මුන්නක්කරේ සංසාරේ
සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය.
වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වින, මෙහොතකින් විදුලි කොටන්නට විය.
ඉක්බිති ඇද හුලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.
පැරිස් වලාකුළු
කුම්බට්ටි මැෂිමකින් සිහින ඇද හැලෙමින් තිබේ.අකන්ද ව ඇද හැලෙමින් ඒ සිහින සබන් , බුබුළු මෙන් අවකාශයේ පවෙයි.පාවී පාවී,විස ර් යන සිහින සුළගෙහි පැටලෙයි . සියල්ල,කුරුම්බැට්ටි මැෂිමෙන් නික්ම එන රාවයට අවනත ය; අනුකුල ය. සවනට,මූදන්ගයකින් නැගී නිනද නගන උදම් රල මෙනි. සැහැල්ලුව විසිරි යන ඇතැම් අනවසර සිහිනයක් දෙකක් ඇත අහසේ දී පැරිස් වලකුලකට යවෙයි. අන් සියලු බුබුළු එක්කෝ ඇස් දිෂ්ටිමනයේ අතුරුදාහන්ව සගවෙයි . නතහොත් අතරමගක දී බිදි වියකෙයි .
තිදෙනා
ගොර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දීල වන අසහනයක් මැනවින් චිත්‍රණය කරන්නකි . මෙහි එන චාරිත ත්‍රිත්වය හරහා ගෝර්කි එකල රුසියාවේ ග්‍රාමීය හා නාගරික දිවිය පිඩිත මිනිසුන්ගේ පාර්ශවය අප හමුවට ගෙන එයි. කසල එකතු කරන්නන්, පදික වෙලේ ඉතා මැනවින් නිරුපිතය. දිවියේ පත්ලෙන්ම පැමිණ ලෝක පුජිත නිමනකරුවෙකු බවට පත්වීම දක්වා ආ ගමනේදී එක්රැස් කරගත් අත්දැකීම් ඇසුරින් ගෝර්කි මානව වර්ගයා වෙත හෙලන බැල්ම එදාට මෙන්ම අදටත් එක සේ වලංගුය.