Shaakya Publications

Shaakya Publications

Showing all 10 results

Show:
10% DISCOUNTSold Out

ඉරත් තාරකාවක්

Highlights:

යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ”ඔය ප්‍රශ්නෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල..”ඔහුගේ හඬේහි වූයේ වෙනස්ම රිද්මයකි. ”ඇයි සර් එහෙම කියන්නේ. කොච්චර චූටි ප්‍රශ්නයක් ද මං ඇහුවේ.”යසිරුගේ මුවින් ගිලිහුනේ දිගු සුසුමකි. වචනවලට පෙරළිය නොහැකි හැඟීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණ.

රු1,125.00
10% DISCOUNTSold Out

ක්ෂේම භූමි

Highlights:

වීරවර්ධන මහතා අභිමාන් දෙස බැලූවේ තරවටු දෑසිනි.

එහි වුයේ, උතුරා යන පීතෘ සෙනෙහසකි.

“සර්..මිස් මං ගැන ම  වද වෙනකොට…….”

‘කොහෙද මිස්ලා ඉන්නෙ…? නෑකම් වරද්ද ගත්ත එකෙන්

තමයි මේ කතාවට අවුරුදු තුනක් ඇදිලා ගියේ..’

සසිත්යා සේ ම  අභිමාන් ද වීරවර්ධන මහතා දෙස

බලා සිටියේ විස්මයෙනි.

රු468.00
10% DISCOUNTSold Out

සිඳු රළ ගීතේ

Highlights:

“ඔව් එයාල ළඟ අඩු තරමෙ නිදාගන්නකොට පොරවා ගන්න තරම් දෙයක් තිබුණෙ නෑ.. එයාලා මෙහෙ ඇවිත් තියෙන්නෙ වැඩ කරන්න.. කෙනෙක් රටකින් රටකට එන්නේ වඩා හොඳ ජිවිතයක් හොයාගෙන.. කොහොම හරි.. ඒ දෙන්නා දැන් අපේ උඩ තට්ටුවට වෙලා හොඳින් ජීවත් වෙනවා.. මෙහෙ නවාතැන් ගන්න ආව හැමෝටම වඩා හොඳ ජීවිතයක් ගෙවනවා..”

“ඔව්..ඒ බව පේනවා..”

ඊට මාස ගණනාවකට පෙර හිඳ කපා දැමිය යුතුයැයි විවියන් මැසිවිලි නගමින් උන් ගසක විශාල අත්තක් ඔසවාගෙන යන තෝමස් දෙස බලමින් ඇනා පැවසුවා ය.

“මේ ගෙදර උඩ තට්ටුවේ වැඩ ටික කරගන්න රෙබෙකාත් මට උදව් කරනවා.. එයාලා දවසක යනවා දකින එක මට දුකක් වෙයි.. මේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා.. මට විතරක් මේ ගෙදර හොඳට ම ලොකු වැඩියි.. ඔයා දන්නවනේ අනිත් අය වටේ ඉන්දැද්දි මං කොයි තරම් සතුටු වෙනවද කියලා..”

“කවදද එයාල ආපහු යන්නේ..?

රු720.00
10% DISCOUNTSold Out

පරිස්සමින් ගිහින් එන්න

Highlights:

සිහිනයක් වී ඇහැට බර වැඩි
ඇවිත් තුන් තිස් පැයේ වද දී
යද්දි නොකියම දුකයි මතකය
නොවුණි අමතක තවම තැවෙමි
නැතත් අද නුඹ එයි ද හෙටවත්
තව ම මග බල බලා හිඳිමි
එන්න ඇවිදින් යන්න මගෙ ළඟ
ඉන්න බැරි නම් යන්න හරිමි…

හුඟාක් සුන්දර සිහිනයකි නුඹ
තවත් එක් වාරයක් කියමි
මගේ සිත රැදි පැතුම නුඹමයි
ඒක හින්දම බලන් හිඳිමි
කියා දුන් ජීවිතේ ලස්සන
ටිකෙන් ටික යයි හිතෙන් ගිලිහී
තවත් එකමෙක වරක් ආවොත්
ඉතින් මම හිත හදා ගනිමි…

මලානික ඇස් පියන් පැටලෙයි
වසන්තය සොය සොයා වෙහෙසි
වෙච්චි වරදක් දන්නේ නෑ මං
නුඹත් මුනිවත ර්කී හිනැහී
මගේ හිරු සඳු නුඹයි මා හැර
ගියත් නොපෙනෙන දුරක සැඟවී
කියමි නොකියා බැරිම හින්දම
මගේ සැනසුම ගියා සුන් වි…

රු450.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping