Wapa University Press

Wapa University Press

Showing all 3 results

Show:

සිංහල ජන ගායනා ශෛලි

Highlights:
1865 සිට හියු නෙවිල්‌ වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර්‌ ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන්‌ අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස්‌ කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්‌, ඒ ඇසුරින්‌ නිර්මාණ කරන්ටත්‌ උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන්‌ කිහිපදෙනකු පමණි. සමන්‌ පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත්‌ බොහෝ දුර ගමන්‌ කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක්‌ හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන්‌ පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි’” නමැති මෙම කෘතියෙන්‌ සිංහල ජන සංගීත ක්‍ෂේත්‍රය මත ප්‍රබල ආලෝක ධාරාවක්‌ පතිත වන බව අපගේ විශ්වාසය යි.

මෙලන් කොලියාව

Highlights:
“අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපට අහිමි වුණොත් ඒ අහිමිවීමේ
වේදනාව දරා ගන්න අමාරුයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට හිතනවා
එයා අප ළග දැවටෙමින් ඉන්නවා කියල. අපා ළග හොල්මන් කරමින්
ඉන්නවා කියල. ඒ නිසා ගොඩක් අය කියනවා “එයා මැරුණට මැරිලා
නැහැ. අප ළග ඉන්නවා වගේ දැනෙනවා” කියල. හැබැයි අපට
සාමානය ජීවිතයක් ගතකරන්න බැහැ අර මැරුණ කෙනා අප
ළග ඉන්නවා කියල හිතුවොත්. ඒ නිසා අපට ඒ මියගිය ප්‍රාණකාරයා
අත් හරින්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් හොයා ගන්න වෙනවා.
වෙනත් ආදර වස්තුවක් කරා විප්‍රදේශගත වෙන්න වෙනවා.

හැබැයි එහෙම වෙනත් ආදර වස්තුවක් සොයා යන්නේ නැතුව ඒ පරණ
ආදරය මත්තෙම මැරෙන අයත් ඉන්නවා.එයාලගේ අහම පිළිගන්නේ
නැහැ ඒ ආදර වස්තුව නැති උණා කියල.එයාල සයිකෝටික විදියට
නැතිවු වස්තුව තවම තියනවා කියන මෝහනයේ පැටලෙනවා. අර අහිමි
වූ කෙනා නැවත ඇවිල්ලා අප කොහේට ද යා යුත්තේ. කුමක්ද කළ
යුත්තේ කියල අවවාද කරනකම්. මග පෙන්වනකම් බලාන ඉන්නවා.
මේක ඉමක් කොනක් නොපෙනෙන බලා සිටීමක්..
හැබැයි එහෙම බලන් ඉන්න අයට තමයි ආශ්චර්‍යයන්
පෙනෙන්න ගන්නෙත්…”

යක්කඩුවේ යති සලකුණ

Highlights:

“යක්කඩුවේ හිමියන්ගේ ජීවිතය අමුතුම පිළිවෙළේ, ඒ හාමුදුරුවන්ට ම ආවේණික වූ ජීවිතයකි. එය අන්‍යයන් විසින් අනුගමනය කළ හැකි හෝ කළ යුතු පිළිවෙලක් නොවේ. උන්වහන්සේ මුළු රාත්‍රිය ම වගේ වැඩ කරති. අලුයම් කාලයේ නින්දට ගොස් දවල් දානයට කල් ඇති ව අවදි වෙති. දවල් දානයෙන් පසු නැවතත් නොනවත්වා ම රෑ තුන හතර වන තුරු, ඉගෙනීම, ඉගැන්වීම, පාලන සංවිධාන ආදි අනේකප්‍රකාර වැඩවල වෙදෙති. කෙස් රැවුලු බාන්නේත් නොබාම බැරි තරමට දික්වූ විට පමණි. බාහිර පෙනුම ගැන කිසි හැඟීමක් හෝ සැලකිල්ලක් නැත. ලෝකයේ නොයෙක් රටවල නොයෙක් තරාතිරම්වල අය දකින්නට ආශ්‍රය කරන්ට ලැබුණ නමුත්, මෙබඳු පුද්ගලයෙක් නම් හමු වී නැත.”

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping