Martin Wickramasinghe

Martin Wickramasinghe

Showing all 39 results

Show:
10% DISCOUNTSold Out

Yuganthaya ( Destiny )

Highlights:

The search for roots is the central theme in Martin Wickramasinghe’s writings on the culture and life of the people of Sri Lanka. He imaginatively explored and applied modern knowledge in natural and social sciences, literature, linguistics, the arts, philosophy, education, and Buddhism and comparative religion to reach beyond the superficial emotionalism of vulgar nationalism, and guide us to the enduring roots of our common national identity that exists in the folklife and folk culture of Sri Lanka…

Martin Wickramasinghe’s vision was primarily nurtured in the tolerant, humane, realistic attitude to life traditional to Buddhist folk culture. He valued the intellectual freedom and independence inspired by the Buddha’s ‘Kalama Sutta’ which he saw as a tradition to question tradition, not unlike the Western scientific attitude. Through his writings, he consistently opposed dogmatism, casuistry, elitism, and oppression in any form, be it cultural, religious, political or social.

His works have been translated and published in English, Hindi, Tamil, Russian, Chinese, Romanian, Dutch, German, French and Japanese languages.

රු382.50
10% DISCOUNT

සාහිත්‍යෝදය කථා

Highlights:

සිංහල සාහිත්‍ය අරභයා ලියැවුණ මුල්ම ප්‍රාමාණික විචාර ග්‍රන්ථය වන සිංහල සාහිත්‍යයේ නැඟීම (1945) බිහිවීමට වසර දහතුනකට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියා පළ කරන ලද සාහිත්‍යෝදය කථා නමැති මෙම ග්‍රන්ථය අපේ සාහිත්‍ය වංශය පිළිබඳව බිහිවුණ පළමුවන ග්‍රන්ථය යි.

ක්‍රි:පූ: 543 සිට මහනුවර මාතර අවධීන් දක්වා ප්‍රචලිත සාහිත්‍ය සම්ප්‍රදාය යුග වශයෙන් වෙන් කොට දක්වන වික්‍රමසිංහ ඒ එක් එක් යුගයන්හි බිහි වූ වැදගත් ග්‍රන්ථ හා සාහිත්‍ය දෘෂ්ටීන්හි කැපී පෙනෙන ලක්ෂණ සාහිත්‍යෝදය කථාවෙහි ලා විග්‍රහ කොට ඇත.

සිංහල සාහිත්‍ය ඉතිහාසය හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම ගුරු භවතුන්ටත් මෙය ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.

රු180.00
10% DISCOUNT

සිංහල සාහිත්‍යයේ නැගීම

Highlights:

“1945 පළ කරන ලද සිංහල සාහිත්‍යයේ නැඟීම සියවස් ගණනක් පැරණි සිංහල සාහිත්‍යය දෙස 21 වන සියවසෙහි විසූ ප්‍රාඥයෙකු හෙළන අවලෝකනයක් මෙන්ම එවන්නෙකු සිය මුළු අතීතය දෙසට ම හෙළන අවලෝකනයක් ලෙස ද හැඳින්වීම නිවැරදි ය. මෙහි දී වික්‍රමසිංහ සියවස් ගණනක් පැරණි සිංහල සාහිත්‍යය දෙස බලන්නේ ඒ සියවස් ගණන තුළ අඛණ්ඩව ගලා ආ ජාතික අධ්‍යාත්මය නොසිඳී පැවතෙමින් ආ සිංහල ලකුණ කුමක් දැයි වටහා ගනු පිණිස ය. මේ කාර්යය සඳහා සිංහල සාහිත්‍යය උපයෝගී කර ගැනීම, ප්‍රාඥයෙකු වශයෙන් වික්‍රමසිංහ සතු අන්තර් ඥානය විදහා දක්වන්නකි.”

– ගුණදාස අමරසේකර

රු990.00
10% DISCOUNT

විද්‍යා විනෝද කථා කුරුමිණි සත්තු

Highlights:

මිදුල්වලත් ගෙවලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා, කුරුමිණියා, කුඹල් මැස්සා, මකුළුවා, කැරපොත්තා සහ ගස් කුරුමිණියා යන කුඩා සතුන්ගේ ස්වාභාව, ගති, පැවතුම්, ආහාර සහ පැටවුන් ගැන තොරතුරු මෙම පොතට ඇතුළත් වේ.

රු90.00
10% DISCOUNT

කලියුගය – Kaliyugaya

Highlights:

“Come Nalika, I am going to read Alan’s letter in Sinhala. Come, listen” said Tissa to Nalika as the she entered the drawing room.
“I don’t want to listen to Uncle Tissa’s sarcastic comments,” giggled Nalika.
“Alan sent the letter to me. Why do you ask Nalika to listen to it?” questioned Nanda.
“I have no intention of listening to Alan Aiya’s letter, mummy,” said Nalika, with a mischievous smile directed at Tissa.

රු877.50
10% DISCOUNT

දැනුම හා දැකුම

Highlights:

දමිළ ජනතාවගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් සිංහලයෝ ද සිංහලයින්ගේ ඇතැම් ඇබ්බැහිකම් දමිළ ජනතාව ද නරක සිරිත් ලෙස සලකති. බෞද්ධයින්ගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් කිතුණු ජනතාව ද කිතුණු ජනතාවගේ ඇතැම් සංස්කෘතික ඇබ්බැහිකම් බෞද්ධයෝ ද දුසිරිත් ලෙස සලකති. අප එකිනෙකා කුලල් කා ගැනීමට එළවන මේ නිසරු මිනුම් ඉවත දැමිය යුතුය. සංස්කෘතික ඇබ්බැහිකම් විසින් වෙනස් වූවද අප සියලු දෙනාටම අසහනයෙන් තොරව එකම ජාතියක් ලෙස ජීවත් විය හැකි මඟක් ඇත.

ඒ මඟ අනිකක් නොව ලංකාවේ වටපිටාවත් සිංහලයන්ගේ සංස්කෘතික පරිසරයත් සුහද සිරිත් උගැන්මයි. ඒ උගැන්ම ලබන අපගේ අදහස් ලංකාව නොව ලොව ද වැසිය හැකි තරම් පළල් වෙයි.

රු247.50
10% DISCOUNTSold Out

අපේ විත්ති

Highlights:

සිංහල සාහිත්‍යයේ වර්තමාන අවධියක ගැන ලියවෙන කලක වික්‍රමසිංහ යන නම සම්භාවනීය ස්ථානයක් ගන්නා බව කිවමනා නොවේ.අපරදිග සාහිත්‍යය ආශ්‍රය කරමින් අප අතර පෙර නොවු නානාවිධ සාහිත්‍යාංගයන් සිංහලයට ඇතුළත් කොට අප සාහිත්‍යයේ නවෝදය සැලැස්වූවන්ගේ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ කෙනෙකි.වික්‍රමසිංහ විසින් රචිත නවකතා ද විචාරපුර්ණ ලිපි ද, දෘෂ්‍ය කාව්‍ය ද, දාර්ශනික නිබන්ධ ද කෙටිකතා ද ඔහුගේ නිර්මාණ ශක්තියේ විවිධත්වය ප්‍රකාශ කරත්.

රු207.00
10% DISCOUNTSold Out

ගුත්තිල ගීතය – ගුත්තිල කාව්‍ය විචාරය

Highlights:

කෙළිමින් තැන තැන                   ලන්දූ
දෙනමෙන් කන අම                     බින්දූ
කියමින් සොඳ ගී                            සින්දු
ඇසුවත් සිත දුක්                             සින්දූ

රු180.00
10% DISCOUNTSold Out

දඬුමොණරය

Highlights:

ලොකු පුදුමයකි! පිපුණු මල මැද්දේ මාපට ඇඟිල්ල උරමින් සිටි ඉතා ශෝභන කුමාරියකි! කුඩා දරුවෙකු දුටු කෙනෙකුන් තුළ ඒ දරුවාට ආදරයක් හට ගැනීම සිරිතකි. ඇඟිල්ල උර උරා බොන කුමරිය දුටු හැටියේ තාපසයා තුළත් ඈට ලොකු ආදරයක් හට ගත්තේය. ඔහු කවමින් පොවමින් නාවමින් කුමාරිය ඇති දැඩි කළේය. මේ කුමාරිකාව වැඩි වයසට පැමිණි කල සුරංගනාවක් පරදවන තරම් ශෝභන වී ය.

රු157.50
10% DISCOUNT

උපන් දා සිට බාල විය.

Highlights:

මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේදී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය, බාලවිය, තරුණ විය, මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කරන ලද්දේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ලේඛන ජීවිතයට පසුබිම් වූ පරිසරය හා ක්‍රියාකාරකම් හැදෑරීමේ දී, දරුවන්ට පමණක් නොව, වැඩිහිටියන්ට ද මෙම පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

රු360.00
10% DISCOUNTSold Out

උන්මාද චිත්‍රා

Highlights:

“සොඳුර, නුඹ මා රවටන්ට හදනවාදැ”යි තම ප්‍රියාවගේ වචන නොඇදහු කුමාරයා විචාළේ ය. “ඇතුන් ලවා පාගා මැරවූ මාගේ පුත්‍රයා ජීවත්ව සිටින බව මම කෙසේ අදහම්ද? ඒ සියල්ල දන්නා මා රවටන්ට උත්සාහ කරන්නේ කුමක් නිසාද?”

රු157.50
10% DISCOUNT

උපන් දා සිට

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
රු877.50
10% DISCOUNT

කතා අහුර

Highlights:

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන ‘කතා අහුර’ සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්‌’ ග්‍රන්ථයේ පටන්‌ තිස්‌ වසරක්‌ තුළ වික්‍රමසිංහයන්‌ අතින්‌ ලියැවුණු කතා දහනවයක්‌ මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල්‌ දූව. අපේ ගම, රෝහිණී යන ග්‍රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක්‌ ද එක්‌ වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින්‌ අනූන ය. ‘කතා අහුර’ සංග්‍රහ කළ ලාල්‌ ප්‍රේමනාත්‌ ද මැල්‌ මහතා විසින්‌ වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත්‌ ය.

රු495.00
10% DISCOUNT

බිල්ල සහ අපූරු මුහුණ

Highlights:

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි , විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කිය හැකිය.

රු247.50
10% DISCOUNTSold Out

හඳ සාක්කි කීම

Highlights:

1946 මාර්ටින් වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්‍රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්‍රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා,  තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්‍යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.

රු135.00
10% DISCOUNT

පව්කාරයාට ගල් ගැසීම

Highlights:

1936 දී පළවූ මාර්ටින්‌ වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල්‌ ගැසීම” වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක්‌ මෙහි චිවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන්‌ පූණී ය. තමා ආරුඪ කර ගත්‌ තවුස්‌ වෙස නිසා යම්‌ යම්‌ අවස්ථාවන්‌ පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන්‌ දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.

රු450.00
10% DISCOUNT

වහල්ලු

Highlights:

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණයයි. ‘කෙටිකතාව’ යන ශීර්ෂය යටතේ ලියවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටිකතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබාගත හැකි බැවිනි. ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි. මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි හැඟේ.

රු450.00
10% DISCOUNT

ගැහැනියක් සහ තවත් කෙටි කතා

Highlights:

ගැහැනියක්‌ කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඬු දුන්‌ අත්දැකීමි පිළිබඳව මාර්ටින්‌ වික්‍රමසිංහයන්‌ සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක්‌ මේය. “මගේ ගැහැනියක්‌ කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම්‌ කිහිපයකි. එතෙක්‌ අනික්‌ එකම පොතකුදු ලිවීමෙන්‌ නොලත්‌ සන්තෝෂයක්‌ මම ගැහැනියක්‌ පොතේ කෙටිකතා ලිවීමෙන්‌ ලැබීමි. මා එතෙක්‌ ලියූ කතාවලින්‌ හොඳම කතා ගැහැනියක්‌ පොතේ කතා ය.”

රු202.50
10% DISCOUNT

ගම්පෙරළිය

Highlights:

ගම්පෙරළිය විවිධ මට්ටමි වලින්‌ රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්‍ෂණ ගැබ්වුණු උසස්‌ ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරන්‌ සංවිධානාත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන්‌ ගත්‌ පළමු උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස්‌ කලා කෘතියක්‌ බවට පත්වූවා පමණක්‌ නොව, සිංහල නවකතාව එතෙක්‌ පැවති අසංස්කෘතික මට්ටමෙන්‌ ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින්‌ පමණක්‌ නොව නවකතා ශිල්පය අතින්‌ ද සිංහල නවකතාවේ වැදගත්‌ සන්ධිස්ථානයක්‌ ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.

රු810.00
10% DISCOUNTSold Out

බව තරණය

Highlights:

සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරීසි භාෂාවලින් ලියූ බව බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරින් ලියා තිබීම ආශ්චර්යජනකය. බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ට පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසු ය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම් වල තත්ත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදුරදුන් ඇති කළ සමාජ පෙරළියත් එකවර මේ පොත කියවන්නකුට උගත හැකිය.

රු382.50
10% DISCOUNT

යුගාන්තය

Highlights:

අපේ උසස්‌ සමාජයේ ජීවිතය චිත්‍රපටයකින්‌ මෙන්‌ වික්‍රමසිංහ මහතා යුගාන්නයෙන්‌ පිළිබිඹු කරයි. ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත්‌ අසන්ට හා දකින්ට ලැබෙන සිදුවීම්‌ වස්තු කොට ගෙනය. ඒ සිද්ධීන්‌ සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන්‌ය. එහෙත් කර්තෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන්‌ කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යයක්‌ හා අපූර්ව රසයක්‌ ඇති චමන්කාර ජනක කථාන්නරයකි.

රු810.00
10% DISCOUNT

විරාගය

Highlights:

ඇතුළු හදටම අරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වීය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වූයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බනීට දුරින් සිට ඔහු ආලය කෙළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය. අරවින්ද තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපොච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි. විරාගය ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි. 1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන්‌ බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ හා ජපන්‌ භාෂා වලින්‌ ද පළ වී ඇත.

රු765.00
10% DISCOUNT

කලියුගය

Highlights:

ග්‍රාමීය ජීවිතයත්‌ ඉංගිරිසි අනුකාරක වෙස්‌ ගත්‌ නාගරික ජීවිතයත්‌ සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත පීවිතයත්‌ යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි. කලියුගය. අනුලා, පියල්‌, නන්දා, ඇලන්‌ යන චරිතයන්‌ මගින්‌ සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.

රු810.00
10% DISCOUNT

කරුවල ගෙදර

Highlights:

කරුවල ගෙදර දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතු හාමි ගේ චරිතයත් කොග්ගල පිළිබඳව සියුම් විස්තරයත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තුළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේ දී බොහෝ සිංහල නවකතා වල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. රතු හාමිගේ’ චරිතය මහා ප්‍රතිභාවයෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.

රු472.50
10% DISCOUNT

මිරිඟුව

Highlights:

මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකථා කිහිපයෙන්‌ වඩාම හොඳ නිර්මාණය මිරිඟුවයි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක්‌ වීය. කුරැඳුවත්තේ උසස්‌ පවුලක ඉතාම උගත්‌ විචක්‍ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස්‌ පදිංචි වීම හා ඇගේ පීවිතය ද පිළිබඳ තොරතුරැ රාශියක්‌ දැනගන්ට ලැබීම එයින්‌ එක්‌ අරමුණයි. මේ සිද්ධියට අවුරැදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන්‌ ලත්‌ අත්දැකීම මගේ කල්පනාව පිබිදු අනික්‌ අරමුණයි. ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින්‌ ඔවුන්ගේ පීවිත විගඩමක්‌ ලෙස මම නිරෑපණය නොකෙළෙමි. ඔවුන්ගේ උසස්‌ උදාර ගති මෙන්‌ මෝඩකම් හා දුබලකම් ද ඔවුන්ගේ චරිතයන්ගෙන්‌ හෙළි කරන්ට වෑයම් කෙළෙමි.

රු270.00
10% DISCOUNT

සෝමා

Highlights:

මාර්ටින්‌ වික්‍රමසිංහ විසින්‌ ලියන ලද දෙවැනි නවකථාවයි. සෝමා ලියන ලද්දේ පළමු නවකථාව වන ලීලා රචනා කොට අවුරැදු අටකට පසුව එනම්‌ 1922 දීය. චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින්‌ සෝමා, සමකාලීන කතා කලාවට නෑකම්‌ කියයි. එසේ වුව ද 20 වැනි සියවසේ මුල්‌ භාගයේ සමාජය, ජීවිතය හා චාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස්වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.

රු405.00
10% DISCOUNT

ලීලා

Highlights:

ලීලා නවකතාවට පසුබිම්‌ වී ඇත්තේ විචාරයෙන්‌ තොරව බටහිර පමණක්‌ නොව පෙරදිග ද පාරම්පරික අදහස්‌ හා සිරිත්‌ විරිත්‌ අනුකරණය කිරීමයි. නවකතාවේ අදහස්‌ ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත්‌ ඒ පිළිබඳව කෙරෙන විවේචනයන්‌ අදට ද වලංගු වේ. ලීලා කොතෙක්‌ දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක්‌ කළ හැකි ද යන්න විමසීමේදී එය වැදගත්‌ වේ. පැරණි සාහිත්‍යය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින්‌ වික්‍රමසිංහ විසිනි.

රු360.00
10% DISCOUNT

අයිරාංගිනි

Highlights:

මාර්ටින්‌ වික්‍රමසිංහ විසින්‌ ලියූ තුන්වැනි නවකථාව වන අයිරාංගිනී 1923 දී පළවිය. සමකාලීන නවකථාවල පිළිබිඹු වූ ඒකාකාර දෘෂ්ටියෙන්‌ තරමක්‌ මිදී ඇති මේ නවකතාව බේදවාචකයකින්‌ අවසන්‌ වෙයි. 20 වැනි සියවසේ මුල්‌ භාගයේ ශ්‍රී ලාංකික සමාජ සිරිත්‌ විරිත්‌ හා මනුෂ්‍ය ස්වභාවයන්හි පිළිබිඹුවක්‌ මේ නවකථාව තුළ දැක්ක හැකිය.

රු225.00
10% DISCOUNT

රෝහිණී

Highlights:

පාසල්‌ කියවීම්‌ පොතක්‌ වශයෙන්‌ ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන්‌ විසින්‌ සම්භාවිත රෝහිණී නවකථාව පළමුවරට මුද්‍රණය වූයේ 1929 දිය. එවක පටන්‌ සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින්‌ ජනප්‍රිය වූ රෝහිණී, දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකමි ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත්‌ සිංහලයෙන්‌ ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක්‌ හැටියටත්‌ සැලකේ.

රු450.00
10% DISCOUNTSold Out

ශීතා

Highlights:

1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකථාව ද ඔහුගේ පළමු නවකථා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිඹිබු කෙරෙන අද්භූත කතා සම්ප්‍රදායට අයත් වූවකි. එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකථාව තුළ ඇත. වස්තු වින්‍යාසයේ වුවද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි. තම නොපැසුණු අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකතාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි.

රු247.50
10% DISCOUNT

අපේ ගම

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

දකුණු පළානේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම්‌ පැතුම්‌ වස්තු කොට ගත්‌ අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම්‌ විසින්‌ ගස් කොළන්‌, ඇල දොල, ගංගා හා ගැමියන්‌ ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන්‌ නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන්‌ ළමා පාඨකයන්‌ අතර බෙහෙවින්‌ ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.

රු405.00
10% DISCOUNTSold Out

මඩොල් දූව

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

අඩ සියවසකට අධික කාලයක්‌ මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත්‌ මඩොල්‌ දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත්‌ සැකැස්මකින්‌ හා නව සිත්තම්වලින්‌ සැරසී තිබේ. ශ්‍රී ලංකාවේ පමණක්‌ පිටපත්‌ දශ ලක්ෂයකට වැඩියෙන්‌ අලෙවි වී ඇති මඩොල්‌ දූව, මෙරට සිංහල හා දෙමළ දරුවන්‌ වැඩිපුරම කියවන පොත ලෙස සැලැකේ. රුසියන්‌, රුමේනියන්‌, චීන, බල්ගේරියන්‌, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන්‌ ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල්‌ දූව, එම රටවල ද බෙහෙවින්‌ ජනප්‍රිය නවකථාවකි.

රු427.50
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping