අවශය විය. අම්මා බොහෝ විට පුතා ඇමතුවේ මැණික කියාය. වයස අවුරුදු දෙකත් ඉක්ම වූ පසු මව බැලීමට මහ ගෙදර ගොස් දිනක් අප ආපසු යාමට වාහනයට ගොඩ වන විට අම්මා ඇමතු පුතා කීවේ. ” ආච්ච් දැන් ඔයාගේ මැණික යන්නයි හදන්නෙ” යනුවෙනි. අම්මා සතුටින් ඉපිල ගියාය.

දිසාපති ( මින්සුන් අතර මිනිසෙක් )

Highlights:

“පොළොන්නරුවෙ දිසාපති විදියට වැඩභාරගන්න ප්‍රදීප් යන්න එපා! හරවගෙන කොළඹ එන්න, ලොක්කා කිව්ව ඔයාට යන්න එපා කියලා”

“හරි සර්, ඒත් කව්ද ලොක්ක කිව්වේ?”

“ලොක්ක කිව්වෙ ලොකුම ලොක්ක, ආපහු එන්න ප්‍රදීප්”

“හරි සර්”

දැන් මොකද කරන්නෙ? දඹුල්ල මිරිස්ගෝනිය හන්දියෙ අපේ පිරිසත් අපේ පිටිපස්සෙන් නතර වෙලා.

මම ගන්නව කෝල් එකක. දිසාපතිවරු භාරව ඉන්න ස්වදේශ කටයුතු අමාත්‍යතුමාට.

“ගරු ඇමතිතුමා, මම දැන් ඉන්නෙ දඹුල්ලෙ, පොළොන්නරුවෙ වැඩ භාර ගන්න යන ගමන් . මට දැන් ලේකම්තුමා කතා කරල කීව එහේ යන්න එපා, දිසාපති පත්වීම භාරගන්නේ නැතිවා ආපහු හරවගෙන කොළඹ එන්න කියල, මොකක්ද ඇමතිතුමා මං කරන්නෙ? මොකද්ද ඔබතුමා මට දෙන උත්තරෙ.

කුරුලු මෙහෙයුම

Highlights:

පරිසරයේ සුවිශේෂී අංගයක් වන සත්ත්ව සම්පතට ආදරය කරමින් අපමණ අභියෝගවලට මුහුණ් දෙමින් ජීවත්වන සතුන් වෙනුවෙන් උදාර සේවයකට කැපවු දරු පිරිසක් ගැන කියවෙන “කුරුලු මෙහෙයුම” යොවුන් නවකතාව පරිසර හිතැති ආචාරධර්ම දරුවන්ට හුරු කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියකි.

පාරිසරික කතා ගනයට ඇතුළත්වේ. සත්ව සම්පතට ආදරය කරන දරු පිරිසකගේ වික‍්‍රමයක් ගැන කියැවෙන කතාවකි. මතු පරපුර පරිසර හිතැත්තන් බවට පත්කිරිමේ අරමුණෙන් ලියැවී ඇත.

එතන සිට නොසිට

Highlights:

අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.

“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.

“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”

“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”

සත් මිතුරියෝ

Highlights:

සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හැදී වැඩී පාසල් අධ්‍යාපනය ලද සෝමලතා වෛද්‍යරත්න සිය ළමා කාලයද ,ඇසුරු කර ගනිමින් ,තරුණ වියේදී හෙද සේවයට ඇතුළත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලියූ ප්‍රබන්ධ බොහොමයකි.මේ සෑම කෘතියක්ම පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි සරල සුගම බස් වහරකින් ලියා තිබීම මා ඇයගේ ලේඛන කලාවේ දකින විශේෂත්වයයි.

රාජ්‍ය සම්මාණ ලාභී ලේඛිකාවක වන ඇයගේ නවතම කෘතිය ”සත් මිතුරියෝ” ය.වත්මන්හි වට්ස්ඇප්, වයිබර් ආදී නවීන තාක්ෂණික මෙවලම් භාවීතය ඇසුරේ දරුවන් යහමගට යොමු කිරිමේ අරමුණ ඇතිව ඇය මේ කෘතිය ලියන්නට ඇති බව මගේ හැඟීමයි.ඇය විසින් ලියන ලද අනෙක් කෘති මෙන්ම මේ කෘතියද පාඨක හදවත් දිනාගනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

ඕස් දේශයේ අපූරු මායාකරු

Highlights:

ලොව පුරා සෑම ප‍්‍රධාන භාෂාවකට ම පරිවර්තිත ව පිටපත් මිලියන දහයකට අධික ව අලෙවි වී, චිත‍්‍රපට හා නාට්‍ය සිය ගණනකට පාදක වූ, ඇමරිකානු භූමියේ ලියැවුණු උසස් ම ළමා නවකතාව, 2021 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී පරිවර්තිකාවක වෙතින් සිංහලයට නගා රැගෙන එන සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත පරිවර්තනය.

ලාඩං

Highlights:

ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි. සිතුවමකට නැගීමට දැරුණු ප්‍රයත්නයයි. ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක්-දොම්නස් ඉතිහාස කතාවේ අංශු මාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.

තණ කන අපි

Highlights:

”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”

ප්‍රේමානිසංශ

Highlights:

පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,

මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින්  සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,

ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් ‍රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ‌ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.

හපනා

Highlights:

මම කළුවර තැනකට ගොස් ගෝනියක වැතිර ගතිමි. ආතා මොහොතකින් මා ළගට විත් ” මෙන්න පුතා මේවා කාපන් ” කියා බෙලෙක් පිඟානක් මට දුන්නේය. මම දෑතින් රැගෙන බැලුවෙමි. කුරක්කන් පිට්ටුත්, මුදවපු කිරිත්, තිබ්බටු මාළුවකුත් එහි විය. ඒ සියල්ල කා දම්මි . පිඟාන සෝදා දමා වතුර ලබ්බකින් පිඟානට වත්කර දිය බී නැවතත් හාංසි වීම්.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
3 Cart
Close

My Cart